The Leader News
BREAKING
Top Ad
Opinion

අභාවයට පත් වික්ටර් අයිවන් (පොඩි අතුල) පිළිබඳව සටහනක් | Lionel Bopage

T

The Leader Desk

January 22, 2025 • 7:58 AM

අභාවයට පත් වික්ටර් අයිවන් (පොඩි අතුල) පිළිබඳව සටහනක් | Lionel Bopage

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ විශේෂත්වය වූයේ ඔහු කෙතරම් දැඩි ස්ථාවරයක් ඉසිලුව ද, අප සමග කෙතරම් දේශපාලන වෙනස්කම් පැවතුනේ වුවද අදහස් හුවමාරු කර ගැනීමේදී සහ ඔහු ගේම වූ අදහස් විවේචනයට ලක් කිරීමේ දී පවා ඔහු දැක් වූ සහභාගිත්ව වාදී ආකල්පය යි.
  • ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු සිටිය දී මෙන්ම පසු කාලීනව ද ඔහු සතුව තිබුන අනවරත උද්‍යෝගය හේතුවෙන් ම අතිධාවනකාරී ලෙස කටයුතු කරන ලද කෙනෙකු ලෙස ඔහුව හඳුන්වා දිය හැකිය.
  • වික්ටර් ගේ අභාවය හමුවේ ඇතැම් අය දැනටමත් ඉදිරිපත් කර තිබෙන මෙන්ම ඉදිරියේ දී ඉදිරිපත් කල හැකි කරුණු සම්බන්ධයෙන් මා දරන ස්ථාවරය පැහැදිලි කර දීමට මෙය සුදුසු අවස්ථාව නොවේ.
  • මාර්තු 6 වන දා මාඕවාදී තරුණ පෙරමුණ ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරි පිට උද්ඝෝෂණයක් පවත්වා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමට එකල ආණ්ඩුව හා සම්බන්ධ ව සිටි කණ්ඩායමක් කටයුතු කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුගේ විශේෂත්වය වූයේ ඔහු කෙතරම් දැඩි ස්ථාවරයක් ඉසිලුව ද, අප සමග කෙතරම් දේශපාලන වෙනස්කම් පැවතුනේ වුවද අදහස් හුවමාරු කර ගැනීමේදී සහ ඔහු ගේම වූ අදහස් විවේචනයට ලක් කිරීමේ දී පවා ඔහු දැක් වූ සහභාගිත්ව වාදී ආකල්පය යි.

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු සිටිය දී මෙන්ම පසු කාලීනව ද ඔහු සතුව තිබුන අනවරත උද්‍යෝගය හේතුවෙන් ම අතිධාවනකාරී ලෙස කටයුතු කරන ලද කෙනෙකු ලෙස ඔහුව හඳුන්වා දිය හැකිය.

 

රට බාර දිය යුත්තේ කාට ද? (1) - වික්ටර් අයිවන්
වික්ටර් ගේ අභාවය හමුවේ ඇතැම් අය දැනටමත් ඉදිරිපත් කර තිබෙන මෙන්ම ඉදිරියේ දී ඉදිරිපත් කල හැකි කරුණු සම්බන්ධයෙන් මා දරන ස්ථාවරය පැහැදිලි කර දීමට මෙය සුදුසු අවස්ථාව නොවේ.

එහෙත්, රෝහණ විජේවීර සහෝදරයා විසින් අපරාධ යුක්ති කොමිෂන් සභාව හමුවේ ගන්නා ලද සහ අප විසින් අකැමැත්තෙන් හෝ අනුමත කරන ලද ක්‍රියාමාර්ගයට පසුබිම වූයේ කවර තත්වයක් දැයි යන්න පැහැදිලි කර දීමට මෙම අවස්ථාව කර ගන්නෙමි.

5 Dr. Arthur Ratnavelආතර් රත්නවේල්1969 දී අපේ “ව්‍යාපාරය” තරුණයන් බිලී බා ගැනීමේ CIA කෙමණක් ලෙසත්, 1970 අගෝස්තු මාසයේ දී ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ජනතාවගේ අංක එකේ හතුරා ලෙසත් හංවඩු ගසා අපව සමූල ඝාතනය කරන ලෙස එකල පැවති සභාග ආණ්ඩුවේ නායකයෝ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට ලේකම් ව සිටි ආතර් රත්නවේල් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

1971 මාර්තු 6 වන දා මාඕවාදී තරුණ පෙරමුණ ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරි පිට උද්ඝෝෂණයක් පවත්වා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමට එකල ආණ්ඩුව හා සම්බන්ධ ව සිටි කණ්ඩායමක් කටයුතු කළහ. එම උද්ඝෝෂණය හා මරණය යොදා ගනිමින් සභාග නායකයෝ හදිසි නීතිය පනවා, ඒ යටතේ මල මිනී මරණ පරීක්ෂණයකින් තොරව විනාශ කර දමන්නට පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදාවන්ට බලය පවරා දුන්හ.

 

1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා - (ආචාර්ය  ලයනල් බෝපගේ)
සභාග ආණ්ඩුව සමන්විත කල පක්ෂ නායකයන් මෙන්ම ආතර් රත්නවේල් මහතා වැන්නවුන් විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස කැඳවන මෙන් අප කරන ලද ඉල්ලීම අපරාධ යුක්ති කොමිෂන් සභාව විසින් නිෂේධ කර දමන ලද තත්වය යටතේ, 1971ට පෙර දීත්, අප්‍රේල් අරගලය සමයේත් අපට එරෙහිව ගෙන යන ලද මර්දන ක්‍රියා ජනතාවට හෙළි කරන්නට අපට අවස්ථාවක් නො ලැබෙනු ඇතැයි අපි විශ්වාස කලෙමු. මහ නඩුවේදී අප ගන්නා ලද ක්‍රියා මාර්ගයට මඟ පෑදුණේ ඒ අන්දමට යි.

බොහෝ දෙනා දැනටමත් සදහන් කර ඇති පරිදි දේශපාලන ක්‍රියාකාරිකයෙකු, විචාරකයකු, සමාජ විශ්ලේෂකයකු, මාධ්‍යවේදියකු, කතුවරයකු මෙන්ම දේශපාලන නායකයන් බලයට ගෙන ඒමේ දී ප්‍රබල ලෙස මැදිහත් වූ අයෙක් ලෙස ඔහු කරන ලද වැඩ කොටස ඉදිරියේ දී ඉටු කර ලීම ජීවතුන් අතර සිටින කිසිදු කෙනෙකුට පහසු කාර්යයක් නොවනවා ඇත.

ඔහු දිවි ගෙවූ කාලය තුල ඔහු කරන ලද සියළු ධනාත්මක වැඩ කොටස් වෙනුවෙන් ඔහුට අපගේ ගෞරවය සහ උපහාරය පිරි නමන්නට මෙය අවස්ථාවක් කර ගනිමි. ඔහුගේ පවුලේ සියළු දෙනාටත්, නෑදෑ හිත මිතුරන් සියළු දෙනාටත් අපේ බලවත් කණගාටුව පිළි ගන්වා සිටිමු.

ඔහුට සදාතන සුව නින්දක්!

(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)


මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
lionel.bopage@gmail.com

උපුටා ගැනීම : Lionel Bopage ගේ ෆේස්බුක් පිටුවෙන්...
January 20 - 2025 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...