The Leader News
BREAKING
Top Ad
Opinion

ඇමතිවරුන්ට නැති නිල නිවාස ලේකම්, අධ්‍යක්ෂකලාට ඇයි? | Keerthi Tennakoon

T

The Leader Desk

January 22, 2025 • 4:21 PM

ඇමතිවරුන්ට නැති නිල නිවාස ලේකම්, අධ්‍යක්ෂකලාට ඇයි? | Keerthi Tennakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැතිනම්, විජේරාම නිවසට ලක්ෂ 46 ක කුලියක් ඉල්ලා සිටිය හැක.
  • වැටුප සහ විශ්‍රාම වැටුප ගැන 36 (1) සිට (4) දක්වා වගන්ති කුණු කූඩයට දැමිය හැකිය.
  • චන්ද්‍රිකාට, මෛත්‍රී, රනිල් ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ට ද එයම කළ හැකිය.
  • ඒ නිසා, මේ රටේ දිසාපති, ආණ්ඩුකාර, අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානී පමණක් නොව රටේ සියළු රාජ්‍ය නිලධාරීන්ට හා වෙනත් අයට ලබා දී ඇති ‘නිල නිවාස’ රජයේ තක්සේරුවට ලක් කරලා, ඔවුන්ටත් ‘තක්සේරුව අනුව’ වැටුපෙන් කැපීම ඇරඹිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

නැතිනම්, විජේරාම නිවසට ලක්ෂ 46 ක කුලියක් ඉල්ලා සිටිය හැක.  

වැටුප සහ විශ්‍රාම වැටුප ගැන 36 (1) සිට (4) දක්වා වගන්ති කුණු කූඩයට දැමිය හැකිය. චන්ද්‍රිකාට, මෛත්‍රී, රනිල් ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ට ද එයම කළ හැකිය.

 ‘නිල නිවාස’ යනු රටේම නිල නිවාස ය. ඒ නිසා, මේ රටේ දිසාපති, ආණ්ඩුකාර, අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානී පමණක් නොව රටේ සියළු රාජ්‍ය නිලධාරීන්ට හා වෙනත් අයට ලබා දී ඇති ‘නිල නිවාස’ රජයේ තක්සේරුවට ලක් කරලා, ඔවුන්ටත් ‘තක්සේරුව අනුව’ වැටුපෙන් කැපීම ඇරඹිය හැකිය.

 මහින්ද රාජපක්ෂගේ නිවසේ අල්ලපු වැටේ තියෙන ‘නීතිපති නිල නිවසට වගේම මහ බැංකු අධිපති, අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ අනෙකුත් නිලධාරීන්ටත් ඒකම කරන්න පුළුවන්.

4t4534
මම දකුණ, මධ්‍යම සහ ඌව පළාත් ආණ්ඩුකාර නිල නිවාසවල රාත්‍රීය ගත කර ඇත්තෙමි. මහින්ද රාජපක්ෂ ගේ නිල නිවාසය තක්සේරු කළ විදිහට බැලුවොත්, ඒ හැම නිල නිවාසයක්ම රු. අවම වශයෙන් ලක්ෂ දෙකක වත් මාසික කුලියකට යටත් කළ යුතුයි. (ආණ්ඩුකාරවර මාසේ පඩිය රු. 85,000 බව සලකන්න)

 පොළොන්නරුව සහ මාතර දිසාපති මැදුරු දෙක අවම වශයෙන් වර්ග අඩි 7,500ට වඩා වැඩිය. කෑගල්ල, මාතලේ ද දැවැන්ත දිසාපති මැදුරු ඇත. අලුත් තක්සේරුවක් කරන්නේ නම්, දිසාපති වැටුපට වඩා නිවාස කුලියක් ගෙවිය යුතු වන්නේමය. (අනුරාධපුර දිසාපතිට නම් ප්‍රශ්නයක් නැත. වාරිමාර්ග නිල නිවාසයක් පාවිච්චි කරන නිසා එච්චර තක්සේරුවක් නොලැබෙනු ඇත.)

 හිටපු ජනපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, දිසාපති, අගවිනිසුරු, ලේකම්වරු, මහ බැංකු අධිපති, නීතිපති, විගණකාධිපති ආදී වශයෙන් වන නිලධාරීන් තම තම මුල්‍ය හැකියාව මත කොළඹ කැමති තැනකින් ගෙයක්, කාමරයක් කුලියට ගෙන වේළාව නොවරදවා සේවයට වාර්තා කර, ටයි දමාගෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ පාරවල් අතුගාන්නට නොවරදවාම පැමිණිය යුතුය. වෛද්‍යවරු, කාර්ය භාර නිලධාරීන්ගේ නිල නිවාස ද, එලෙසම තක්සේරු කර ඒ මුදල වැටුපෙන් කපාගත යුතුය. වර්ජන තර්ජනවලට බිය නොවිය යුතුය.

