The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ස්වභාවධර්මයට අතිසමීප නොවී ඉම්මු! - (Mahesh Hapugoda)

T

The Leader Desk

May 15, 2023 • 6:04 AM

ස්වභාවධර්මයට අතිසමීප නොවී ඉම්මු!  - (Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැලෑව අවදානම් හෝ භයංකාරයි හෝ එහෙම ගියොත් මැරෙනවා ඒ නිසා ඕවා අස්සේ යන්න එපා කියල නෙවෙයි මේ කියන්නේ.
  • ඔය කැලෑ පීරාගෙන ඕව අස්සේ මුලින්ම ගියේ වැද්දෝ කියල ඔයාල හිතුවට නාගරික සන්දර්භයක් ඇතුලේ ඉඳල මිනිසාට ළඟාවෙන්න බැරි, තරණය කරන්න බැරි ඔය කලාපයන් වලට මුලින්ම පය තියන්නේ, සහ එවන් භූමිය හඳුනාගන්නේ විජිතකරණයේ හිටපු යුරෝපීය ජාතීන්.
  • දැන් සුදු ස්වාමියාත් නොවිදි අතිරික්ත ප්‍රොමෝදයක් දැන් මේ කැලෑ ඇතුලේ දේශීය අපි හොයනවා.
  • හැබැයි මම මේ කියන අදහස මගේ නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):



කැලෑව අවදානම් හෝ භයංකාරයි හෝ එහෙම ගියොත් මැරෙනවා ඒ නිසා ඕවා අස්සේ යන්න එපා කියල නෙවෙයි මේ කියන්නේ. ගවේෂණය එපා කියලත් නෙවෙයි මේ කියන්නේ.

 

ඔය කැලෑ පීරාගෙන ඕව අස්සේ මුලින්ම ගියේ වැද්දෝ කියල ඔයාල හිතුවට නාගරික සන්දර්භයක් ඇතුලේ ඉඳල මිනිසාට ළඟාවෙන්න බැරි, තරණය කරන්න බැරි ඔය කලාපයන් වලට මුලින්ම පය තියන්නේ, සහ එවන් භූමිය හඳුනාගන්නේ විජිතකරණයේ හිටපු යුරෝපීය ජාතීන්. විජිතකරණ වැඩේ අස්සේ ඔය ''මෙතෙක් ගවේෂණය නොකළ භූමිය'' ගැන ගණිතමය දැනුමක් අරන් එන්නේ යුරෝපීය මිණින්දෝරුවෝ. උන් තමයි මෙතෙක් අංකමය හැඩයක් නොතිබ්බ භූමියට අංක අරන් එන්නේ. ආඛ්‍යාන අරන් එන්නේ.

 

උසම තැන පිදුරුතලාගල. දුරම තැන කන්කසන්තුරේ. සීතලම තැන මෙතන. රස්නෙම තැන මෙතන. ලෝකයේ උසම තැන අතන මෙතන කියල කියල ''දැනුමක්'' අපිට අරන් එන්නේ උන්. ඒවම තමයි ඔය ''සාමාන්‍ය දැනීම'' (general knowledge) ප්‍රශ්න පත්තරවල තියෙන්නේ. .

 

Sri Lankan landscape - view form Sigiriya rock, Sri Lanka,

එතැන් පටන් තමයි අපිට ''උසම තැන'' කියල ෆැන්ටසි එකක් එන්නේ. ලෝකයේ උසම තැනට යන්න ෆැන්ටසිගත කරන්නේ. සීතලම කාලගුණය අත්විඳින්න උත්සාහ කරන්නේ. අපි දැන් ඉන්නේ මෙච්චරක් උඩින් කියල පයිලට් කියන කොට නිකම් මෙව්වා වෙන කික් එකක් එන්නේ. ඒ අංක එක්ක තමයි උස ගැන භාෂාමය - සංකේතීමය හැඟීමක් එන්නේ. නැත්නම් උස ගැන අපි නොදැන හිටිය නෙවෙයි.

