ආපු එක කොමෙන්ට් එකක් තමයි මත්පැන් බීම කියන්නේ එකක් අයිස් ගහනවා කියන්නේ තව එකක් කියන එක.
ඒ කියන්නේ ලංකා ආණ්ඩුවේ අනුමැතියලත් මත්පැන් බීම අවුලක් නැහැ හැබැයි අයිස් වගේ ඒවා අහුවෙන්නේ 'විෂ මත්ද්‍රව්‍ය' කියන ගණයට කියන එක. ඒ කියන්නේ අරක්කු විෂ නැහැ බිව්වට කමක් නැහැ වගේ හැඟීමක් තමයි මෙයින් දෙන්න හදන්නේ.
මේ දෙකේ වෙනසක් තියනවා තමයි. විශේෂයෙන් අයිස් වගේ මත්ද්‍රව්‍යයක් ඉතාම කුඩා ප්‍රමාණයකින් කෙනෙක් මත්කරන්න පුළුවන්. සහ ඒ මත්වීමේ ස්වභාවය වෙනස්.
හැබැයි මේක ප්‍රමාණාත්මක දෙයක්. ඒ කියන්නේ අරක්කු උනත් යම් ප්‍රමාණයක් ඉක්මවල පානය කලාම වැඩියෙන් මත්වෙන්න පුළුවන්. තව දුරටත් ගියොත් විෂ වෙන්නත් පුළුවන්. ඉන්ද්‍රියන්ට හානිවෙන්නත් පුළුවන්. මැරෙන්නත් පුළුවන්.
මම කලාතුරකින් සෝෂල් ඩ්‍රින්ක් එකක් ගන්න 'සවිඥාණික කෙනෙක්' ගැන මුකුත් කියන්නේ නැහැ. හැබැයි ලංකාවේ ගල් හෝ වෙන දෙයක් බොන අය බොන්නේ එහෙම සෝෂල් අදහසකින් නෙවෙයි. වැටෙන්න. බඩගාන්න. කර්පට් වෙන්න. අමතක කරන්න. ක්ෂිතියෙන් ගැළවෙන්න. හැමෝම බලන්න Leaving Las Vegas (1995) ෆිල්ම් එක. අරක්කු විස්කි බ්‍රැන්ඩි එක්ක මිනිහෙක් විනාශ වෙන හැටි තේරෙයි එතකොට.
මම හිතනවා ලංකාවේ අයිස් විනාසෙට වැඩි විනාසයක් අරක්කු කරන්න ඇති.
ඒ නිසා 'අනුමත මත්වතුර' නිසාත් ජීවිත විනාශ වෙනවා. ඇබ්බැහි වෙනවා. පවුල් විනාශ වෙනවා. මුදල් විනාශ වෙනවා. කොටින්ම දුප්පත් වීමත් අරක්කුත් අතර සම්බන්දයක් තියනවා. ගොඩක් අය ලංකාවේ අයිස් පස්සේ යනවට වඩා ගල් පොල් පස්සේ යනවා. කසිප්පු පස්සේ යනවා. ඒ නිසා අයිස් විරෝධයක් විතරක් නෙවෙයි. සමස්ත මත්ද්‍රව්‍ය විරෝධයක් ඕනි. අවම වශයෙන් ප්‍රවර්ධනය නොකර ඉන්න ඕනි.
ආණ්ඩුවට සල්ලි එන නිසා අරක විතරයි මේක නැහැ කියන එක නරුමයි. හැමෝම සංගල නෙවෙයි. හැමෝම වැඩ කරන්නේ සංග වගේ හතර පැත්තම හිතන කළමනාකරුවෙක් තියාගෙන නෙවෙයි. රැල්ල බලල නෙවෙයි. සාර්ථක මිනිහෙක් වෙන්න හිතලම නෙවෙයි.
සංග ගල් අඩියක් ගහල ඒකෙනුත් ජනප්‍රිය වෙනවා. රැස්වීමේ ඉස්සරහම ඉඳල පොරටෝක් එකක් දීල එතනිනුත් ජනප්‍රිය වෙනවා. ඒවා හැමෝටම කරන්න බැහැ.
අරගලයේ රැල්ල බලල සංග ඒ පැත්තට පාවුනා. දැන් රැල්ල බලල මේ පැත්තට පාවෙනවා. එහෙම තමයි සාර්ථක මිනිස්සු වැඩකරන්නේ. සංගගේ 'ටෙක්නික්ස්' (techniques) හැමෝම දන්නේ නැහැ. ක්‍රිකට් වලදී විතරක් නෙවෙයි හැම පැත්තෙන්ම සංග 'තාක්ෂණයෙන්' පිරිපුන්. අද එයා එතන ඉන්නේ ඒ නිසා. විශේෂයෙන් අරවින්දටත් ඉස්සරහා පේළියේ.
කොහොම උණත් දැන්නම් රැල්ලත් වෙනස්වෙනවා සංගා...
මොනවා උනත් සංග කියන්නේ ලංකාව බිහිකළ අග්‍රගණ්‍ය ක්‍රිකට් තරුවක් කියන එක මෙතන අභියෝගයට ලක්වෙන්නේ නැහැ.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




