The Leader News
BREAKING
Top Ad
Opinion

'පොහොට්ටු උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරමු' - මහාචාර්ය නලින් ද සිල්වා

T

The Leader Desk

December 30, 2019 • 10:03 AM

 'පොහොට්ටු උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරමු' - මහාචාර්ය නලින් ද සිල්වා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''අපට අද ඕන කරන්නෙ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් හදල දෙන්න. මා හිතන්නෙ ඔහුටත් ඒක ඕන කියලා. ඔහුට ඕන නැති වුනත් වැඩේ අල්ලල දාන්න මා කැමති නැහැ. ඒක මගේ කැමැත්ත. ඕන නම් හේතු දෙන්න පුළුවන්. ඒත් ඒ හේතුත් හේතු රහිත නැහැ. එහි කෙළවරක් නැහැ. යමකට කැමති නැහැ කියන්නෙත් කැමැත්තක් තමයි. අපි මේ ශක්තිමත් ආණ්ඩු කතාවෙන් පටන් ගනිමු.
  • අත්දැකීමක්.   2015 ජනවාරියෙ රනිල් පිහිටෙව්වෙ සුළුතර ආණ්ඩුවක්.
  • ඔය පඬියන්ගෙ අවිශ්වාසයට බඳුන් වන මෛත්‍රිපාල 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කෙරුව.
  • ඔහු රිෂාඩ් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය දුර්වල කරන්න අකමැති වුන බවයි කියැවෙන්නෙ.  කොහොම හරි ජවිපෙ දුව ගෙන ගිහිල්ල විශ්වාසභංගයක් ගෙනාවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශක්තිමත් ආණ්ඩුවක් වෙන්න ඉස්සෙල්ල ම මන්ත්‍රීවරුන් 113 දෙනකුවත් ඉන්න ඕන. සුළුතර ආණ්ඩු හදන්නත් පුළුවන්. ඒත් ඒවා අස්ථිරයි. කතානායකත් විරුද්ධ පක්‍ෂෙන් පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ විපක්‍ෂය එ ජා ප නිසා. විපක්‍ෂය පොහොට්ටුව හරි ශ්‍රී ල නි ප හරි විපක්‍ෂය වුනොත් සුළුතර ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න පුළුවන්. එය තර්කයක් නො වෙයි. අත්දැකීමක්. 

 2015 ජනවාරියෙ රනිල් පිහිටෙව්වෙ සුළුතර ආණ්ඩුවක්. ඒත් ඊනියා ඒකාබද්ධ විපක්‍ෂෙ ඒ ආණ්ඩුව වට්ටන්න කිසි දෙයක් කෙළේ නැහැ. නිකමට විශ්වාසභංග යෝජනාවකවත් ගෙනාවෙ නැහැ. ජ වි පෙ ගෙනාවෙත් නැහැ.

Nalinda text1ඔය පඬියන්ගෙ අවිශ්වාසයට බඳුන් වන මෛත්‍රිපාල 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කෙරුව. ඒත් ඒ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් වුනා. ඒක බහුතර ආණ්ඩුවක් කරන්න බැසිල් රාජපක්‍ෂ කටයුතු කෙළේ නැහැ. ඔහු රිෂාඩ් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය දුර්වල කරන්න අකමැති වුන බවයි කියැවෙන්නෙ. 

කොහොම හරි ජවිපෙ දුව ගෙන ගිහිල්ල විශ්වාසභංගයක් ගෙනාවා. කතානායක නියම ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස විශ්වාසභංගෙ පිළිගත්තා. ඒ දවස්වල ස්විට්සර්ලන්ත තානාපතිත් පාර්ලිමේන්තු ආව කියල මහින්ද කියා තිබුණා.


Mahinda Mathree 2018.10.26                                                       ''ඔය පඬියන්ගෙ අවිශ්වාසයට බඳුන් වන මෛත්‍රිපාල 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කෙරුවා ''

''පොහොට්ටුවට තියන්නේ 40%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි''

2020 මැතිවරණෙන් පස්සෙ පොහොට්ටුව ශ්‍රී ල නි ප නැතිව තරග කරලා සුළුතර ආණ්ඩුවක් හැදුවොත් ඒකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වළක්වන්න බැරි වේවි. ඒත් දැන් “තර්කයක්” ගෙනේවි ශ්‍රී ල නි පක්‍ෂය නැතිව තරග කළත් පොහොට්ටුවට 113ක් නොවෙයි 150ක්, ඒ කියන්නෙ තුනෙන් දෙකක් ගන්න පුළුවන් කියල. 

පොහොට්ටුවට පළාත් පාලන ආයතන මැතිවරණයෙදි ලැබුණෙ 40%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. එදා ලැබුණු ඡන්ද මත පදනම් වෙලා දිස්ත්‍රික් විසි දෙකෙ මැතිවරණ ප්‍රතිඵල ගණනය කරල මන්ත්‍රීවරුන් කී දෙනකු පොහොට්ටුවට ලැබේවි ද කියල බලන්න. 

ශ්‍රී ල නි පක්‍ෂයට හා එ ජ නි සංධානයට මන්ත්‍රීවරුන් කී දෙනකු ලැබේවි ද කියල ගණනය කරල බලන්න. ඒක තර්කයක් නොවෙයි. මා කියනවට ගණනය කරල බලන්න.