 

දැන් අපිට ස්ථාන ගැන භාෂාමය හැඟීමක් තියනවා. අතන ඇල්ල මෙච්චරක් උසයි. ඒ ඇල්ල උඩ මෙච්චර දේවල් තියනවා. අලි ඉන්නවා. දිවියෝ ඉන්නවා. අරූ ඉන්නවා. මූ ඉන්නවා. දැන් භාෂාවටත් වඩා සෙල්ෆි, ෆොටෝ වගේ සාහිත්‍යයක් තියනවා. ආඛ්‍යාන තියනවා. නැරේෂන් තියනවා. අපේම කතාව කියන්න ටික් ටෝක් තියනවා. ෆේස්බුක් තියනවා. ඉන්ස්ටග්‍රෑම් තියනවා. යූබට තියනවා. දැන් සුදු ස්වාමියාත් නොවිදි අතිරික්ත ප්‍රොමෝදයක් දැන් මේ කැලෑ ඇතුලේ දේශීය අපි හොයනවා.

 

හැමෝම කියන්නෙත් ඔබ තුළම ඔබ සොයාගන්න කියලනේ.

Mini Worlds End Sri Lanka Knuckles Riverston 5
අතිරික්ත ප්‍රොමෝදය මරණින් කෙළවර වෙන්න පුළුවන් කියල දැන් ඔක්කොම දන්නා නිසා සහ එහෙම මැරෙන්නත් ඕනි නිසා නිසා ගල්කොමු අග්ගිස්සවල් වල, කඳු මුදුන් වල තනි කකුළෙන් මරණීය සෙල්ෆි ගන්නවා. ඒක තමයි ට්‍රෙන්ඩ් එක. ඒ වගේ මැරෙන අයට උපදෙස් දෙන බුකියේ ප්‍රොමෝද ගුරුන්ණාන්සෙලත් ඉන්නවා. ඒ ගැනත් අවුලක් නැහැ. ඒ මේ යුගයේ හැටි.

 

selfieහැබැයි මම මේ කියන අදහස මගේ නෙවෙයි. ජිජැක් ගේ. එයා කියන්නේ ඔය ස්වාභාවධර්මයට ඕනිවට වඩා සමීප වෙන්න එපා කියල (අතිසමීප බව). එතකොට මෙලෝ රහක් නැහැ කියල. ලංවෙන්න වෙන්න ඉන්නේ පණුවෝ කියල.

 

මම කියන්නේ අර උඩ දියලුම ගිය කපල් එකට මේ සත්‍යය තේරුම් ගන්න තිබ්බ කියල.

දියළුම එක උස් ලොකේෂන් එකකට ගියාම ඔක්කොම ලස්සන දකින්න පුළුවන්. උදේම හෝ හවස ඉරත් එක්ක අමුතු ලස්සනක් තියනවා. පොඩ්ඩක් ඕක බලල ෆොටෝ එකක් අරන් ටිකක් පහසුකම් තියන හෝටලේට ආපහු එන්න. වයින් එකක් ගහල පහසුවෙන් ඉන්න.

 

preview

අලින්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. වල් ඌරන් ගේ බලන්න තියෙන්නේ මොන රෙද්දද? බකමුණෝ දැකල නැද්ද? අති බහුතරයක් අපි උපන්නේ ගම්වල. ගම්වල දුක් විඳලා විඳලා පස්සේ රස්සාවක් කරනකොට තවත් කැලේ වල් අලි එක්ක නිදාගන්නේ මොන බම්බුවට ද?

කෑම්පිං ගැන මෙලෝ ප්‍රමිතියක් නොදන්න ගමේ උංනම්  කියයි අරක කරන්න මේක කරන්න කියල. ඒ ඔක්කොම අපි කරන්න ඕනි නැහැ. යන්තම් හීලෑ කරපු වල් අලි උඩ සෆාරි යන එවුන්ටත් එක්ක මේ කිව්වේ. පට්ට සැප පෝර්ශේ බෙන්ස් අවුඩි තියන ලෝකෙක මොනවද මේ විකාර.

 

ස්වභාවධර්මයේ සංවේදී කලාප වලින් පුළුවන් තරම් ඈත් වෙමු. ස්වභාවධර්මයට අපිට කරන්න පුළුවන් ලොකුම ප්‍රතිඋපකාරය ඒක.

 

ෆන් ගන්න එපා කියලවත්, සොයායන්න එපා කියලවත් නෙවෙයි මේ කියන්නේ...❤️

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ස්වභාවධර්මයට අතිසමීප නොවී ඉම්මු! - (Mahesh Hapugoda) | The Leader