The Leader News
BREAKING
Top Ad
Opinion

දාර්ශනික ආණ්ඩුවක් හමුවේ මගේ කුදු බව පසක් කර ගැනීම | Karu Paranawithana

T

The Leader Desk

January 6, 2026 • 6:57 AM

දාර්ශනික ආණ්ඩුවක් හමුවේ මගේ කුදු බව පසක් කර ගැනීම | Karu Paranawithana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමා ආණ්ඩුව දාර්ශනික ආණ්ඩුවකි. මම එය නොදැන සිටියා පමණක් නොව නොදන්නා බවද නොදැන සිටියෙමි.
  • එයින් සිදු වූයේ මා නොදන්නා බව දැනගැනීමත් එක් කරුණක් දන්නා බව දැනගැනීමත්ය.
  • ඒ දන්නා කරුණ නම් මේ ආණ්ඩුව දාර්ශනික ආණ්ඩුවක් බවය.
  •   ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර තිබෙන්නේ විශාල දාර්ශනික පදනමක් මත පිහිටමින් බව දැන් පැහැදිලිය.
අකුරු ප්‍රමාණය (Font Size):


අගමැතිතුමිය (ඊනියා ප්‍රථම වතාවට) සහභාගී වූ මාධ්‍ය සාකච්ජාව මට මහත් ප්‍රයෝජනයක් විය. එයින් සිදු වූයේ මා නොදන්නා බව දැනගැනීමත් එක් කරුණක් දන්නා බව දැනගැනීමත්ය. ඒ දන්නා කරුණ නම් මේ ආණ්ඩුව දාර්ශනික ආණ්ඩුවක් බවය.

 

ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර තිබෙන්නේ විශාල දාර්ශනික පදනමක් මත පිහිටමින් බව දැන් පැහැදිලිය. මේ ප්‍රතිසංස්කරණ විවේචනය කරන උදවිය එසේ කරන්නේ මේ දාර්ශනික පදනම ගැන අවබෝධයකින් තොරවය.

ගන, ද්‍රව, නිරික්ෂණයෙන් හඳුනාගත හැකිය. එහෙත් නිරීක්ෂණයෙන් හඳුනාගත නොහැකි වායුද නිරීක්ෂණයෙන් හඳුනාගන්නා ලෙස මොඩියුලය තුළ ඇතුළත් කිරීමේ අරමුණ, නිරීක්ෂණයෙන් එසේ වායු හඳුනාගත හැකි නොහැකි බව බව දරුවාට පසක් කරලීම බව අගමැතිතුමිය සහභාගී වූ මාධ්‍ය හමුවේදී පැහැදිලි කරන්නට යෙදිණි.

 



මේ නම් අධ්‍යාපනය කෙරෙහි කෙතරම් විශාල වූ දාර්ශනික මැදිහත් වීමක්ද ? මෙය "නැති බව දැකීමෙන් ඇති බව පසක් කරගැනීමේ සිද්ධාන්තය" ලෙස හැඳින්විය හැකිය.

අනෙකුත් මොඩියුල සම්බන්ධයෙන්ද බොහෝ දෙනා ප්‍රශ්න නගන්නේ ඒ මොඩියුල සකස් කරගැනීමට පදනම් වු ඇති දාර්ශනික පදනම වටහා ගැනීමට අපොහොසත් වීම නිසා බව මම දැන් දනිමි. මා කෙතරමි දේ නොදැන සිටියාද ? දැන් මා නොදන්නා බව දන්නෙමි.

ඇත්තෙන්ම දිටිවා සුළි කුණාටුව සම්බන්ධයෙන්ද ආණ්ඩුව ඉහත කී සිද්ධාන්තයේ විලෝමය දාර්ශනික පදනමක් ලෙස යොදා ගන තිබු බව දැන් පසක් වෙයි.

pbn
එම සිද්ධාන්තය නම් "ඇති බව දැන ගැනීමෙන් නැති බව පසක් කරගැනීමයි". කුනාටුවක් එන බව පාර්ශ්ව කිහිපයක් විසින් කරන ලද පුර්ව දැනුවත් කිරිමේ තිබියදී එවැනි කුණාටුවක් නොඑන ආකාරයට ආණ්ඩුව කටයුතු කීරීමෙන් පෙනී යන්නේ පුර්ව අනතුරු ඇඟවීම් වල ඇති බව විසින් අනතුරු ඇඟවීම් නොතිබූ බව ආණ්ඩුව පසක් කර ගැනීමය.

මෙය දන්නා බව හොඳටම දන්නා ශූද්ධ වූ දාර්ශනික ආණ්ඩුවකි. එවැනි ශුද්ධ වූ ආණ්ඩුවක් හමුවේ සාමාන්‍ය ජහමනයා වන අප, එම ආණ්ඩුවේ දාර්ශනිකමය රහස අමාරුවෙන් හෝ වටහාගෙන ඒ් තුළින්  අපගේ නොදැනීමේ සීමාව පසක් කර ගතයුතුය.

කාල් මාක්ස්, පොයර්බාහ් 4 වන තීසිසයේ දී  "ශුද්ධ වූ පවුලේ රහස තුළින් ලෞකික පවුල හෙළි කරගන්නා" ලෙස කීවේ මේ නිසා විය යුතුය.

karu(සටහන - කරු පරණවිතාන)
Digital creator

Former Deputy Minister at Ministry of Provincial Councils and Local Government

Former Former Member of Parliament at Parliament of Sri Lanka

Former Secretary at Ministry of Mass Media and Information

Former Deputy Minister at Ministry of Mass Media and Parliamentary Affairs

Former Consul General at Sri Lanka's Consulate General Toronto

උපුටා ගැනීම - Karu Paranawithana ෆේස්බුක් පිටුවෙන්...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දාර්ශනික ආණ්ඩුවක් හමුවේ මගේ කුදු බව පසක් කර ගැනීම | Karu Paranawithana | The Leader