The Leader News
BREAKING
Top Ad
Opinion

මේ මහා විනාශයක සේයාවක් ද ? - ආණ්ඩුව එයට සුදානම් ද ? | Janath C Perera

T

The Leader Desk

March 1, 2026 • 7:23 AM

මේ මහා විනාශයක සේයාවක් ද ? - ආණ්ඩුව එයට සුදානම් ද ? | Janath C Perera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකාව හා ඊශ්‍රාලය ඒකාබද්ද ප්‍රහාර මාලාවක් ඉරානයට එල්ල කිරීමත් සමග (28 පෙබරවාරි ) එයට පිළිතුරු ලෙස සමස්ථ මැදපෙරදිග කලාපයම යුද්ධයට ඈදා ගැනිමින් ඉරානය විසින් කටාර්, බහරේනය, කුවේටය, අබුඩාබි සහ සෞදි අරාබියේ රියාද් වල ස්ථාපනය කර ඇති ඇමරිකා හමුදා කදවුරු දැවැන්ත ප්‍රහාර මාලවක් සිදු කොට ඇත.
  • මෙම කලාපය තුළ යුධ උණුසුම ඉහල යෑම ලෝක ආර්ථිකයට සෘජු ලෙස බලපාන අතර ලෝක තෙල් හා ගෑස් මිල ඉහලයෑමක් සිදුවිය හැකි බවට වාර්ථාවේ.
  • මේ අතර රුසියාව විසින් දැඩිව අවධාරනය කරනු ලබන්නේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර මොනම ආකාරයකටත් ප්‍රහාර සිදු නොකල යුතු අතර යම් හෙයකින් එවැනි ප්‍රහාරයක් සිදු වුවහොත් අතිවිශාල හානියක් සිදුවිය හැකි බවයි.
  • වාර්ථාවලට අනුව ඉරානය තුළ පුද්ගලයින් 51 ක් දෙනෙක් මිය ගොස් ඇති අතර 60 දෙනෙකුට අදික ප්‍රමානයක් තුවාල වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සීමාකොට ඇති අතර නාවුක ගමනා ගමනයටද යම් බාදා එල්ලවී ඇත.

මෙම කලාපය තුළ යුධ උණුසුම ඉහල යෑම ලෝක ආර්ථිකයට සෘජු ලෙස බලපාන අතර ලෝක තෙල් හා ගෑස් මිල ඉහලයෑමක් සිදුවිය හැකි බවට වාර්ථාවේ.

al67irn7
මේ අතර රුසියාව විසින් දැඩිව අවධාරනය කරනු ලබන්නේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර මොනම ආකාරයකටත් ප්‍රහාර සිදු නොකල යුතු අතර යම් හෙයකින් එවැනි ප්‍රහාරයක් සිදු වුවහොත් අතිවිශාල හානියක් සිදුවිය හැකි බවයි. වාර්ථාවලට අනුව ඉරානය තුළ පුද්ගලයින් 51 ක් දෙනෙක් මිය ගොස් ඇති අතර 60 දෙනෙකුට අදික ප්‍රමානයක් තුවාල වී ඇත.

මෙම යුධමය තත්වය දිටම පැවතුනහොත් එම නිසා ලොව පුරා ආර්ථිකයන්ට සෘජු හා වක්‍ර බලපෑම් ඇතිවිය හැක. අප වැනි කුඩා රටවලට එය ඉතා ඉක්මනින් බලපානා අතර භාණ්ඩ හා සේවා වල මිල ඉහල යෑම් වාර්ථාවීමට හැක. තෙල් හා ගෑස් මිල ඉහල යෑම, නැව් ගාස්තු ඉහල යෑම හා අපනයනයට සිදු වන බාධා නිසා අපේ ආනයන අපනයන හා බලශක්තී ක්ශේත්‍ර වලට දැඩි බලපෑමක් සිදු වනු ඇත. එමෙන්ම අපගේ සංචාරක කර්මාන්තයේ යම් කොටසක් මෙම කලාපයින් ලැබෙන අතර අපේ විදේශ ප්‍රේශන වලින් වඩා වැඩි පංගුවක් මැදපෙරදිගින් ලැබේ. එම කලාපයේ රටවල යුධ උනුසුම නිසා රැකියා අහිමිවීම් සිදු වුවහොත් අපට ලැබෙන විදේශිය ආදායමට මරු පහරක් එල්ලවනු ඇත.

w4u56

ඉතා හොද දොරටුවක් විවෘත වී ඇත...

