The Leader News
BREAKING
Top Ad
Opinion

මේක බරපතළ ලිංගික හිංසනයක් | Jayani Abeysekara

T

The Leader Desk

March 15, 2025 • 10:17 AM

මේක බරපතළ ලිංගික හිංසනයක් | Jayani Abeysekara

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැග්ග වෙලාවේ ඉඳලා කොන්දොස්තරගේ කන්දොස්කිරියාව.
  • ඒ බස් එකක් පහුකරන ගානේ "ඇති යන්තම් රත්තරනේ"
  • ඒ ළමයා බෑග් එක ඇතුළේ මොකක්දෝ හොයන ගමන් ෆෝන් එකෙන් කාට හරි කතා කරමින් හිටියේ.
  • මේ කොන්දොස්තරවරයා අන්තිමේ බස් එකේ දොර වහන ගමන් කියනවා "එයා නග්ග ගන්නකොට එයාට බාබා හම්බවෙයි"
අකුරු ප්‍රමාණය (Font Size):


නැග්ග වෙලාවේ ඉඳලා කොන්දොස්තරගේ කන්දොස්කිරියාව. එක එක අයට දුරකතන ඇමතුම් දෙමින් එක දිගට තමන්ගේ බස් එකට ඉස්සරහින් ධාවනය වෙන බස් ගැන අහනවා. ඒ බස් එකක් පහුකරන ගානේ "ඇති යන්තම් රත්තරනේ"... කියල සන්තෝසය පළ කරන ගමන් ඒ සන්තෝසේ බෙදා ගන්න බස් එකේ මඟීන් දිහාවටත් හැරිලා, "මම මූණ පෙන්නනන් විතරයි ඕන ඔක්කොම සෙරෙන්ඩර්"...  කියල රඟනවා.  

ආයෙත් කාට හරි කතා කරලා "කවුද රත්තරනේ ඉස්සරහින් යන්නේ... අරූ ද..." කියල අහනවා. මේවා සිද්ධ වෙන්නේ නිකන් නෙවෙයි මගීන්ගෙන් සල්ලි ගන්න ගමන්... මගීන් බස් එකට නග්ග ගන්න දොර ඇර ඇර කෑගහන ගමන්...

හැබැයි ටිකට් එකක් දෙන්නේ නෑ කාටවත්.

 

ride

රත්මලාන හරියේ නැවතුමක ගෑනු ළමයෙක් ඉන්නවා. ඒ ළමයා බෑග් එක ඇතුළේ මොකක්දෝ හොයන ගමන් ෆෝන් එකෙන් කාට හරි කතා කරමින් හිටියේ. ඒ ගැහැනු ළමයට මේ බස් එක ගැනවත් ඒ බස් එකේ නගින්න අවශ්‍යතාවයක්වත් පෙන්නුවේ නෑ. එයා හිටියේ එයා කරමින් හිටපු වැඩේට අවධානය යොමු කරල.

ඒ නැවතුමේ තව පිරිමි කිහිප දෙනෙක්ම හිටියත් මේ කොන්දොස්තරවරයා අර ගැහැනු ළමයටම බලකරනවා "නංගි... නංගි කොහේට ද යන්නේ නගින්න නගින්න"...  කියල. හැබැයි ඒ ළමයා ඔහුව දැක්කෙ නෑ පිටුපාලා හිටියේ. මේ කොන්දොස්තරවරයා අන්තිමේ බස් එකේ දොර වහන ගමන් කියනවා "එයා නග්ග ගන්නකොට එයාට බාබා හම්බවෙයි"... කියල.

ඒවා කියන්නෙ බස් එකේ මගීන් දිහාවට හැරිලා හිකි හිකි ගගා...

මේ අතරේ පිරිමි මඟීන් කිහිප දෙනෙක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව බැහැලා ගියා.

 

Young woman exiting the bus in the city

එක කාන්තාවක් මගේ ආසනය ළඟට ඇවිත් ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා කිව්වා. 

ආන්න එතකොට මේ කොන්දොස්තරවරයා අර කාන්තාවට කියනවා "ළඟට එන්න... ඔහොම ඉඳලා බහින්න බෑ... බය නැතුව තව ළඟට එන්න කියන දේ අහලා... නැත්නම් ගෙදර තමයි එක්ක යන්න වෙන්නෙ"...  කියල.

මම ගැස්සිලා ඇය දිහා බැලුවත් ඇය සිනාවක් පාලා කිසිවක්ම නොකිය බැහැල ගියා. බහිද්දි ඇගේ පිට අත ගාලා බස්සන්නත් කොන්දොස්තරවරයා අමතක කරේ නෑ.

පානදුර ආසන්නයේදි මේ දේම තවත් කාන්තාවකට කරා. මේ වචන ටිකම කිව්වා. ඇයත් කිසිවක්ම නොකිය බැහැල ගියත් "මොන මඟුලක් ද මේ"...  කියල මට කියවුනා.

