එක වෙලාවක යහපාලනයේ සමාරම්භක ජයග්‍රහණය අරන් එන්නේ හරින්. බදුල්ලෙන්.
දැනට දැනගන්න තියෙන විදියට ඔහුට කරන්න වෙන්නේ කරන්නේ ඩිජිටල් යුද්දයක්. ඒ කියන්නේ ලංකාවේ ඩිජිටල් වේදිකාව පොදු විපක්ෂය පැත්තට ගන්න එක.
ඩිජිටල් වේදිකාව කියල මහා ලොකු එකක් නැහැ. තියෙන්නේ ෆේස්බුක් එකයි යූටියුබ් ෆ්ලැට්ෆෝම් කීපයකුයි විතරයි. ඒ ටික 'බැලන්ස්' කරන්න පුළුවන් උනොත් 'ජනමතය' කියන එක සෑහෙන දුරට මැනිපියුලේට් (manipulate) කරන්න පුළුවන්. විශේෂයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජනප්‍රිය බව සෑහෙන අභියෝගයකට ලක්වෙලා තියෙන වෙලාවේ.

මේ වෙනකොට ජාතික ජන බලවේග ආණ්ඩුව කියන්නේ පොඩි දෙයිනුත් කලබල වෙන දේශපාලන බලවේගයක්. මම මුට්ටිය දාන්න වගේ විමුක්ති කුමාරණතුංග ගැන පෝස්ට් එකක් දැම්ම. ඒකට මාලිමා හා හා රියැක්ට් ගොඩයි (ඒක නම් මම කොහෙත්ම ගණන් ගන්නේ නැහැ. හැබයි ඒක ඔවුන්ටත් නොදැනීම ඔවුන්ගේ අනාරක්ෂිත (insecurity) බව ගැන යම් නිර්ණායකයක් සපයනවා).
ඊළඟට ඇමෙරිකාවේ මිනිස්සු පාරට බැහැල ඉන්නවා දැම්ම. ඒකටත් එහෙමයි. කලබලයි. ලංකාවේ කිසිම ආණ්ඩුවක් හෝ දේශපාලඥයින් ඉතාම අසීරු අවස්ථාවල පවා එහෙම පෝස්ට් දැම්ම කියල කලබල උනේ නැහැ. මම දන්නේ නැහැ මෙච්චර තරුණ රැඩිකල් පසුබිමක් තියන මිනිස්සු අර ප්‍රභූ පොරවල්වත් උනේ නැති කලබලයකින් ඉන්නේ ඇයි කියල. එයාලගේ ෆේස්බුක් ගෝලයොත් එහෙමයි.
මම හිතන්නේ ඔවුන්ට යමක් දැනිලා තියනවා කියල.
මම දකින විදියට අතත්‍ය අවකාශයේ ලොකු චැලේන්ජ් එකක් අවොත් ඔවුන් ලොකුවට කලබල වෙලා සියල්ල අවසන් කරගන්න පුළුවන්.
දැනට මාලිමාව තියෙන්නේ අතත්‍ය අවකාශයක (virual space) විතරක් වගේ බවයි මගේ හැඟීම. ඒකත් අහිමි වුනොත්...
එතකොට තවත් හැරවුමක ආරම්භය හරින් බවට පත්වෙනවා.

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




