The Leader News
BREAKING
Top Ad
Opinion

‘56 සිංහල බෞද්ධ පෙරැළියෙන් පසු බිහිව ඇත්තේ අඟුටු මිටි උගතුන් මිස බුද්ධිමතුන් නොවේ'' - ධම්මගේ කතාවට කුසල් ගෙන් ප්‍රතිචාරයක්

T

The Leader Desk

February 18, 2020 • 8:22 AM

 ‘56 සිංහල බෞද්ධ පෙරැළියෙන් පසු බිහිව ඇත්තේ අඟුටු මිටි උගතුන් මිස බුද්ධිමතුන් නොවේ'' - ධම්මගේ කතාවට කුසල් ගෙන් ප්‍රතිචාරයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දම්ම දිසානායකගේ සාකච්ඡාවකට සවන් දීමෙන් පසු ඇතිවූ සිතිවිල්ලක් සමග මෙය ලියන්නට වාඩි වූනෙමි. ඔහුගේ අදහස් දැක්වීමේ නිරවුල්කම නිසාම, ඔහු කියූ දේ නිරවුල්ව ග්‍රහණය කර ගැනීමත් පහසු විය. ඔහුගේ එක් අදහසක් වූයේ අධ්‍යාපනයේ තරගකාරිත්වය විසින් සහතික සඳහා තරගයක් නිර්මාණය වී ඇත යන්නය. එනිසාම යෝධ ටියුෂන් ව්‍යාපාරද බිහිව ඇතැයි ඔහු කීවේය.
  • දියුණු යුරෝපා රටවල පුරවැසියන් 256 ක් වෙනුවෙන් ඇත්තේ එක් රජයේ නිලධාරියකු බවත් අපේ එය පුරවැසියන් 16 ට එක් අයෙකු යැයිද ඔහු කීවේය.  හැම ආණ්ඩුවක්ම රැකියා සැපයීමට රාජ්‍ය ආයතන යොදා ගැනීම නිසා පිරිස විශාල වූවත් රාජ්‍ය කාර්යක්ෂම නොවූ බවත් ඔහු කීවේය.
  • ඒ නිසා මේ කවුරුත් හොරකම් අල්ලන්නේ නැහැ මල්ලි” යන්න දම්ම ගාම්භිර ලෙස කියුවේ, මේ දේශපාලන කල්ලි එකම ආකාරයේ හවුලක ඉන්නා “සහචර ධනපතීන් – crony capitalists” කියාය.  ඔහු ඒ අතර ගෝලීයකරණය ප්‍රතික්ෂේප කළේය.
  • 1930 ආරම්භ වනවිට බරපතල ලෙස පැතිරුණු මැලේරියා වසංගතයේ සිට ලාදුරු, බරවා, පෝලියෝ වැනි සියලු වසංගත අපේ රටෙන් තුරන් කෙරුණේ 60 දසකයේ පළමු භාගය ආරම්භයේදීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊළගට ඔහු කියන්නේ උපාධිධාරීන් සඳහා රජයේ රැකියා නොදිය යුතුයැයි කියාය. විශ්ව විද්‍යාල යනු දැනුම වඩන තැන් මිස වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නොවේ යැයි ඔහු කීවේය. දියුණු යුරෝපා රටවල පුරවැසියන් 256 ක් වෙනුවෙන් ඇත්තේ එක් රජයේ නිලධාරියකු බවත් අපේ එය පුරවැසියන් 16 ට එක් අයෙකු යැයිද ඔහු කීවේය. 

හැම ආණ්ඩුවක්ම රැකියා සැපයීමට රාජ්‍ය ආයතන යොදා ගැනීම නිසා පිරිස විශාල වූවත් රාජ්‍ය කාර්යක්ෂම නොවූ බවත් ඔහු කීවේය. සමෘද්ධිලාභීන් වැඩි කරන්නට පසුගිය ආණ්ඩුව යෝජනා කිරීමෙන් සමෘද්ධි වැඩසටහන අසාර්ථක බව ඔප්පු කෙරුණැයි දම්ම කීවේ, නිදහසින් පසු දුප්පත්කම පිළිබඳව කළ පර්යේෂණ සඳහා වැය කළ මුදල ජනතාවට බෙදුවේ නම් මෙරට දුප්පත්කමක් නැතැයිද කියමින්ය. 