කුඩා රාජ්‍යක් ලෙස අපට පේනමානයක හො අතපොවන මානයක නැති අපගේ පාලනයෙන් තොර මෙම තත්වයන් නිසා අපේ ආදායම් වලට හා ආර්ථිකයට එල්ලවෙන  බලපෑම් අවම කරගැනීමට කුමක් කලයුතුද? රජයක් ලෙස ඉතා ගැඹුරින් පුළුල්ව සිතා බැලිය යුතු අවස්ථාවක් උදාවී ඇත. එක අතකින් මෙය අපේ රට ආයෝජනය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට හැරවීමට ඉතා හොද දොරටුවක් විවෘත වී ඇත. අප අපේ සාමකාමීත්වය විශ්වසනීයත්වය හා ස්ථාවර බව අයෝජකයින්ට එත්තු  ගැන්විය යුතුය. කාලාපය තුළි ඉතා හොදි දේශපාලන ස්ථාවරත්වයක් හා සමබර විදේශ ප්‍රතිපත්තියක් ගෙන යෑම අපට මෙම අවස්ථාව ලගාකරගැනීමට බොහෝ උපකාර වනු ඇත.

 

27int afghanistan pakistan 01 fqmj superJumbo
පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය තුළද යුධමය තත්වයක් ඇති වී ඇති අතර ඉන්දියාව සමග දකුනු ආසියානු කලාපයේ බොහෝ රටවල් ඉතා හොද සම්බන්දතාවයක් නොමැත. බංගලිදේශය, නේපාලය හා මාලදිවයින ඉන්දියාවට වඩා අප රට හා සමීප සම්බන්දයක් ඇත අප ඉන්දියාව සම ඉතා හොද සම්බන්දයක් ගොඩනගාගෙන ඇත. මෙය අපිට අපේ ආර්ථිකයට ඉතා සුභදායී ලෙස උපයෝගී කරගත හැක.

වඩා හොද සමබර සබතාවයන් හා සෘජු නිදහස් වෙළද ගිවිසුම් හරහා අප කලාපයේ ආර්ථිකයන්ට ගැට ගැසිය යුතු අතර ඔවුන් අතර ආර්ථික ක්ෂේම භුමිය ලෙස අප පත්විය යුතුය.

එයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හා පරිසරය ඉතා වේගයෙන් සැකසුවහොත් ආයෝජන ගලා ඒම ඉතා පහසු වනු ඇත.

 

himmikam

ඉඩම් අයිතිය, බලශක්ති ක්ශේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කරනයන්, තීරු බදු හා විදේශ වෙළදාම ප්‍රතිපත්ති සංශෝදනය, ව්‍යාපාරවලට පහසු යටිතල පහසුකම් හා පරිසරයක් වැනි කාරනා දෙස වඩා වැඩි අවදානය හා ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි. පවතින රජය සාධනීය ලෙස හරි අතට යම් තීන්දු තීරණ ගනිමින් සිටින බව පෙනෙන්න තියන නමුත් වේගය ඉතා මන්දගාමීය. එය වේගවත් කල යුතුය. එයට අවශ්‍ය ශක්තිය ජනතාවක් ලෙස අපි ලබාදිය යුතුය.

ක්‍රිකට් වලට අත්වී ඇති ඉරණමක් ආර්ථිකයට අත්වීමේ අවධානම ..

image 75d45e4679
මුළු සංරුවාංගෙම දැළිගාගන්න සිදුවෙන ගනුදෙනුවලට පාර කැපෙන බිස්නස් කෙරුවාව නවත්වා එම ශ්‍රමය ධනය හා කාලය රටේ අවශ්‍ය ප්‍රතිසංස්කරණයන්ට සිදු කිරීමට ලබාදිය යුතුයි. මහජන මුදල් කාබාසිනියා කරන රාජ්‍ය ව්‍යාපාර ඇතුලේ සිදුවෙන හොර ගනුදෙනු රජයටත් ආණ්ඩුවටත් ජනතාවටත් රටටත් සිදු කරන්නේ අතිශය විනාශකාරී පාඩුවකි. සුළු පිරිසකට හොරකම් කොට සුඛිත මුදිත ජීවිත ගතකිරීමට අවස්ථාව සැලසීමට තව තවත් රජය ව්‍යාපාර කරමින් ඒවා අනාගනිමින් මහජන බදු මුදල් විනාශ කර දමනවා වෙනුවට අනාගයේ ඇතිවන තත්වයන්ට මුණ දීමට ඉතා ශක්තිමක් ආර්ථිකයට අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නෛතික අධිතාලම මෙන් යටිතල විව්‍යුහය හා දිගුකාලීන සැලැස්මවල් නිර්මානය කෙට ක්‍රියාත්මක කලයුතුය.

එසේ නොමැති වුවහොත් සිදුවන්නේ සමස්ථ රටම අද අපේ ක්‍රිකට් වලට අත්වී ඇති ඉරනම විදීමටය. එයට වගකිව යුත්තෙක් නැත. වගවීමක් නැත .දැක්මක් හෝ ගමනක් නැත. එම නිසා දිනුමක් නැත.

janath(වචන | ජනත් පෙරේරා)
ඇඩ්වොකාටා AdvocataPlus
Assistant Manager (Communication) - Advocata Institute

janath@advocata.org

(උපුටා ගැනීම - Janath C perera ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...