The Leader News
BREAKING
ලෝක ජනමතය මැද සාමය සොයන පලස්තීනය |ඉම්තියාස් බාකීර් මාකාර්●ආණ්ඩුව ගැන මිථ්‍යාවන් දහයක්: ප්‍රචාරණයෙන් ඔබ්බට දේශපාලන ප්‍රගතිය විමසීම●දුම්රියේදී නඩු ගැන කතා කළ බ්‍රිතාන්‍ය විනිසුරුවරයාට අවවාද●2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව●ADB හි ඩොලර් මිලියන 200 ණයෙන් මෙරට සුළු ව්‍යාපාරවලට පණ ලැබෙයිද?●ගුවන් තොටුපළේ ලිස්සා වැටී මැලේසියා අමාත්‍යවරයෙකුට තුවාල●සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද? | කුසල් පෙරේරා●දින 11ක නාටකීය නිහැඬියාවකින් පසු ජෙන්සන් හුවාන් යළි Nvidia මුල් පුටුවට●රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●කළු සල්ලි පරීක්ෂාවේ හිඩැස් මතුවෙයි; මූල්‍ය ආයතන රැසකට මහ බැංකුවෙන් දඩ●
Top Ad
Opinion

නාදුනන තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරකින් 'දෙරණේ රොටියා' මරුට... | Mahesh Hapugoda

T

The Leader Desk

October 24, 2025 • 4:17 AM

නාදුනන තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරකින් 'දෙරණේ රොටියා' මරුට... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමාවේ හෝ ජවිපෙ නොවන හැමෝම දේශද්‍රෝහී, දූෂිත, පාතාල, රටට ආදරයක් නැති සහ ඒ නිසාම විනාශකල යුතු - ඉවත්කළ යුතු ප්‍රවර්ගයක් හැටියට 'නාමකරණය' වෙමින් පවතිනවා.
  • එක්සත් ජාතික පක්ෂයේ, සමගියේ, ශ්‍රී ලංකා එකේ, පොහොට්ටුවේ, කුසලානේ, දිනන දකුණේ, විමල් පාර්ශවයේ වගේ හැම කෙනෙක්ම පාහේ ජීවත්ව නොසිටිය යුතු වගේ හැඟීමක් මේ මාලිමා ප්‍රචාරණ යාන්ත්‍රණය ඇතුලේ අර්ථකතනය කෙරෙනවා.
  • හැබැයි ඒ අය සීන් එකේ ඉන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මාලිමාවේ හෝ ජවිපෙ නොවන හැමෝම දේශද්‍රෝහී, දූෂිත, පාතාල, රටට ආදරයක් නැති සහ ඒ නිසාම විනාශකල යුතු - ඉවත්කළ යුතු ප්‍රවර්ගයක් හැටියට 'නාමකරණය' වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂයේ, සමගියේ, ශ්‍රී ලංකා එකේ, පොහොට්ටුවේ, කුසලානේ, දිනන දකුණේ, විමල් පාර්ශවයේ වගේ හැම කෙනෙක්ම පාහේ ජීවත්ව නොසිටිය යුතු වගේ හැඟීමක් මේ මාලිමා ප්‍රචාරණ යාන්ත්‍රණය ඇතුලේ අර්ථකතනය කෙරෙනවා.

මම හිතන්නේ ඒ ප්‍රචාරණ යාන්ත්‍රණය අන් කවදාටත් වඩා සමස්තතාවාදී වෙමින් පවතිනවා (totalitarian). ඒක මාලිමාවේ බුද්ධිමය යාන්ත්‍රණයට පවා අවිඥාණිකයි.


එතකොට මේ මතවාදී යාන්ත්‍රණයට අනුව මැරෙන්නේ ලංකාවේ දක්ෂ ව්‍යවසායකයෙක් සහ දේශපාලනඥයෙක් වෙච්ච දිලිත් ජයවීර නෙවෙයි 'දෙරණේ රොටියා' කියල කෙනෙක්. දෙරණ කියන්නේ නයි පෙන්නපු චැනල් එකක් විතරක් නෙවෙයි එක කාලයක ලස්සන මියුසික් ටිකකුත් ලංකාවට දුන්න චැනල් එකක් (මට අනුව). ඩෙල් ස්ටුඩියෝ මියුසික් ටික මට තාම මතකයි.

රාජපක්ෂට කඩේ යන, රනිල්ට කඩේ යන, නාමල්ට කඩේ යන හෝ වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් දේශපාලනය කරන කෙනෙක් මැරුණට කමක් නැහැ වගේ මතයක් මාලිමාව එදත් ජනගත කළා. අදත් කරනවා. 

 
උදාහරණයක් හැටියට නාකි මයින, නාකි රනිල් මැරෙන්නේවත් නැහැනේ කියල එදා වේදිකාවේ කිව්වේ මේ අදහසින්ම තමයි. අපිටත් මාලිමාව කැමති නැති දෙයක් කිව්වොත් කොමෙන්ට් සහ හා හා වැටෙන්නෙත් ඒ විදියටම තමයි. 

හා හා වැටෙනවා කියන්නේ යන්න කාලේ හරි කියන එක.


මහින්ද, රනිල්, නාමල්, දිලිත් යන අයගේ අපි එකඟ නොවන දේ ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ අය සීන් එකේ ඉන්න ඕනි. වරදක් තියනවා නම් ඒක වෙන විදියකට හැන්ඩ්ල් කරන්න ඕනි. හැබැයි ඒ දේශපාලන විවිධත්වය අපි ආරක්ෂාකරන්න ඕනි. හැමෝටම අයිතියක් තියනවා ජීවත්වෙන්න. වරදක් කරලා තියනවා නම් නීතිය ඉදිරියට යන්න. දඬුවම් කරන්න හෝ ලබන්න.
අධිකරණමය නොවන දේශපාලන වරදක් නම් (කැළණි නයා වගේ) මිනිස්සු ඒක වෙනම බලාගනී. හැබැයි දිලිත් ජීවත්වෙන්න ඕනි. චාමර සම්පත් ඉන්න ඕනි. අනික් හැමෝමත් ඉන්න ඕනි. රජයක් තියෙන්නේ අපි හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්. මාලිමාව දේශපාලනිකව සෙල්ලම් කරන්නේ ඒ මූලික වගවීම එක්ක.

මීට කලින් ආණ්ඩු ඒ වගවීම කළාද නැද්ද කියන එක නෙවෙයි ඒකට උත්තරය.

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...