රන්ජන් රාමනායක සරළ බසින් කියූ “මල්ලි මේ ඔක්කොමලා යාළුවෝ. ඒ නිසා මේ කවුරුත් හොරකම් අල්ලන්නේ නැහැ මල්ලි” යන්න දම්ම ගාම්භිර ලෙස කියුවේ, මේ දේශපාලන කල්ලි එකම ආකාරයේ හවුලක ඉන්නා “සහචර ධනපතීන් – crony capitalists” කියාය. 
Kusal text1
ඔහු ඒ අතර ගෝලීයකරණය ප්‍රතික්ෂේප කළේය. ඔහු කියුවේ අනුන්ගේ ප්‍රශ්න පත්තර වලට උත්තර සොයන්නේ නැතිව අපි අපේම දෙයක් හදාගත යුතුයැයි කියාය. (එයට මගේ විරෝධයක් නැත)

දම්මට තිබූ එක ගැටළුවක් වූයේ සාකච්ඡාව මෙහෙයවූ දිලන්ත ප්‍රශ්න අසනවාට වඩා කතා කිරීමට කාලය ගැනීමය. එයත් දම්මගේ වැදගත් නිරීක්ෂණයකි. නමුත් මට ගැටළුව වූයේ දිලන්ත ඔහු නොදන්නා ගෝලීයකරණයක් සාධාරණය කිරීමට යාම ය. ඒ වෙනුවෙන් අපේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් වර්ධනය ගෝලීයකරණයට බාර දීමය. 

ඒ සමග මට තිබූ අනෙක් ආරවුල නම් විශ්ව විද්‍යාල ඇදුරෙකුවන දම්මට දිලන්තගෙ ඒ බොරුව අභියෝග කිරීමට හැකි දැනුමක් නොතිබීමය. 1930 ආරම්භ වනවිට බරපතල ලෙස පැතිරුණු මැලේරියා වසංගතයේ සිට ලාදුරු, බරවා, පෝලියෝ වැනි සියලු වසංගත අපේ රටෙන් තුරන් කෙරුණේ 60 දසකයේ පළමු භාගය ආරම්භයේදීම ය. ඒ කාලයේම අපේ රටේ ළදරු උපත් මරණ සහ ආයු කාලය ඉහළ යාම දියුණු බටහිර රටවල තත්ත්වයට වර්ධනයවී තිබිණ. ඒ ඉතා දියුණු, කාර්යක්ෂම ප්‍රජා සෞඛ්‍ය සේවාවන් ග්‍රාමීය සමාජයේද ක්‍රියාත්මක වූයෙනි. ඔවුන් විසින් පුද්ගල සනීපාරක්ෂාව දියුණු කළ හෙයිනි. 

ගෝලීයකරණයට ලෝකය පය ගසන්නේ ඊට දසකයකටත් පසුවය. ගෝලීයකරණය සමග ගමන් යාමෙන් අවුරුදු 30 ක් ඉක්ම ගිය පසුවද අපට තවමත් ඩෙංගු රෝගය මර්දනය කර ගැනීමට නොහැකිව සිටිමු.

කෙසේ නමුත් අලුත් අදහස් සඳහාවූ ඒ සමස්ථ සාකච්ඡාවෙහි තිබූයේ විවරණ හා විචාර නොව, විවේචන සමූහයකි. හන්දියේ ත්‍රීරෝද රථ නවාතැන් පොලෙහි අසන්නට ලැබෙන විරෝධතා, විවේචන අලුත් ශාස්ත්‍රාලීය බසකින් ඉදිරිපත් කිරීමකි.

බොරු කතා ඇති රැකියා දෙනු !
 
 87049224 3281971955360476 2966282591335874560 o
රාජ්‍ය අංශයේ රැකියාදීම සිදුවන්නේ ඉන් පිටත රැකියා සුලභ නොවන බැවිනි. ඉන් පිටත රැකියා සුලභ නොවන්නේ පවතින ආර්ථිකයේ බංකොලොත්කම නිසාවෙනි. එබැවින් වඩා සාර්ථක ආර්ථිකයකට අප මාරු විය යුතුව ඇත. එවැනි සංවර්ධන ආකෘතියක් ගැන කිසිදු ඉඟියක් ඒ සාකච්ඡාවෙහි නොවුනි. 

විභාග සහතික සඳහාවන අධ්‍යාපනය වෙනුවට දැනුම වර්ධනය කෙරෙන අධ්‍යාපනයක් හදා ගන්නේ කෙසේද යන්න ගැනද කිසිවක් කතා නොවුනි. විශ්ව විද්‍යාල යනු වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නොවේ යැයි කියූ දම්ම, දැනුම වර්ධනය කෙරෙන අධ්‍යාපනයක් හා රැකියාභිමුඛ අධ්‍යාපනයක් එකට පවත්වා ගැනීමේ හැකියාවක් ගැන කිසිදු අදහසක් නොකීවේය. ඒ ගැන අසන්නට දිලන්තගේ පණ්ඩිතකමටද නොහැකි විය.

