The Leader News
BREAKING
Top Ad
Opinion

Kill Bill ගෙන් ඉගෙන ගමුද? - යහපාලනය පැවසු ජනප්‍රිය සටන් පාඨ ගෝඨාභය 'හයි ජැක්' කරලා ! - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

November 21, 2019 • 7:54 AM

Kill Bill ගෙන් ඉගෙන ගමුද? - යහපාලනය පැවසු ජනප්‍රිය සටන් පාඨ ගෝඨාභය 'හයි ජැක්' කරලා ! - මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමාට අහිමි කළ නූපන් දරුවා වෙනුවෙන් අවසානය දක්වා ගමන් ගන්නා ඇන්ටිගනියානු ගැහැණියක් ටැරන්ටිනෝ ගේ Kill Bill (2003) චිත්‍රපටයේ සිතුවම් කර ඇත. ඒ අහිමි වීම සුවපත් කර ගැනීම සඳහා වූ නිවැරදි මාවතක් ඇය දැන සිටියේ නැත.
  • දේශපාලන නිරවද්‍යතාවය තුල සිරගත වුවොත් අපට උරුම වන්නේ සදාකාලික සිරගත භාවය පමණක් වනු ඇත.
  • ඒ තුල ආපතික යමක් දක්නට ඇත.
  •    මේ සියල්ල සිදුවන්නේ පැරණි ආකෘතියට නම් නොවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඇයට අවශ්‍ය වූවේ එම අපරාධය කළ වුන් අවසන් කර දැමීම ය. එයට වගකිව යුතු තමන්ගේ මුල් ප්‍රේමවන්තයා නම් ඇය ඒ දක්වා යාමට වුවත් පසු බැස්සේ නැත. ඒ සඳහා ඇය සිත හදා ගත්තේය.

දේශපාලන නිරවද්‍යතාවය තුල සිරගත වුවොත් අපට උරුම වන්නේ සදාකාලික සිරගත භාවය පමණක් වනු ඇත. ඓතිහාසික අවශ්‍යතාවයක් (historical necessity) ඉටු වීමට නම් එයට අවශ්‍ය මානසික සුදානම (හිත හදා ගැනීම) ඒ සමඟ ම සිදුවිය යුතු යැයි බටහිර මනෝ විශ්ලේෂී කියමනක් තිබේ. 

ඒ නිසා සංස්කෘතික විප්ලවයක් සිදුවීම විප්ලවයේ පුර්ව කොන්දේසියක් විය යුතුය යන්න සාමාන්‍යයෙන් විප්ලවීය දේශපාලනය හදාරන අය දන්නා කරුණකි. සංස්කෘතික විප්ලවය විසින් සැබෑ විප්ලවය පරිණත කරනු ලබයි යන්න මෙහි අර්ථයයි. යහපාලන ජයග්‍රහණය එතනින් ඔබ්බට ගමන් නොකළේ යැයි මම මීට පෙර සටහන් කළේ ඒ අර්ථයෙනි.

මේ සටහන වෙනුවෙන් ඉහත පුර්විකාව මා ලියන්නේ වෙනත් කරුණක් කීම සඳහා ය. එනම් පරිණත නොවූ අවසානයක් දක්වා නොගිය යහපාලන ප්‍රතිපත්ති මේ වනවිට එක්තරා දුරකට ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් ඉටුකරමින් පවතී යන්න අපට දැන් නිරීක්ෂණය කල හැකිය. 

අනවශ්‍ය පිරිස් කප්පාදුව, පරිවාර රථ අඩුකිරීම, අනාගතයේ සිදුවිය හැකි ඇමති මණ්ඩලය සීමා කිරීම, වියදම් අඩු කිරීම, ස්වරූපරාගී ප්‍රතිරූප ඉවත් කිරීම, සාමාන්‍ය ජන ජීවිතය ට බාධා නොකිරීම වැනි දියුණු ලක්ෂණ මේ වනවිට ජනප්‍රිය තලයක දැකගැනීමට හැකිය. පුරෝකතනය කිරීමට නොහැකි වූ දේ සිදුවෙමින් පවතී යන්න මෙම සටහනේ පණිවිඩයයි. ඒ තුල ආපතික යමක් දක්නට ඇත.    Mahe text 2019 11

මේ සියල්ල සිදුවන්නේ පැරණි ආකෘතියට නම් නොවේය. එනම් සියල්ල පිළිගන්නා, සියල්ලටම ඉඩ ලබාදෙන බහු සංස්කෘතික බවක් ඔහුගේ ප්‍රවේශය තුල දකින්නට නැත. සියල්ල පදනම් වන්නේ එක්තරා ලැකානියානු ආකෘතියක බව මගේ නිරීක්ෂණයයි. 

එනම් අනාගතය පිළිබද දැක්ම යනු සාමාන්‍ය පුරවැසියන් ගේ අදහස් අනුව සකස් වන්නක් නොවන බව ට වන ඉගැන්වීමයි (vision of the future does not have to be built on the idea of a general human being). 

ඒ නිසා සාමාන්‍ය මිනිසුන් මේසේ කියනවා ඔබට පෙනෙනු ඇතැයි සිතමි. 'ගෝඨාබය මැතිඳුණි, අප අපගේ යුතුකම කළෙමු. දැන් ඇත්තේ ඔබගේ වාරයයි'. එයින් කියන්නේ රටක දැක්ම හැදීමට අප දන්නේ නැති මුත් (නොදැනුම) එය ඔබට කල හැකි යයි අප අනුමාන කරමු යන්නය (දැනුම). 

බුකියේ බොහෝ අය ඔහු ජයගත් පසුව බුකියෙන් අයින් වී ගොස් ඇත. ඒ බොහෝ අය දේශපාලනය කලේ දේශපාලන නිරවද්‍යතාවය මත ද නොවේය (political correctness). බොහෝ අය බයියන් යැයි කීවද මෙයින් කියන්නේ ඔහුට චන්දය දුන්නේ යම් අවිඥාණික දැනුමක් තිබූ පිරිසක් බවයි.

කිසිවක් එහි අවසන් නිෂ්ඨාව කරා ගමන් කිරීමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඉඩ ලබා නොදෙන්නේ නම් ඉඳින් කුමක් කරන්න දැයි ජිජැක් ජුඩිත් බට්ලර් ගෙන් අසන ප්‍රශ්නය ගැන ඔබ සිතන්නේ කුමක් දැයි ඇසීම පිණිස පමණක් මා මේ සටහන ලියමි. 

මා අසන්නේ ඇත්ත වශයෙන් යහපාලන මුලිකාංග අවසානයක් කරා ගෙන යාමට ගෝඨාබය මහතාට බහු සංස්කෘතික ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට යාමට විය හැකිද යන්න ය. 

එනිසා අප බට්ලරියානු පිතෘ මූලික විරෝධයක පමණක් සිටීමෙන් බොහෝ දේ මඟ හැරිය හැකි බවට මා වැඩිදුරටත් යෝජනා කරමි.

 Kill Bill චිත්‍රපටයේ මනාලිය ට (the Bride) අන්තිමයා දක්වා ඉවර කිරීමට සහ සියල්ල අවසානයක් කරා ගෙන යාමට තිබු දේශපාලනික නිරවද්‍ය මඟ කුමක් ද?

(මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන් උපුටා ගැනිණ )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...