The Leader News
BREAKING
Top Ad
Opinion

දිල්රුක්ෂිගේ හඬපටවලින් ගෝඨාබයට පණදිය නොහැක.

T

The Leader Desk

September 28, 2019 • 2:51 PM

දිල්රුක්ෂිගේ හඬපටවලින් ගෝඨාබයට පණදිය නොහැක.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාබය නම පරණවෙමින් යන තැනට තල්ලු වී ඇති බවත්, ඊට පණ ගන්නට දිල්රුක්ෂි වැනි අයගේ හඬපටවලට බැරි බව නියත බවත්
  • මුස්ලිම් කඩවල වඳ කිරීමේ ක්‍රම එමට බව සමාජයේ කතා මැවුණි.
  • ඒ පීරමින් කීවේ මේ සියල්ලට විසඳුම් දෙන නායකයකු ඊළඟට ගෙන එන බවය.
  • මහින්ද බැලුවේ ගෝඨා ඉල්ලන කල දීම කළයුතු බවත් නොදුන්නහොත් තමා වුව වඳ විය හැකි තත්ත්වයක් නිර්මාණයවෙමින් පවතින බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

'රාවය' මෙවර කලාපයේ 'බ්‍රේකින් නිවුස්' කොළමේ සඳහන් වේ. ටිරන් කුමාර බංගගමආරච්චිගේ එම කොළමේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

 

වඳ කතා

පාස්කු ප්‍රහාරයත් සමග ගෝඨා ප්‍රචාරණය වෙනම හැඩයකට භාර ගත් මාධ්‍ය නඩය කරළියට ගෙනාවේ මුස්ලිම් කඩ වර්ජනයය. කෑමවලට විස දැමීම, යට ඇඳුම්වලට වඳ බෙහෙත් දැමීම, ජලයට වස දැමීම වැනි කතා මැව්වේය. ඒ අතර දිවයින නියම පුවතක් පළ කළේය. එනම් සාෆි කතා පුවතය. සිංහල කාන්තාවන් වඳ කළ සාෆි නම් මුස්ලිම් වෛද්‍යවරයාගේ කතාව සමාජයේ උණුසුම්ම පුවත විය. කුරුණෑගල රෝහලේ සේවය කළ මේ වෛද්‍යවරයා සිංහල ගැනු වඳ කර තිබුණේ පුදුම විදියටය. අම්මලා පෝලිමේ කඳුළු පෙරන කතා මැවුණි. එහෙත් අද සාෆි එළියේය. කතා වඳ වී ගොස්ය.

sep 28 Text 1මුස්ලිම් කඩවල වඳ කිරීමේ ක්‍රම එමට බව සමාජයේ කතා මැවුණි. යම් ප්‍රමාණයකට කඩ වර්ජනයද විය. ඩෑන් ප්‍රියසාද්, අමිත් වීරසිංහ වැනි සිංහල ජාතියේ වීරයෝ නැවත මතුවූහ. මේ පහනින්ම හිරේ ලැග සිටි ඥාණසාර හිමියෝද නිදහස ලැබූහ. රතන හාමුදුරුවෝ නුවර දළදා මාලිගය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් දියත් කළහ. ඉන්පසු කුරුණෑගලට වැඩි උන්වහන්සේ වඳ මව්පියන් පීරමින් කාලය ගත කළහ. ඒ පීරමින් කීවේ මේ සියල්ලට විසඳුම් දෙන නායකයකු ඊළඟට ගෙන එන බවය.

භික්ෂූන් ගෙන යන මේ අමුතු රැල්ලට කාදිනල් මැල්කම් රංජිත් ද එකතු විය. ඉන්පසු දවෙන ගින්නට පිදුරු වැටුණේය. මේ හැම ගින්නක්ම ඉල්ලා සිටියේ ගෝඨාවය. මහින්ද බැලුවේ ගෝඨා ඉල්ලන කල දීම කළයුතු බවත් නොදුන්නහොත් තමා වුව වඳ විය හැකි තත්ත්වයක් නිර්මාණයවෙමින් පවතින බවත්ය. ඒ තරමට ගෝඨා-මාධ්‍යකරණය ප්‍රබල විය.
ගෝඨා ඒකාධිපතියකු කී වාසුදේව ගෝඨා එකම ගැලවුම්කාරයා කියා කියන තැනට ප්‍රචාරණය සාර්ථක විය. රතන හිමිගේ නාඩගම් දැන් ටිකක් අතුරුදහන්ය. ඒ ඔහු ඉල්ලූ නායකයා ගෝඨාම වන බැවිනි. එසේ නම් අප තේරුම් ගත යුත්තේ මේ සමාජයම වඳ කරන්නේ මාධ්‍ය බවය.

sep 28 Text 2ගෝඨා ගෙන ඒම සඳහා දියත් කළ මේ මාධ්‍ය මෙහෙයුම ගෝඨා අපේක්ෂකයා කළ සැණින් නැවතී ගියේය. එනම් වුවමනාව ඉටුවූ නිසාය. දැන් රටේ ආරක්ෂාව ගැන මුලදී තරම් බියක් නැත. ගෝඨා අපේක්ෂකයා වූ සැණින් ආරක්ෂාව අඩක් විසඳී හමාරය. බදියුදීන් මරාගෙන කන්නට හැදූ දේශපාලකයෝ දැන් නැත. සැමට සැම අමතකය. නාමල් කුමාර නොව සහරාන්ලාත් දැන් අමතකය. එදා පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සහරාන්ලාගේ වැඩක් බව අද ප්‍රසිද්ධය. එහෙත් ඒ අතහැර දැමීම කෙළවර වූයේ අප්‍රේල් 21 ප්‍රහාරයෙනි.

රට අනාරක්ෂිත යන්න තනිකරම මාධ්‍ය ඉතාම සූක්ෂ්මව ගෙන ගිය සැලසුමකි. ඉහත කතා ඊට මනාව ගෙතූ කතාය. අවසානයේ එම ප්‍රචාරණය සාර්ථක වී ගෝඨා ජනපති අපේක්ෂකයා විය. එහෙත් එතැන් සිට ගෝඨා බබලවන්නට ආරක්ෂාවටම බැරි බව දැන් දැන් පැහැදිලිය. ඒ මොහොත අනුව ඕනෑම කෙනෙක් සිතනුයේ ගෝඨා අත උඩින් දිනන බවය. ඒ තැනට මාධ්‍ය මෙහෙයුම ගෙනාවේය.

එහෙත් කල්යන විට කල්ඉකුත් වන බව අමතක නොකළ යුත්තකි. දැන් දැන් ගෝඨා නම පරණවෙමින් යන තැනට තල්ලු වී ඇත. ඒවාට පණ ගන්නට දිල්රුක්ෂි වැනි අයගේ හඬපටවලට බැරි බව නියතය.

ඒ නිසා සමාජය අවදියෙන් සිටිය යුත්තේ මේ මාධ්‍ය නඩය ළඟදීම වෙනම ප්‍රචාරණ උපක්‍රම හොයන බැවිනි. වෙනම ක්‍රමයකට සමාජය තුළට එන බැවිනි. සිරස මහරාජාට වඩා දෙරණ දිලිත් නූතන ගේම්කාරයෙකි. ''

සම්පුර්ණ ලිපිය මෙතනින් කියවන්න

සබැඳි පුවත් :
ගෝඨාබය ආ සැනින් පැලෝපිය නාල - වඳ කතා නිමාවූ හැටි!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...