The Leader News
BREAKING
Top Ad
Opinion

⁣හැකරුන්ගෙන් ඔබ්බට... ! | Lakmal Kulasekara

T

The Leader Desk

April 25, 2026 • 3:24 PM

⁣හැකරුන්ගෙන් ඔබ්බට... ! | Lakmal Kulasekara

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට කලකට කලින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා ඇමරිකාවට ගිහින් එන අතරතුර එංගලන්තයේ දවසක් හෝ දෙකක් නැවතීමත්
  • මාධ්‍යවල කියන හැටියට විදේශ ණය දෙපාර්තමේන්තුවෙත් මහ භාණ්ඩාගාරයෙත් ඉහල පහල නිලධාරීන් 13-16 අතර පිරිසක් හරහා අනුමත වෙලා තමයි මේ ගෙවීම වෙන්නෙ.
  • මෛත්‍රි ගුණරත්ත මහත්මය මේක මතු කරනතුරු කැබිනට් ප්‍රකාශක දන්නෙ නෑ කියනව.
  • මෙතන දේශපාලන ප්‍රශ්න ඇදගන්න එපා...
අකුරු ප්‍රමාණය (Font Size):

එය පුද්ගලික සංචාරයක් යැයි කියා එයට වියදම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් කරපු පැමිණිල්ලකට අනුව හිටපු ජනාධිපතිතුමාත් ජනාධිපති ලේකම්තුමාත් අධිකරණයට ඉදිරිපත් කරල ලේකම්වරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරල තමා පරීක්ෂණය කෙරුණෙ. පසුව ඇප ලැබුණ. ඒ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සහ එයට උදව් දීම කියන චෝදනා යටතේ. මුදල ලක්ෂ එකසිය හැටහයක්...මේක හරිද වැරදිද කාරණාව අධිකරණය විසඳා දේවි.

දැං, ඩොලර් මිලියන දෙක හමාරක් ලොස්. ලොස් කියන්නෙ ඔස්ට්‍රේලියාවෙ රාජ්‍ය ආයතනයකට තිබෙන ණයක කොටසක් ගෙවන්න කරපු ගෙවීම අදාල තැනට ගිහින් නෑ. ගෙවීම සඳහා ඉල්ලීම කරපු Email එක අනුව මහ බැංකුවෙන් මේ ගෙවීම කරන්න ද කියා අහපු වෙලාවෙ පැහැදිලි නිර්දේශය "Verify කරල ගෙවන්න".

එතකොට මේක හොයල Verify කරල මේ ගෙවීම කරන්න නියෝග දෙන්නෙ මුදල් අමාත්‍යාංශයෙ ලේකම්. මාධ්‍යවල කියන හැටියට විදේශ ණය දෙපාර්තමේන්තුවෙත් මහ භාණ්ඩාගාරයෙත් ඉහල පහල නිලධාරීන් 13-16 අතර පිරිසක් හරහා අනුමත වෙලා තමයි මේ ගෙවීම වෙන්නෙ. එහෙම වෙච්ච ගෙවීමක් නිකම්ම "හැක් කිරීමක්" කියල කියන්න පුලුවන්ද ?...

බෑ මිත්‍රවරුනි, මූල්‍ය වගවීම කෝ ?

අවම වශයෙන් මේ සිදුවිම වෙලා මාස හතරක් ගිහින් ලංකාවේ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට කියල නෑ. COPE එකට කියල නෑ. COPA එකට කියල නෑ. විගණකාධිපති දැනුවත් නෑ.  මෙහෙම කරන්න පුලුවන්ද ? මෛත්‍රි ගුණරත්ත මහත්මය මේක මතු කරනතුරු කැබිනට් ප්‍රකාශක දන්නෙ නෑ කියනව. මේ කවර වර්ගයේ විහිලුද ?

මෙතන දේශපාලන ප්‍රශ්න ඇදගන්න එපා...

මේ සිදුවීම් දෙකේ රාජ්‍ය යාන්ත්‍රණයෙ හැසිරීම අහසට පොලොව වගේ... ඒක පිළිගන්න...ඒක අවලස්සනයි.

නීතිය ක්‍රියාත්මක වීමට අපි හැමෝම එකඟ වෙමු...

මෙතනදිත් අර උඩ සිදුවිම වගෙ නීතිය ක්‍රියාත්මක කරන්න එකඟ වෙමු...එහෙම වෙනනව නම් මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා අද සේවයෙ ඉන්න පුලුවන්ද ?

තෝරාබේරාගෙන නීතිය ක්‍රියාත්මක කරල ඔන්න අපි හොරු ඇල්ලුව කියල කීවට රටට ප්‍රයෝජනයක් නෑ...

ඒක පාක්ෂිකයන්ට පොඩි සතුටක් විතරයි...

රට කියන්නෙ පාක්ෂිකයො විතරක් නෙවෙයි...

වටින්නෙ තමන්ට එන චෝදනාවට හරියට මුහුණ දීම. පරීක්ෂණ කිරීම. එහෙම කරොත් ඒක මුලු රටවාසීන්ගෙම ගෞරවයට ලක් වෙනව...

නායකයො ⁣Legends ල වෙන්නෙ එහෙමයි...

අවාසනාව බොහෝ දේශපාලකයන්ට ඒක තේරෙනකොට පරක්කු වැඩියි.

(සටහන | ලක්මාල් කුලසේකර)
උපුටා ගැනීම - Lakmal Kulasekara ගේ ෆේස්බුක් පිටුවෙන් 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...