The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේක නම් බොරු පොරොන්දුවක්ම වේවා ! | Janath C perera

T

The Leader Desk

April 1, 2025 • 6:29 AM

මේක නම් බොරු පොරොන්දුවක්ම වේවා ! | Janath C perera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ රාජ්‍ය සේවක ප්‍රජාව ලක්ෂ 14කට ආසන්නයි.
  • මේ ලක්ෂ 14 අතුරෙන් රටේ ජනතාවගේ ආදරය දිනාගත් පිරිසක් ඉන්නවා නම් ඒ ඉතාම අතළොස්සක් පමණයි.
  • රාජ්‍ය සේවාව තුළ මිලියන 1.4 කට එහා පිරිසක් නඩත්තු කරන්න වෙලා තියෙන්නෙ බදු ගෙවන පොදු මහජනතාවට.
  • මේ ආණ්ඩුව පත්වීමට පෙර සදහන් කළේ රජයෙන් එළියේ ආර්ථිකයක් නිර්මාණය කර රාජ්‍ය සේවාවේ අනවශ්‍ය ඔළුගෙඩි ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරමින් රාජ්‍ය පරිපාලනය හා සේවාව නව ලෝකයට සරිලන ලෙස යාවත්කාලීන සහ ඩිජිටල් සැකැස්මකට හදනවා කියලා .
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලංකාවේ රාජ්‍ය සේවක ප්‍රජාව ලක්ෂ 14කට ආසන්නයි. මේ ලක්ෂ 14 අතුරෙන් රටේ ජනතාවගේ ආදරය දිනාගත් පිරිසක් ඉන්නවා නම් ඒ ඉතාම අතළොස්සක් පමණයි.

 

ඒ, රාජ්‍ය සේවක ප්‍රජාව විසින් ඉටු කරනු ලබන සේවාව පිළිබඳ රටේ ජනතාව තෘප්තිමත් භාවයකට පත්වී නොමැති බැවිනි.

ඒබඳු තත්ත්වයක් තුළ රාජ්‍ය සේවක ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම කෙතරම් දුරට ඵලදායික වේ ද යන්න පිළිබඳව විමසිලිමත් වන විට ඒය කෙතරම් අපහසු කටයුත්තක් ද යන්න පැහැදිලි ය.

මතු දැක්වෙන්නේ ඒම කරුණ අළලා Janath Perera සිය Facebook පිටුවෙහි සටහනකි.  

රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ හැකි ද...?

WhatsApp Image 2025 04 01 at 5.35.29 AM
රටක රාජ්‍ය සේවය එම රටේ ආර්ථිකයට බරක් නොවිය යුතු යි. නමුත් ලංකාවේ එහෙම නෑ. රාජ්‍ය සේවාව තුළ මිලියන 1.4 කට එහා පිරිසක් නඩත්තු කරන්න වෙලා තියෙන්නෙ බදු ගෙවන පොදු මහජනතාවට. (සමහරක් අයියෝ කමක් නෑ අපිනෙ ගෙවන්නේ) එහෙම නඩත්තු කලාට කමක් නෑ. ඒකෙන් ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් ලැබෙනව නම් ? ( සේවය බලාගන්න පුළුවන් AG office එකට ගියාම - සමහරු කියන්නෙ එහෙම)

රටක දියුණුවකට අත්‍යවශ්‍ය ම දෙයක් තමා ඒ රටේ රාජ්‍ය අංශයේ කාර්යක්ශමතාවය පෞද්ගලික අංශයට ඉටු කළ නොහැකි යටිතල පහසුකම් වර්ධනය හා ආර්ථික දිශානතිය සකස් කිරීම පසෙකලා ලංකාවේ රජය හුදෙක් job bank එකක් වීම කණගාටුවට කරුණක්.

මේ ආණ්ඩුව පත්වීමට පෙර සදහන් කළේ රජයෙන් එළියේ ආර්ථිකයක් නිර්මාණය කර රාජ්‍ය සේවාවේ අනවශ්‍ය ඔළුගෙඩි ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරමින් රාජ්‍ය පරිපාලනය හා සේවාව නව ලෝකයට සරිලන ලෙස යාවත්කාලීන සහ ඩිජිටල් සැකැස්මකට හදනවා කියලා . “දැන් වෙන්නේ නංගි පෙන්නලා අක්කා දෙන සීන් එකක්ද ?”

 

 

2025 අය වැය වෙන් කිරීම්වලට අනුව සමස්ථ රාජ්‍ය වැටුප් සහ දීමනා සදහා රු බිලියන 1,230 මුදලක් වෙන් කිරීමට සිදු වුණා. 2025 සමස්ථ ආදායම් බදුවලින් රජය උපයාගැනීම බලාපොරොත්තු වන්නෙ රු බිලියන 1,167 ක් පමණයි. ඉතින් තව තවත් රාජ්‍ය සේවාවට බඳවාගෙන ඔළු ගෙඩි වැඩි කරගන්නවා කියන්නේ මේ වගේ තව තව බදු හොය හොයා ගහන්න වෙනවා කියන එකයි. මොකද දැන් රජයට සෘජු ලෙස මුදල් අච්චු ගහලා වෙළදපළට දාන්නත් බෑ; ජාත්‍යන්තර ණය වෙළදපළෙන් ණය ගන්නත් බෑ. අපේ කෑම ටිකට සේවා ටිකට භාණ්ඩ ටිකට ගහන බදු ටික වැඩි කරලා තමා මේ ඇරියස් එක හොයන්න යන්නේ. ඒ කෙන් වෙන්නේ බදු ගෙවන්න කැමති අයත් තව තව අධෛර්යයට පත් වෙන එක බදු දැලෙන් රිංගන්න විවිධ නීතියේ හිල් හොයන එක, බදු වංචා සිදු වෙන එක, බදු පරිපාලනයේ ඇතුළෙ ම දූෂණ වංචා සිදු වෙන එක.