 නිදහසින් පසු දුප්පත්කම පිළිබඳව කළ පර්යේෂණ සඳහා වැය කළ මුදල ජනතාවට බෙදුවේ නම් මෙරට දුප්පත්කමක් නැතැයි කියූ දම්ම, දැන් සමෘද්ධි අසාර්ථකව ඇත්තේ එවැනිම බෙදිල්ලක් සමගින් බැව් නොදත්තේය.

සමීර් අමීන් සරණ යමින් ගෝලීයකරණය පැහැදිලි කළ දම්මට අපේ දේශපාලන පක්ෂ එහි ස්ථානගතව ඇත්තේ කෙසේදැයි විවරණය කළ නොහැකි විය. ඔහුට කළ හැකි වූයේ රන්ජන් රාමනායකගේ පැහැදිලි කිරීම විදග්ද බසින් කීම පමණය. 

එබැවින් ඒ සාකච්ඡාවෙහි ග්‍රාමීය ආර්ථිකයේ බිඳ වැටීම්, පොදු ප්‍රවාහනයේ අර්බූදය, සෞඛ්‍ය, අධ්‍යාපනය, මහ නගර සැළසුම් සතු දිළිඳු විරෝධය ගැන කිසිදු මතක් කිරීමක් හෝ නොවුනි. පශ්චාත් යුධ උතුරු-නැගෙනහිර ජනතාවක් ඇතැයිද ඔවුන්ට සිංහල බෞද්ධ ග්‍රාමීය දුප්පතුන්ට වඩා බරපතල ගැටළු ඇතැයිද කීමට දෙදෙනාටම අවශ්‍ය නොවුනි.

Kusal 2ඒ දෙදෙනාගේ සියලු හිස් දෙඩවිලි සමග මට ඉතිරි වූ ප්‍රශ්නය වූයේ අපේ වර්තමාන සිංහල බෞද්ධ සමාජයේ උගතුන් සහ බුද්ධිමතුන් අතර ඇති වෙනස කුමක්ද යන්න ය. පැරණි සමාජයේ ඇසූ පිරූ තැන් ඇත්තන් යැයි කියූවේ උගතුන්ට නොව, බුද්ධිමතුන්ටය. එකල උගතුන් සිටියේ පිරිවෙන් ඇසුරෙන් බිහිවූ සංඝ සමාජයෙහි ය. ජන සමාජයේ උගතුන් වූයේ නම් ඒ රදළ ප්‍රභූ පැලැන්තියේ ය. 

නූතන ලෝකයේ උගතුන් හැදෙන්නේ විධිමත් පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි ය. එළෙසින් හැදුණු උගත්හූ බුද්ධිමතුන්ද වූහ. සමහරු ප්‍රාඥයින් වූහ. ඒ උගත්කමෙහි අද මෙන් විශ්ව විද්‍යාල, පශ්චාත් උපාධි ආදිය ගණන් හැදුණේ නැත. එබැවින් මාර්ටින් වික්‍රමසිංහලා, ජී.බී. සේනානායකලාද බුද්ධිමතුන් වූහ. ඩී. එස්.ලා, සිරිමාවෝ මැතිනිලා ලෝක නායකයින් සමග කරට කර සිට ගැනීමට හැකි බුද්ධිමත් නායකයෝ වූහ.

ඉතා කෙටියෙන් කිවහොත් උගත් බුද්ධිමතුන් හා අත්දැකීම් බහුල, “ඇසූ පිරූ තැන් ඇති” විදග්දයින් බුද්ධිමතුන් සමාජයට බිහි වූයේ ‘56 ට පෙර ය. බණ්ඩාරනායකගේ ‘56 සිංහල බෞද්ධ පෙරැළියෙන් පසු බිහිව ඇත්තේ අඟුටු මිටි උගතුන් මිස බුද්ධිමතුන් නොවේය. 