 මිත්‍රවරුනි, සමහර විහිළු තියෙනවා, ඒවා කියලා තේරෙන්නේ නැත. එක පාරක් දෙපාරක් කරලාම බලලා, ප්‍රත්‍යාවබෝධය ලැබිය යුතුය!

 ආණ්ඩුව හතර අතේ දිවුරා කියන්නේ ‘නිල වාහන හෝ මන්ත්‍රී වාහන බලපත්‍ර ලබා නොදෙන’ බව ය.

 රටේ ජනාධිපතිට, අගමැති ට වත් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නොලැබෙන්නේ නම් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට එතැනින් පහලට කිසිවෙකුට වාහන බලපත්‍ර ලබාදීමේ අවශ්‍යතාවයක් හෝ යුක්තියක් නැත. වෛද්‍ය, ඉංජිනේරු සියළු දෙනාට ද, ගණකාධිකාරී, ඇතුළු අවශේෂ ජනයාට ද එය අදාලය. 

කතානායකට නැති ‘තීරුබදු රහිත වාහනයක්’ විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්යවරුන්ට එවැන්නක් ලබාදීමේ කිසිදු සදාචාරයක් රාජ්‍යයට පැවතිය නොහැක්කේය.

මම වැඩිපුරම කැමති කොළඹ රාජකීය, සිරිමාවෝ, විශාකා, තර්ස්ටන්, ආනන්ද පාසල්වල විදුහල්පතිවරුන්ගේ නිල නිවාසවල තක්සේරු වාර්තා දකින්නට ය. ඉඩමේ වටිනාකමත් සමඟ ගාන හැදුවත් ‘සුබෝධිනී කමිටුවේ වැටුප් වාර්තාවෙන් ඉතිරි 2/3 අය වැයෙන් ලැබේ නම් පමණක්, ඔවුන්ගේ වැටුපට වඩා නිල නිවාස කුලිය ඉහළ නොයනු ඇත.

 කොළඹට වැඩමවා වදාලන විට සැතපෙන්නට, රැස්වීම් පවත්වන්නට විවේක ගන්නට සකසා ඇති ‘මහානායක හිමිවරුන්ගේ නිල නිවාසයේ නිවාස කුළිය තීරණය කිරීම ද රජයේ තක්සේරුකරුටම පැවරිය යුතුය.

 සමහර විහිළු කතා කියනා විට, වම් කනින් අසා අනෙක් කණින් පිට කළ යුතුය.

 දැන් මන්ත්‍රීවරුන් බහුතරය පාර්ලිමේන්තු එන්නේ පොදු ප්‍රවාහනයේ යැයි කියනු ඇසේ. අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්නට කරන්නට බැරි වන්නට හේතුවක් නැත. විශේෂයෙන්ම චීනයෙන් නව බස් රථ ලැබෙන නිසා එය කිසි ලෙසකින් හෝ අසීරු හෝ අපහසු වැඩක් නොවේ.

grtet34
 සමහර විහිළු තියෙනවා, ඒවා වේදිකාවල කියන කොට හිනා යන්නේ නැත. එක පාරක් දෙපාරක් කරලා බලලාම හිනා විය යුතුය.

 ඊයේ ජනාධිපතිතුමන් කියන්නේ තමන්ට විශ්‍රාම වැටුප එපා යැයි ලියලා දෙන්නට සුදානම් බවකි.  මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුප අහෝසි කරනවා යැයි කියා ඇත. 2024 දී රජය විශ්‍රාම වැටුප් සඳහා රු. බිලියන 386 ක් වෙන් කළේය. රටේ ජනාධිපතිවරයාට නොදෙන විශ්‍රාම වැටුප, ජනතාවට මොකටද?  -- ආණ්ඩුව ඊලඟ පලාත් සභා මැතිවරණ ව්‍යාපාරයේ දී වත් කල්පනා කර බලනු ඇත.

 කරනවා නම් තවත් නියම වැඩක් තියෙනවා! මන්ත්‍රීවරුන් 159 කගේ වැටුප දැන් යන්නේ බොරැල්ලේ බැංකු ගිණුමකටය. රටේම රාජ්‍ය සේවකයින්ගේ වැටුප මහා භාණ්ඩාගාර ගිණුමටම නැවත හරවා, මාදිවල පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයට ලබා දි ඇති ආකාරයටම, සෑම නිවසකට ගෑස් ටැංකියක්, ගෑස් ලිපක්, ශීතකරණයක්, ඇඳ-පුටු-මේස

සීත කරන උඳුවප් මහ දුරුත්තේ
සීතල උහුලන්ඩ මට බැරුවා සත්තේ
(මහගම සේකර)


සුබ උදෑසනක් වේවා! දුරුත්තේ සීතල තමයි.  ඉක්මනට නැගිටලා වැඩට යමු.


කාර්යාලයේ පුටුව මේසය තියෙනවා නම් දවසම හිනාවෙලා සතුටෙන් ඉන්න.  සුබ දවසක් වේවා!!

Rajith Keerthi(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...