පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර නැතිව සජිත්, දිණුවත්, රනිල් දිණුවත්, නාමල් දිණුවත්, දිලිත් දිණුවත් අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළෙන් එළියට එන්නෙ හරිනි මැතිනිය ගෙනාපු මේ යෝජනාවටම හරයෙන් සමාන යෝජනාවක් තමයි කියන එකයි මගේ අබෝධය. ළඟදි එළියට ආපු මොඩියුලවල තිබුන ඊබඩි නෙට්, කසියා9 ඩොට් කොම් වගේ ඒව පිටපොත්තේ ප්‍රශ්න විතරයි. රනිල් මැතිතුමා ජනධිපති කාලෙ එළියට ආපු යෝජනාවෙ අපි දැකපු කෑල්ලෙ තිබුන භයානකම කොටස තමයි අධ්‍යාපන මූල්‍යනයේ (education financing ) වගකීමෙන් ආණ්ඩුවට ක්‍රමයෙන් ඉවත් වීමට ඉඩ සලසා දෙන විධි විධාන ඇතුළත් වී තිබීම. මේකෙ සමස්තය (එහෙම එකක් තියෙනවනම්) රටේ වැඩි දෙනෙක් දැකල නෑ.ධවල පත්‍රිකාවක මෙය ප්‍රකාශ කරන්න කියල රටේ බොහෝ දෙනා කරපු සාධාරණ ඉල්ලීමට මාලිමා ආණ්ඩුව කන්දුන්නෙ නෑ. ධවල පත්‍රිකා කියන්නෙ යටත් විජිතවාදී පරිපාලන උපක්‍රමයක් කියල බිමල් රත්නායක ඇමති තුමා කිව්ව.

සෑහෙන කාලයක් තිස්සේ ආණ්ඩු බලය ලබා ගන්නා ඕනෑම පාර්ශ්වයක් ඉදිරියට එන ප්‍රශ්නයක් වන්නේ නූතන වැඩ ලෝකයට ගැලපෙන කුසලතාවලින් සහ ආකල්ප වලින් සමන්විත පුද්ගලයකු බිහිකිරිමට අපේ අධ්‍යාපන පද්ධතිය අසමත් වෙලා තිබෙනවා යනුවෙන් අධ්‍යාපන පද්ධතියට එල්ල වෙලා තිබෙන චෝදනාව. මේ "වැඩ ලෝකයේ ප්‍රශ්නය"පාසැල් අධ්‍යාපනයෙන් විසඳගන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නය නොඅසාම එම කටයුත්ත පසැල් අධ්‍යාපනයට පැවරිය යුතුයි කියන මතයට රටේ වැඩි දෙනෙක් ඇවිත් තිබෙන නිසා අපේ රටේ ප්‍රශ්නය තවත් සංකීර්ණයි.
මේ සංකීර්ණතාව මැද්දේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන විශේෂඥයො ෆින්ලන්ත ක්‍රමය ආගමක් වගේ අදහන පිරිසක් බවට පත්වෙලා. විභාග, පන්ති කාමරය, ගුරුවරයාගෙ ගුරු භූමිකාව මේ වැඩි දෙනෙකුට වහකදුරු වගෙයි. ඒත් මේ අය කියන නිසා දේශපාලන අධිකාරිය ෆින්ලන්ත ක්‍රමය ප්‍රශ්න නොකරම භාරගන්නව.

නමුත් ප්‍රායෝගික ප්‍රශ්න පැන නගින කොට මේ විශේෂඥයො තමන් යෝජනා කරන ක්‍රමය වෙනුවෙන් කකුල් දෙකෙන් හිටගෙන පෙනී සිටින්නෙ නෑ. අවසාන වශයෙන් ඇමති වගකීම ගත යුතුයි තමයි. නමුත් මේ අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්දේශ කරපු විශේෂඥයන්ට මේ සම්බන්ධයෙන් තිබෙන බුද්ධ්මය වගකිම එයින් බැහැර කළ නොහැකියි. ඒ අය හැංගිලා ! මාලිමා ආණ්ඩුවට පමණක් නොව එන ඕනෑම ආණ්ඩුවකට මේ විධියට ගියොත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
(සටහන - කරු පරණවිතාන)
Digital creator
Former Deputy Minister at Ministry of Provincial Councils and Local Government
Former Former Member of Parliament at Parliament of Sri Lanka
Former Secretary at Ministry of Mass Media and Information
Former Deputy Minister at Ministry of Mass Media and Parliamentary Affairs
Former Consul General at Sri Lanka's Consulate General Toronto
උපුටා ගැනීම - Karu Paranawithana ෆේස්බුක් පිටුවෙන්...