‘56 ට පෙර බිහිවූ දේශපාලන ලෝකයේ පතාකයින් වූ ඩී. එස්, ජේ. ආර්, කන්නන්ගර, පොන්නම්බලම්, චෙල්වනායකම්, ඇන්.ඇම්, පිලිප්, කොල්වින්, ලෙස්ලි, වික්‍රමසිංහ, කේනමන්, එච් ශ්‍රී නිස්සංක, ටී. බී ජයා, වැන්නන්ට තනි වන්නට ඉඩ නොදුන් කලා ලෝකයේ ලෙස්ටර්, මහාචාර්ය සරච්චන්ද්‍ර, සුනිල් ශාන්ත සහ මෑතක් වෙනකම් කීර්තිමත්ව වැජඹුන අමරදේවයන්, නිදහස් චින්තකයින්වූ කොවූර් හා අදිකාරම් වැන්නවුන්, වෘත්තීය සමිති නායකයින් වූ පෑලිස් සේරසිංහ, ශන්මුගදාසන්, ඩී.ජි විලියම්, එම්.ජී මෙන්ඩිස්, තම්පෝ, විශ්ව විද්‍යාල ඇදුරන් වූ මහාචාර්ය බිබිලේ, ඔස්මන්ඞ් ජයරත්න, ඩොරික් ද සූසා වැනි පුරෝගාමී චරිත සමග සිටගත හැකි කිසිවකු ‘56 පෙරැළියෙන් පසු මෙතෙක් බිහිව නැත.

ජනාධිපති ජයවර්ධන මීට අවුරුදු 42 ට පෙර අපව නිදහස් විවෘත වෙළඳපල ආර්ථිකයට නතු කළ පසු ගෙවුනු දසක කිහිපයේ උගත්කම හා බුද්ධිමත්කම අතර වෙනස පියවා දැමුනේ සියලු වෘත්තීන් ඉන් යැපෙන නාගරික Kusal 3මැද පංතික පාරිභෝගිකයින් බවට පත් කිරීමත් සමගින්ය. 

එනිසා අද උගත්කම සඳහා ඇති සහතික මත සැවොම බුද්ධිමතුන් යැයි පොදු පිළිගැනුමක් මේ සමාජයේ තහවුරුව ඇත. අතිශය දූෂිත සමාජයේ ඔවුන්ට මේ සමාජය වඩා යහපත් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා බුද්ධිමය එකතුවක් කළ නොහැකි වූවත් උපාධි, පශ්චාත් උපාධි සහතික මත දේශපාලන ප්‍රචාරකයින් ලෙස ඔවුන් උගතුන් යැයි සමාජයේ ඇණ ගසාගෙන ඇත. දම්ම විවේචනය කරන දේශපාලනයෙහිම ප්‍රකාශකයින් වන පමණින් ඔවුන් සමාජයේ බුද්ධිමතුන් වන්නාහ.

එයට හොඳම උදාහරණය නම්, සිංහල බෞද්ධ ආධිපත්‍ය තහවුරු කළ කලින් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු යටතේ දේශපාලන පත්වීම් ලබා ගැනීමට උගත්කම දේශපාලනීකරණය කරගනු ලැබ පසුව, සිරිසේන ජනාධිපතිගෙන්ද දේශපාලන පත්වීම් ලැබූවන් මේ සමාජයේ සිංහල බෞද්ධ බුද්ධිමතුන් ලෙස පෙනී සිටීම ය. ඔවුන් ඇත්තටම උත්සාහ කරනුයේ ජ.වි.පෙ පෙනී සිටින සිංහල බෞද්ධ දේශපාලනයට වඩා තමන් බුද්ධිමත් යැයි පෙනී සිටීමට පමණි. එයටද මේ අති දූෂිත විවෘත වෙළඳපල මැද පංතියෙහි ඉල්ලුමක් ඇත.

කුසල් පෙරේරා 
2020 පෙබරවාරි 17


කුසල්ගේ විචාරයට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකගේ වීඩියෝව පහත පළවේ.


දිලන්තගේ 'සිතමු' වැඩසටහන් මාලාවේ තවත් වීඩියෝ :




''වැඩකරන ජනතාවගෙන් 12% ත්‍රීවිල් එලවනවා. වහාම තරුණයින් දැනුම මත පදනම් වූ ආර්ථිකයකට යොමුකල යුතුයි'' -ආචාර්ය නාලක ගොඩහේවා (VIDEO)



''උදේට විත්ති කුඩුවේ ඉන්න කෙනා සවස විනිසුරුගේ ගෙදර ඉන්නවා නම් මිනිස්සු අධිකරණය විශ්වාස කරයි ද?'' - මෛත්‍රී ගුණරත්න දෙබරයකට ගල් ගසයි (VIDEO)


ශ්‍රී ලංකාවේ දමිළ බෞද්ධයින් 40,000කට වඩා ඉන්නවා - උතුරේ හිටපු ආණ්ඩුකාර සුරේන් රාගවන් (VIDEO)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘56 සිංහල බෞද්ධ පෙරැළියෙන් පසු බිහිව ඇත්තේ අඟුටු මිටි උගතුන් මිස බුද්ධිමතුන් නොවේ'' - ධම්මගේ කතාවට කුසල් ගෙන් ප්‍රතිචාරයක් | The Leader