මේ ඊයේ පෙරේදා කොරියාවේ ගිය සංචාරය ගැන.
ගොඩක් අය ෆොටෝ එහෙම කීපයක් අරගෙන දාල තිබ්බ නාමල්ගේ සංචාරයේ අසාර්ථක බව ගැන.
නාමල් තනියම වගේ ගමන්කරන ෆොටෝ එකකුත් ෂෙයා වෙනවා දැක්ක.
ඇත්ත. ඒ සංචාර අනුර මහත්තයා ගිය සංචාර සහ විදේශ ජනහමු එක්ක ලඟින්වත් තියන්න බැහැ. ඒ විතරක් නෙවෙයි නාමල් නෙවෙයි ලංකාවේ කිසිම ප්‍රධාන ප්‍රවාහයේ නායකයෙක්ට එහෙම දැවැන්ත සහ සංවිධානාත්මක විදේශ ජනහමු තියන්න අවස්ථාවක් ලැබෙයි කියල මම නම් හිතන්නේ නැහැ. ඔක්කොම ලාංකික පාර-ජාතික ප්‍රජාව ඒ තරම් මාලිමාව එක්ක එකතු උණා.
ඒ නිසා අනුර වගේ නාමල්ට බැරිවුණා කියන එක හරි.
හැබැයි මගේ ගට් ෆීලින් එක නම් කියන්නේ නාමල් ලංකාවේ යම් මොහොතක නායකයා වෙයි කියල. ඒක 2029ද කියල මම දන්නේ නැහැ. හැබැයි ඒ වෙනකොට මේ පෝස්ට් එක ඔයාලට මතකත් නැතිවෙයි. මටත් මතක නැති වෙයි.
ලංකාවේ ගවුන්ඩ් එක යම් වෙලාවක එයා පැත්තට හැරෙයි කියල හිතෙනවා. දැන් නැති අතිවිශාල ජනතාවක් එතකොට එයාට ඉඳියි. ලංකාවේ මිනිස්සු එකතුවෙන කොට කොරියාවේ අයත් ෆ්ලයිට් බුක්කරන් එයි....ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.
ඔබ නාමල් පරාජය උණා කියල හිතන තැනම තමයි ඔහුගේ ජයග්‍රහණය තියෙන්නේ.
මේ ෆොටෝ එක දිහා මම ටික වෙලාවක් බලන් හිටිය. යම් කාලයක මගේ අනාවැකිය හරිගිය දවසක මගේ ටයිම් ලයින් එකෙන් මේක ගන්න.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




