The Leader News
BREAKING
Top Ad
Opinion

ජගත්ගේ ඉල්ලා අස්වීම.... | Karu Paranawithana

T

The Leader Desk

January 12, 2026 • 11:53 AM

ජගත්ගේ ඉල්ලා අස්වීම.... | Karu Paranawithana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලයට පත්වීමට පෙර අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ දුර්වල නැට්⁣ට නිසා ඉදුන සැනින් බිමට කඩා වැටෙන කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියට සවි ශක්තිමත් නැට්ටක් සාදා දිය හැකි විශේෂඥයින් පවා ජාතික ජනබලවේගය වටා එකතු වී සිටින බවය.
  • ජගත්ගේ ඉල්ලා අස්වීමට දේශපාලන හේතු බලපා නැති බව මම ඔහුගෙන් දැනගතිමි.
  • දේශපාලන හේතු ඇතිව හෝ නැතිව, වැඩ කරන්නට හැකි වෘත්තිකයන් ආණ්ඩුවේ වැදගත් ආයතන හැරදා යමින් සිටීම දැන් පැහැදිලිවම පෙනෙන ප්‍රවනතාවකි.
  • ඇත්ත වශයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත කෙටුම්පත් කරන කාලයේ සිටම මේ ක්ෂේත්‍රයේ වැඩ කළ ඔහු  මේ වන එම  තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ක්‍රියාන්වීතයේ ඕනෑම අංශයක් පිළිබඳ හසල අවබෝධයක් සහිත ප්‍රමුඛ විශේෂඥයකු වී සිටි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත් දැන් පෙනී යන්නේ එවැනි විශේෂඥයන් ආණ්ඩුව වටා එකතු වී නැති බවය. අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, විදේශ ප්‍රතිපත්ති ආදී අංශ ගණනාවක්ම ඔහේ ඇදී යන්නේ කිසිදු විශේෂඥ මැදිහත්වීමකින් තොරවය.

අලුතෙන් විශේෂඥයන් එනවාට වඩා දැන් සිදුවෙමින් පවතින්නේ මෙතෙක කලක් සිටි විශේෂඥයන්ද  ආණ්ඩුවේ ආයතන හැරදා යමින් සිටීමය.

අලුත්ම උදාහරණය තොරතුරු දැනගැනීමේ කොමිසමේ කටයුතු කළ කාගේත් ගෞරවය දිනාගත් වෘත්තිකයකු වන නීතීඥ ජගත් ලියනාරච්චි මහතාගේ ඉල්ලා අස්වීමය. ජගත්ගේ ඉල්ලා අස්වීමට දේශපාලන හේතු බලපා නැති බව මම ඔහුගෙන් දැනගතිමි. දේශපාලන හේතු ඇතිව හෝ නැතිව, වැඩ කරන්නට හැකි වෘත්තිකයන් ආණ්ඩුවේ වැදගත් ආයතන හැරදා යමින් සිටීම දැන් පැහැදිලිවම පෙනෙන ප්‍රවනතාවකි. (ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ධුරයෙන් දිලීප විතාරණ මහතා ඉල්ලා අස්වීම මෙහිදී විශේෂයෙන්  අපගේ මතකයට නැගේ) .

fJC9MgXgbdhuWMQw IMG 20220420 232359

නීතිඥ ජගත් තම වෘත්තික ජීවිතයේ ප්‍රමුඛත්වය දුන්නේ පෞද්ගලිකව මිල මුදල් දේපල රැස්කිරීමට නොව නීතිය මහජන සේවාවක් ලෙස භාවිතා කිරීමේ විවිධ ක්‍රියාකාරකම්වලටය, නීති ආධාර, මහජන හිතකර නඩුකටයුතු, පරිසර නීතිය, ජනමාධ්‍ය නීිති පුතිසංස්කරණ ආදී කටයුතු වල නිමග්න වී දැණුමෙන්ද අද්දැකීමෙන්ද පොහොසත් වූ  ඔහු ,මේ ඉල්ලා අස්වීම සිදු වන විට අවුරුදු  10 කට ආසන්න කාලයක් තොරතුරු දැනගැනීමේ අයිතිය ක්ෂේත්‍රයේ බොහෝ කැපවීමෙන් වැඩ කරමින් සිටියේය.

ඇත්ත වශයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත කෙටුම්පත් කරන කාලයේ සිටම මේ ක්ෂේත්‍රයේ වැඩ කළ ඔහු  මේ වන එම  තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ක්‍රියාන්වීතයේ ඕනෑම අංශයක් පිළිබඳ හසල අවබෝධයක් සහිත ප්‍රමුඛ විශේෂඥයකු වී සිටි. ඔහුගේ ඉවත්ව යෑම තොරතුරු දැනගැනීමේ කොමිසමට ඉමහත් පාඩුවක් හා අභියෝගයක් බව පැහැදිලිවම ප්‍රකාශ කළ හැකිය.

karu(සටහන - කරු පරණවිතාන)
Digital creator

Former Deputy Minister at Ministry of Provincial Councils and Local Government

Former Former Member of Parliament at Parliament of Sri Lanka

Former Secretary at Ministry of Mass Media and Information

Former Deputy Minister at Ministry of Mass Media and Parliamentary Affairs

Former Consul General at Sri Lanka's Consulate General Toronto

උපුටා ගැනීම - Karu Paranawithana ෆේස්බුක් පිටුවෙන්...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...