 

731374 HSC00001 7

මේ ටික මේ මනුස්සයට ඇහුන නිසාත් මගේ ඇස්වලින් පැනපු කේන්තිය නිසාත් කොන්දොස්තර මම බහිද්දි මේ කියවිලිවලටවත් අතපත ගෑම්වලටවත් ආවේ නෑ.
හැබැයි තවත් කාන්තාවන් තුන්දෙනෙක්ට කියපු වචන මගේ කනට ඇහුනා. පිට අතගාලා බස් එකෙන් බස්සවන හැටි මම දැක්කා. මේක බරපතළ ලිංගික හිංසනයක්.

මේ මනුස්සයා රියදුරුවත් හදිසි කරමින් ඉස්සරහින් යන බස් අල්ලන්න මගී ජීවිත අනතුරේ දාන හැටි මම අත්වින්දා. කිසිම මඟියෙකුට ටිකට් එකක් දුන්නෙත් නෑ.
මම මේ කොන්දොස්තරගේ ඡායාරූපයත් බස් අංකයත් එක්ක මගී අයිතිවාසිකම් සාමූහිකය දැනුවත් කළා. අපි මේ ගැන ශ්‍රී ලංකා ගමනා ගමන කොමිසම දැනුවත් කළා.

බස් රථය අයිතිවෙන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිල්ල යොමු කරා.

 

FIZ9Kc0VEAE7lHm

අදාළ කොන්දොස්තරවරයව කාර්යාලයට කැඳවල කරුණු විමසලා තිබුනා. ඔහු කොන්දොස්තරවරයකු නොවන බවත් රියදුරකු බවත් එදා ඒ බස් රථයේ කොන්දොස්තර නැති නිසා තාවකාලිකව කොන්දොස්තර රැකියාවේ නිරත වෙලා කියලත් පිළිගෙන තිබුනා. කොන්දොස්තර බලපත්‍රයක් නැතුව කොන්දොස්තරකම් කරපු එක තවත් වරදක්.

වාවිකව හා කායිකව කාන්තාවන් අතපත ගාමින් සිද්ධ කළ කාන්තා හිංසනය සම්බන්ධයෙන් ඔහුට තරයේ අවවාද කරල දින තුනකට තාවකාලික වැඩ තහනමක් පැනෙව්ව බවට අපිට පණිවිඩය ලැබුනා.

මගී කාන්තාවන්, බස් එකේ කොන්දොස්තරට බයේ රියදුරුට බයේ ඔය මොකක් හරි කිව්වම මොකද කියල හිතන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. අර කිසිම කාන්තාවකට සියුම් හෝ තරහවක් ඇති වුන බවක් මුණෙන්වත් පෙනුනේ නෑ.

sexual harassment on public transport

ඒත් මේක කොහෙත්ම සාමාන්‍යය නෑ. මේක ලිංගික හිංසනයක්. ඒ බරින් මේක බාර අරන් පොදු ප්‍රවාහනයේ කාන්තා හිංසනයට එරෙහි වෙන්න... ඒකට ගැහැනියක්ම වෙන්න ඕන නෑ. තමන්ට සිද්ධ වෙන ලිංගික හිංසනයට විරෝධය දක්වන ගැහැනියක් වෙනුවෙන් තව එකම එක මඟියෙක්ට හරි සහය වෙන්න පුලුවන්.

කාන්තා දිනයට පොදු ප්‍රවාහනයේ "කාන්තා හිංසනය සීරෝ" කරන්න ස්ටිකර් විතරක් අලවලා නිකන් ඉන්නව වෙනුවට පැමිණිල්ලක් ආවම ඒ බරින් ඒක බාර අරන් පියවර ගන්න වහා මැදිහත් වුන ශ්‍රී ලංකා ගමනා ගමන කොමිෂන් සභාවටත් එහි සභාපතිවරයාටත් Dileepa Witharana  මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ එහි සභාපතිවරයටත් මල් මිටක් දෙන්නම ඕන.

(මේ ස්ටිකරයේ එන අංකවලට පැමිණිලි යොමු කරන්න. ඒ වගේම මගී අයිතිවාසිකම් සුරැකීමේ සාමූහිකය Collective to Safeguard Passenger Right page එකට හෝ ඔබේ පැමිණිලි යොමු කළොත් අපිත් සහය දෙනවා)



484588369 9818135664897163 2408724766092906670 n

jayani
(සටහන | ජයනි අබේසේකර)
නිදහස් මාධ්‍යවේදිනී
jayaniabeysekara89@gmail.com

 

 

(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මේක බරපතළ ලිංගික හිංසනයක් | Jayani Abeysekara | The Leader