මේ ප්‍රකාශ කීපය පිළිවෙලින් මෙසේය.
* ජනාධිපති අනුර දිසානායක මහතාගේ පාර්ලිමේන්තු කථාව තුළ 'රට හුණ්ඩුවක්' යැයි කීම.
* විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ලිමේන්තු කථාව තුළ 'සබ්මැරීනයේ වර්ගය ඇසීම'
*විදේශ ඇමති විජිත හේරත් මහතාගේ ඉන්දියානු සාකච්ජාව තුළ 'ඉංග්‍රීසි භාෂා නොහැකියාව' බරපතල ආකාරයෙන් මතුවීම යන ඒවාය.
මා උත්සාහ කරන්නේ මේ සිදුවීම් තුනෙන්ම දේශපාලන අපහාසයක් හෝ වාසියක් ගොඩ නගන්නට නොවේ. මට කියන්නට අවශ්‍ය වන්නේ මේ සිදුවීම් තුනෙන් දේශපාලනය කරන අය ඉගෙන ගත යුතු වැදගත් කාරණා රාශියක් තිබිය හැකි අතර ඒවා අතරින් මාධ්‍යය සහ දේශපාලනය අතර සම්බන්ධතාවේ නව තත්වය තේරුම් ගැනීම ඉතාමත් වැදගත් එකක් බවයි.
* දේශපාලනය සහ මාධ්‍ය අතර පැරනි කාලයේ තිබුනු passive සම්බන්ධතාවය මේ වන විට සම්පූර්ණයෙන් ම නිමා වී ඇත. ඒ කියන්නේ දැන් තිබෙන්නේ මීට පෙර කාලවල තිබූ අකාරයයේ 'දේශපාලන අවකාශයේ සහ මාධ්‍ය අවකාශය' අතර වක්‍ර සම්බන්ධතාවක් නොවේ. එය දැන් ඍජු සම්බන්ධතාවක් බවට පත් වී ඇත. ඒ නිසාම දේශපාලන සිදුවීමක් හා එය ප්‍රචාරය/මුද්‍රණය වෙන කාලය අතර තිබු පරතරය දැන් නිමා වී ඇති අතර මීට පෙර කාලයේ සිටි passive receiver නිමා වී active participant කෙනෙකු බවට ද පත් වී ඇත.
වත්මන් ඩිජිටල් මාධ්‍ය අවකාශය යනු සංවාදයට සහභාගි වන සියල්ලන් ම මාධ්‍යවේදීන් වන තරමට මාධ්‍ය සාමාන්‍යකරණය වී ඇති තත්වයකි. මේ තත්වය තුළ දේශපාලනය ස්ථානගත්වී තිබෙන්නේ රටේ/ ලෝකයේ සෑම තැනම විසිරුණු කැමරා ෆෝන් පද්ධතියක් හමුවේ සහ 24/7 ක්‍රියාත්මක සමාජ මාධ්‍ය ජාලයක් තුල සිදුකරන රංගනයක් වැනි තත්වයකි.
*මේ තත්වය තේරුම් ගන්නේ නැතිව දැන් කාටවත් දේශපාලනය කළ නොහැකිය. තමන් කථා කරන්නේ මොනවාද යන්න පමණක් නොව කථා කරන භාෂාව, කථා කරන වචන, උච්චාරණයේ ස්වභාවය, අභිනයන් වැනි සෑම කලාපයක් පිලිබදව අවධානය යොමු කළ යුතු තැනකට දේශපාලනය පත්වී ඇත. ඇමරිකාව, එංගලන්තය වැනි රටවල දේශපාලනය කරන අය මේ තත්වය තේරුම් ගෙන ඇති නිසා ඒ රටවල දේශපාලනය යනු මහන්සි වී කළ යුතු වෘත්තීයක් බවට පත්වී ඇත. policy advisors, media advisors, researchers වැනි නිලතලවල සිටින ප්‍රවීනයන් කියන දෙයින් පිට වචනයක් වත් ඒ රටවල දේශපාලන නායකයින් කියන්නේ නැත.
*මෙරට දේශපාලනයත් හුදු කයිවාරුකාරයන්ගේ job එකක් නොවන තැනට පත්කළ යුතුය. නායකයින් කථා කළයුත්තේ 'පිටපතට අනුව' මිස කටට එන පලියට නොවේ.
ජනාධිපති, විපක්ෂ නායක, විදේශ ඇමති කථා සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන සාකච්ජාවන් ගෙන් ඉගෙන ගත යුතු කාරණය එයයි.
(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com
7/මාර්තු 2026
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)