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අශ්වයාට පෙර කරත්තය ඉදිරියට දැමීම - ජෙහාන්  පෙරේරා

 

ඡන්දෙ කාලෙට වේදිකා උඩ කෑමොර දීලා දෙන මේ වගේ පොරොන්දු නම් සැබවීම බොරු පොරොන්දු වෙන්න ඕනේ. නැතිනම් අපිට වෙන්න හම්බ කරන හැම සතේ ම බදු ගෙවන්න දිය කරලා දාන්න. සෘජු බදු වගේම ආහාර හා සේවා මත වදින වක්‍ර බදු වැඩි උනොත් වෙන්නේ සමස්ථ බඩු මිලට ම නරක ලෙස බලපාලා බඩු මිල සීඝ්‍ර ලෙස ඉහළ යන එක එහෙම වුනොත් නැවත වටයකින් පඩි වැඩි කරන්නත් එනවා එන උද්ඝෝෂණ රැල්ල පාලනයට අපාහු ඒවලට සල්ලි හොයාගන්නත් තව තව බදු ගහන්න වෙනවා මේක යන්නේ අන්ත විශ්‍රම චක්‍රයකට.

කියන්නා කොච්චර රස කර කර කිව්වත් අසන්නා සිහිබුද්දියෙන් යුතුව ඇසිය යුතුයි . රාජයේ රැකියා 30,000ක් දෙනවා කිව්වම හයියෙන් අප්පුඩි ගැහැව්වට කමක් නෑ... ඔය රස්සා දෙන්න, ඒවා නඩත්තු කරන්න වැය වෙන මුදල අපෙන්ම  තමා අල්ලන්නේ කියලා මතක තියා ගන්න.

මේ යන්නේ කොයි පාරේ ද ? මෙවැනි රාජ්‍ය වැය වැඩි කරගනිමින් යෑමට IMF කොන්දේසිවලට එකඟ ද? මෙයින් අයවැය පරතරයට මොකක් වෙයි ද? දැනටත් 2025 ඇස්තුමෙන්තු අයවැය පරතරය රු බිලියන 2,200ක් වෙනවා. මේ පරතරය අඩු කරගන්න ආණ්ඩුවේ සාධනීය ප්‍රවේශ පිළිබඳව අපි අවධානයෙන් යුතුව බලං ඉන්නවා.

 

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)
රජය එන්න එන්න විශාල වෙනවා කියන්නෙ ම මහජතාවගේ නිදහස සහ අවස්ථා එන්න එන්න අඩුවෙනවා කියන එක. කළ යුත්තේ රජය ක්‍රමයෙන් කුඩා කරමින් එයින් පිටත ඇති ආර්ථිකය විශාල පළල් නිදහස් හා දියුණු ආර්ථිකයක් කිරීම යි. ඡන්ද දිහා බලාගෙන කරන කතා වෙළදපළ වගේම ආයෝජකයන්ගේ විශ්වාසය ද එහෙට මෙහෙට වෙන්න බලපාන්න පුළුවන්. වෙළදපළ නිදහසක් නැති හැමදේටම ඇඟිලි ගහන ආකාර්යශමවත් අතිවිශාල අක්‍රමවත් රජයක් ඉන්න රටකට එන්න කැමති ආයෝජකයෝ එක්කෝ පවතින දූෂිත අකාර්යක්ශම වළල්ලේ සාමාජිකයෙක් හෝ ජාවාරම්කරුවෙක් ම විතරයි.

ගැඹුරු ආර්ථික නිදහස් කරන ප්‍රතිසංස්කරණවලට නොගොස් කවදාවත්ම දියුණු වෙනවා කියලා හිතන්නවත් අමාරුයි. අනාගතය එච්චර සුභදායී සුමට වෙන එකක් නෑ. යුරෝපය දැනටමත් යුදමය තත්ත්ව, ඇතිවිය හැකි ස්වාභාවික ව්‍යසන සහ වසංගත තත්ත්ව හැඩ ගැහෙමින් ලෑස්ති වෙනවා. ඇමරිකාවේ තීරුබදු අසහනය ක්‍රමයෙන් වැඩි වෙමින් තියනවා. කලාපීය වශයෙන් විශාල දේශගුණික විපර්යාසවලට මූණ දීමට සිද්ද වෙනවා ඉතින් මේ වගේ දැවැත්ත ආර්ථික සංවේදී කාරණාවලට අපේ ආර්ථිකය සූදානම් ද?

 

janath| වචන Janath C  perera



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...