අනෙක් අතට ජනාධිපතිවරණයෙදි පොහොට්ටුවට ලැබුණු ඡන්ද මත පදනම් වෙලා මහා මැතිවරණයක දි ලැබෙන මන්ත්‍රි ධුර ගණනය කරල බලන්න. එය තුනෙන් දෙකට වැඩි වෙනවා ද? අඩු වෙනවා ද? ඒ කුමක් වුවත් පොහොට්ටුවෙ හා ශ්‍රී ල නි පක්‍ෂෙ සියල්ලන් ම එක ම වේදිකාවෙ දකින කොට ඒ ලැබෙන ඡන්ද ගණන අඩුවෙයි ද වැඩිවෙයි ද? ඒක තර්කයකින්වත් ගණනය කිරීමකින්වත් කියන්න පුළුවන් දෙයක් නො වෙයි. සම්භාවිතාවකට යටත් ව තමයි යමක් කියන්න පුළුවන්. .

Nalind Silva 2''113ත් නැති වුණොත් මොන දෙයියන්ට කියන්න ද?''

දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. ශක්තිමත් ආණ්ඩුවක් කියන්නෙ අඩු තරමෙ 113කවත් ආණ්ඩුවක් නම්, වඩාත් ශක්තිමත් ආණ්ඩුවක් කියන්නෙ 150 ක ආණ්ඩුවක් නම්, ඒ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ ශ්‍රී ල නි ප හා සමහර විට අර ගිවිසුම් අත්සන් කරපු පක්‍ෂ හා සංවිධාන දහහතේ තවත් පක්‍ෂත් නැතිව පොහොට්ටුව තරග කළොත් ද නැත්නම් සියල්ල එකතු වෙලා පුටුවෙන් තරග කළොත් ද? ඒක කරල ම බලන්න ඕන කියල කවුරු හරි කියන්න පුළුවන්. කරල බලන්න ගිහින් 113ත් නැති වුණොත් මොන දෙයියන්ට කියන්න ද?

මට අරය විශ්වාස නැහැ මෙයා විශ්වාස නැහැ කිය කිය ඉඳලා හරියන්නෙ නැහැ. ඇතැම් ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන්ට තර්කත් බැහැ. ඇතැමුන් කියනව ජනාධිපතිවරණෙ දි 70%ක් ඡන්ද ලැබුණෙ නැත්තෙ ශ්‍රී ල නි ප පාවාදීම් නිසා කියල. ජනාධිපතිවරණයෙදි රටෙන් ම 70%ක් පොහොට්ටුවට ලෑබුණෙ නැත්තේ මුළු රටේ ම ඉන්නෙ සිංහලයන් පමණක් නොවන නිසා. මා කාලයට ලියූ ලිපිවල මේ සියල්ල කියලා ඇති. 

ජනාධිපතිවරණයෙ දි සිංහලයන්ගෙ ඡන්දවලින් නම් 70%ක් පමණ ලැබිල තියෙනවා. සිංහලයන්ගෙ ඡන්ද කියන්නෙ එකක් රටේ ම ඡන්ද කියන්නෙ තවත් එකක්. සිංහලයන්ගෙ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියපු අයට මා කියන කතා විශ්වාස නැහැ. මා කී කතාවකට අනුව කොහොම හරි මෛත්‍රිපාල විසින් මහින්ද අගමැති කෙරුණා. ඒ නිසා මෛත්‍රිපාල විශ්වාස කරන්න ඕන නැහැ. මට නම් දේශපාලනඥයන් කිසිවකු විශ්වාස කරන්න බැහැ. ඒ කියල මොනව කරන්න ද? සියමෙන් කා හරි ගේනවා ද? එහෙමත් නැත්නම් වංගයෙන් ගේනවා ද? ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලනඥයකු නොවේවා යනු මගේ පැතුමයි.

''ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලනඥයකු නොවේවා ''

පොහොට්ටුවේ උද්ධච්ඡයන් ගෝඨාභය රාජපක්‍ෂ ද සාක්‍ෂියට ගෙන අත්සන් කළ ගිවිසුම් පිළිගන්න කැමති නැහැ. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන් කියන්නේ පක්‍ෂ නායකයන් සමග අත්සන් කළ ගිවිසුම් ගැන ඔවුන් වග නොකියන බවත් ඔවුන් සැලකිලිමත් වන්නේ ජනතාව සමග අත්සන් කළ ගිවිසුමක් ගැනත්. 

මොකක් ද මේ ජනතාව සමග අත්සන් කළ ගිවිසුම. මේවා කාව්‍යොක්ති පමණයි. පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව පොහොට්ටුවට දුන්නේ 40%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ඡන්ද සියල්ල පොහොට්ටුවට ලැබුණු ඡන්ද නොවන බව පමණක් පොහොට්ටු උද්ධච්ඡයන් දන්නවා නම් ඒකවත් රටට හොඳක් වේව්.

Nalind Silva 3කාලෙකට පස්සෙ තුනෙන් දෙකේ බහුතරයක් ගැනීමේ අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මට පේන විධියට පොහොට්ටුවෙ උද්ධච්ඡයන් අරය ගැන මෙයා ගැන විශ්වාසයක් නැති බව කියමින් ගෝඨාභය රාජපක්‍ෂත් අත්සන් කළ ගිවිසුම් පැත්තකට දමමින් ඒ අවස්ථාව නැති කරන්න උත්සාහ කරනවා. 

ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවකට තුනෙන් දෙකේ බහුතරයක් අරන් දෙන්න කැමති නැති පාටයි. ඔවුන්ගෙන් ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂා කර ගන්න ඕන. ඔවුන්ට තියෙන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ පාවා දිල හරි තම අපේක්‍ෂකත්ව, මන්ත්‍රීකම් ආරක්‍ෂා කර ගැනීමේ වුවමනාව පමණයි. 


(මහචාර්ය නලින් ද සිල්වාගේ 'කාලය' FB පිටුවෙන් උපුටා ගන්න ලදී )

සම්පුර්ණ ලිපිය මෙතනින් බලන්න 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...