හොඳයි. ඒක එක පැත්තකින් ආණ්ඩුවට පීඩනයක් එකතුකරනවා. ඒ නිසා ආණ්ඩුව ඇහැරවන්න ඒ එන එකමුතුව සහ සංවිධානය වැදගත්.
කොහොමත් මේ මහදවල් මිනිමරණ එකයි ඒවා පාතාලෙට බාරදෙන එකටයි නම් විරුද්ධ වෙන්නම ඕනි. ඒවායින් අභියෝගයට ලක්වෙන්නේ මාලිමාවේ සදාචාර කතිකාව. ඔවුන් අනික් අයගෙන් වෙනස්වෙනවා කිව්වේම ඒ දේශපාලන සදාචාරය එක්ක. නමුත් 'මිදිගම ලසා' ගැන කියද්දී ඔවුන්ට අමතක වුණෙත් ඒක. ඒ කතිකාව හසුරුවද්දී ඔවුන් හිටපු අයටත් වඩා පහලට වැටුණා.
මාලිමාව අවසන් උනේ එතැනින්.
ඒ මොනවා උනත් පොදු විපක්ෂයේ මම දකින මෙහෙම අවුලක් තියනවා. මාලිමාව පවා බලය ගත්තේ මාකටින් කැම්පේන් (marketing campaign) එකක් හරහා. ඩබල් පොකට්, ඩෙනිම්, දැවැන්ත පුවරු, නාකි විරෝධය, හොරු විරෝධය, උගන්ඩා සල්ලි වගේ ලොකු ඇස්බැන්දුම් ගොඩක් එක්ක. ඒක මාකටින් පැත්තෙන් සාර්ථක උනා. හැබැයි වැඩපිළිවෙලක් හැටියට මෙලෝ බෝලයක් තිබිල නැහැ කියන්න අපි දැන් දන්නවා.
පොදු විපක්ෂය ඉතාම කෙටි කලකින් සාර්ථක වෙන්න පුළුවන්. දැන් තියන හැටියට ඒක ඉතාම වේගවත් වෙන්නත් පුළුවන්. විශේෂයෙන් පොහොට්ටුවට තියන ආකර්ෂණය වැඩිවෙමින් යනවා පේනවා. සජබෙත් ඉදිරියට එනවා. හැබැයි එන්නේ හිස් අතින්. මාකටින් කැම්පේන් එකක ප්‍රතිපලයක් හැටියට.
ඒ කියන්නේ හැමෝම එන්නේ ප්ලෑන් එකක් වැඩපිළිවෙලක් නැතුව. ඒක වැඩක් නැහැ. විශේෂයෙන් Z Gen එකට කතාකරන කොට. ආයෙත් පරණ වලේ වැටිලා වැඩක් නැහැ. පොදුවේ පිළිගන්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙලක් ගේන්න. ඇත්ත විකල්පයක් ගේන්න.
මාලිමාවට දුන්න අයගේ අපේක්ෂාභංග චන්දය වෙනුවෙන් ම වැඩකරලා වැඩක් නැහැ.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




