අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු වැඩි දෙනා සාකච්ඡාවට ලක්කෙරුනේ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩිවීම, IMF ගිවිසුම, රනිල්ගේ අයවැයක් වගේ සුලු මාතෘකා ප්‍රමාණයකි.
නමුත් 2025 අනුර කුමාර ජනාධිපතිවරයා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කල අයවැය මා හටනම් හනිමූන් අයවැයක් වැනිය.
අලුත බැදපු ජෝඩුවක් උදාහරණයට ගන්න. පිරිමි සහකරුවා විසින් තම අලුත බැදපු බිරිඳට හනිමූන් රැයේදී නොයෙකුත් ත්‍යාග පුදුමකිරීම් ආදී දේ ලබා දෙයි. ආලවන්තකම් පායි. හනිමූන් දිනය දා දෙදෙනාව බාහිර ලෝකයෙන් වෙන් කොට තනි කරනු ලබයි. බිරිඳ ද තම ස්වාමියා ලබාදුන් ත්‍යාග වලට පුදුම වෙමින් ස්වාමියා සමග ආදරයෙන් වෙලෙයි.
අනුරගෙ අයවැයද හනිමූන් දිනදා බිරිඳ පුදුමකිරීමට ලබා දුන් ත්‍යාග වැනිය. ජන්ද දායකයාද හනිමූන් කාලෙ පුදුම වී සිටියි.
හැබැයි හදිසියේම හනිමූන් බබෙක් ආවොත්, ආදායමට වඩා විශාල වියදම් ප්‍රමාණයක් දෙදෙනාටම ලං වේ.
ලංකාවටත් හනිමූන් බබෙක් ලගදීම
අනුර වියදම් ගොඩක් අයවැය කතාවෙදි කිව්වා. ජනතාවත් චූන් එකේ ඉන්නවා. හැබැයි ආදායම් ගැන නිෂ්චිත කතාවක් නෑ
මේපාර අයවැයෙ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,190යි. ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4,990යි. ඒ කියන්නෙ ආයෙ රුපියල් බිලියන 2,200ක් හිගා කාලා ණය වෙලා තමා ඔය පඩි නඩි ඔක්කොම වැඩිකරපුවා ගෙවන්න යන්නෙ.
අනික අමතක කරන්න එපා ඔය ආදායම උනත් නිෂ්චිතම නෑ. මොකද ආණ්ඩුව කියන විදියට වැඩිම ආදායම බලාපොරොත්තු වෙන්නෙ වාහන ආනයනය කිරීමෙන්. දැන් තියෙන අලුත් ගණන් එක්ක මිනිස්සු වාහන ආනයනය කරයිද?
තව දෙයක්, අයවැයේ වියදම් වල වැඩිම පංගුව යන්නෙ ණය පොලී ගෙවන්න සහ ඇතැම් ණය ගෙවන්න. හැබැයි 2027 දෙසැම්බර් ඉදන් ඕක තව ඩබල් වෙනවා අපේ ණය සහන කාලය ඉවර වීමෙන්. එතකොට කොහෙන්ද මේ ඔක්කොම කරන්න සල්ලි.
මේ නොකියා කියන්නෙ මෙහෙම ජන්ද ඉලක්ක කරගෙන ජනතාව සුරාන්තියට පත් කරන්න හනිමූන් බජට් එකක් ගෙනල්ලා ලගදීම අපිට බබා හම්බෙනවා කියන එක.
| මහීල් බණ්ඩාර
maheel3social@gmail.com



