'අයි රෝඩ්'නම් ව්‍යාපෘතියකට අදාලව සබරගමු පළාතේ මාර්ග ගණනාවක් වැඩ නිමකර ගත නොහැකිව වර්ෂ දහයකට අධික කාලයක් තිස්සේ ඇදි ඇදී ගිය මාර්ග ව්‍යාපෘතියක් ආණ්ඩුව විසින් සාදා නිමකරන බව පෙනෙන්නට තිබේ. එය මම අගය කරමි.
මේ ව්‍යාපෘතිය සම්බන්ධව කොන්ත්‍රාත්කරුවන් සහ රජය අතර ඇතිවූ නඩුවක් නිසා යහපාලන ආණ්ඩු කාලයේ රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී අපට එම ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙන යා නොහැකි විය. වත්මන් රජය එම නීතිමය ප්‍රශ්නය විසඳාගෙන ඇති බව පෙනේ.
එබදු 'අයි රෝඩ්' මාර්ග ව්‍යාපෘතියක් සම්බන්ධ සමහර ඡයාරූප සමාජ මාධ්‍ය තුළ විවේචනය වෙමින් තිබුනද මේ ඡායාරූපයේ දැක්වෙන ඇහැළියගොඩ-කනුග්ගල්ල පාරේ සමහර තැන් වල තිබෙන විශේෂ ප්‍රශ්න නිසා කාණුව ඔසවා බැඳ ඒ මට්ටමට පාර පුරවා සකස් කිරීමට සිදුවී තිබෙන බව මාර්ග ඉංජිනේරු අංශ පවසයි.
මෙහි මහා පරිසරවාදී විශ්ව කර්ම බවක් හෝ අනෙක් අතට මහා මෝඩකමක් හෝ නැත.
ඇණ හිට තිබූ මාර්ග ව්‍යාපෘතියක් ආණ්ඩුව කඩිනම් කර ඇත. එය අගය කළ යුතුය.
(සටහන - කරු පරණවිතාන)
Digital creator
Former Deputy Minister at Ministry of Provincial Councils and Local Government
Former Former Member of Parliament at Parliament of Sri Lanka
Former Secretary at Ministry of Mass Media and Information
Former Deputy Minister at Ministry of Mass Media and Parliamentary Affairs
Former Consul General at Sri Lanka's Consulate General Toronto
උපුටා ගැනීම - Karu Paranawithana ෆේස්බුක් පිටුවෙන්...




