සම්මන්ත්‍රණයේදී ආචර්ය රංග කළන්සූරියත් Ranga Kalansooriya රෙහාන් ජයවික්‍රමත් එහි සිටි කාගේත් අවධානය ඇදගත් කතා දෙකක් පැවැත්වූහ. ජේ. ආර් ගැන තව දුරටත් යමක් ලිවිය යුතුයැයි සිතුනේ ඒ කතා අසා සිටින විටය. මා කලක සිට දේශපාලන සටහන් ලියන්නේ සාහිත්‍යය හා ඉතිහාසය කළවම් කරමින්ය. මේ සටහනද ඒ ක්‍රමයටය.
18 වන සියවසේ විසූ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි කවි ඇලෙක්සැන්ඩර් පෝප් මිනිසා ගැන මෙසේ පැවසුවේය.
"The glory, jest, and riddle of the world!" (ලොවෙහි මහිමයත්, විහිළුවත් සහ ප්‍රහේලිකාවත් ඔහුම වේ!)
Created half to rise, and half to fall;
Great lord of all things, yet a prey to all;
Sole judge of truth, in endless error hurled
The glory, jest and riddle of the world.
මේ ගැඹුරු කියමන ලාංකීය දේශපාලනයේ බිහිවු "විසිවන සියවසේ කපටි නරියා" ලෙස නම් කරනු ලැබූ ජේ.ආර්. ජයවර්ධන චරිතයට ආදේශ කළ හැකිය.
ඔහු පරිවර්තනීය නායකයෙකි. ඔහු කළ පරිවර්න යහපත්ද අයහපත්ද යන්න පිළිබඳ නිමා නොවන සංවාදයක් සහ රංඩුවක් තිබුනද ඔහු යෝධ පරිවර්තනයක් කළ බව සැබෑවකි. ජේ. ආර් ගේ විශ්මය (glory) එයයි. සංවෘත ආර්ථිකයක හිරවී සිටි රටකට "විවෘත ආර්ථිකයේ" දොරටු විවර කරමින් ලංකාවේ ආර්ථිකය ගෝලීය ආර්ථිකයට ගැටගැසුවේය. මෙහිදී ජේ. ආර්.ට පුරෝගාමියකු නොවු බවත් ඔහු තමන්ගෙන්ම ඉගෙන ගනිමින් සියල්ල කළ බවත් ඔහුගේ චරිත කතාව ලියූ ඉතිහාස මහාචාර්ය කේ. එම්.ද. සිල්වා සහ හවර්ඩ් රිගින්ස් පවසිති. ඔහු දේශපාලනයේ විශ්මයක් නියෝජනය කළේය.
බලය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ඔහු කළ සූක්ෂම "සෙල්ලම" ඉතිහාසයේ උපහාසයට හා විහිළුවට (jest) ලක් වේ. ඔහු හඳුන්වාදුන් ව්‍යවස්ථාවට අනුව "ගැහැනියෙක් පිරිමියෙක් කිරීමට හැර අනෙක් ඕනෑම දෙයක් කළ හැකි" බව පැවසූ ඔහු, ධර්මිෂ්ඨ සමාජයක් පොරොන්දු වී 1982 දී ජනමත විචාරණයෙන් ඡන්දය කල් දැමුවේය. මැතිවරණ සිතියම ඇකිලුවේය. ගැටඹේ පන්සලේ කටුකම්බි ගැසුවේය.ඔහුගේ තර්ක සහ උපක්‍රම දේශපාලන සදාචාරය හමුවේ ඇතැම් විට උත්ප්‍රාසාත්මක "විහිළුවක්" බඳු විය. අසුතුනේ කළු ජුලියට තම පක්ෂයේ සම්බන්ධයක් නැති බවත් එය කළේ වෙනත් මුග්ධයින් (hooligans) පිරිසක් බවත් ඔහු අමෙරිකාවේදී ජනාධිපති රේගන් ඉදිරියේ පැවසීම තරම් තවත් විහිලුවක් තිබේද ?
ඔහු කිසිවෙකුට විසඳිය නොහැකි ප්‍රාහේලිකාවක් (riddle) ඉතිරි කර තබා නික්ම ගියේය.
එකවරම බුදු දහම ගැඹුරින් ඇදහූ උපාසකයෙකු වූ ඔහු, දේශපාලනයේදී අනුකම්පා විරහිත තීරණ ගත් පාලකයෙකු විය. මිතුරන් හෝ සතුරන් පවා ඔහුගේ මීළඟ පියවර කුමක්දැයි දැන සිටියේ නැත. 83 කළු ජූලියේ සිට ඉන්දු-ලංකා ගිවිසුම දක්වා ඔහු ගත් තීරණ අදටත් දේශපාලන විශ්ලේෂකයන්ට විසඳිය නොහැකි "අබිරහසකි".
ජේ..ආර් ගේ ප්‍රහේලිකාව විසඳන්නෙමුයි ඔහුගෙන් පසු බලයට පත් කිසිම නායකයකුට එය කළ නොහැකි වී ඇති බව අපට පෙනේ. ඔවුන් සියලු දෙනාම ඒ ප්‍රහේලිකාව කරතබා ගෙන දුවති. ජනාධිපති අනුර දිසානායක මහතාට ජේ. ආර්. ගෙනවිත් දුන් ජයවර්ධන පුර රෝහලේ ජනාධිපති "ඇඳ ජනසතු කිරීමට" හැකි වුවද ජේ. ආර්. හඳුන්වා දුන් විධායක ජනාධිපති පුටුවෙන් බිමට බැසීමට බැරිවී ඇතැයි යනුවෙන් පවසන Gamini Viyangoda ගාමිණී වියන්ගොඩ සංකේතාත්මකව පෙන්වා දෙන්නේ ගැලවිය නොහැකි ජේආර් ප්‍රහේලිකාවේ ස්වභාවයයි.
ජේ. ආර්.ගේ ප්‍රහේලිකාව විසඳිය හැක්කේ ඔහු වැනිම පරිවර්තනීය නායකයකුට මිස ඔහුගේ ප්‍රහේලිකාවේ සිරවන නායකයන්ට නොවේ.
(සටහන - කරු පරණවිතාන)
Digital creator
Former Deputy Minister at Ministry of Provincial Councils and Local Government
Former Former Member of Parliament at Parliament of Sri Lanka
Former Secretary at Ministry of Mass Media and Information
Former Deputy Minister at Ministry of Mass Media and Parliamentary Affairs
Former Consul General at Sri Lanka's Consulate General Toronto
උපුටා ගැනීම - Karu Paranawithana ෆේස්බුක් පිටුවෙන්...




