The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තරුණ දේශපාලනයේ අලුත් ප්‍රතිරූපය කුමක් විය හැකි ද? -(Mahesh Hapugoda)

T

The Leader Desk

May 21, 2023 • 6:26 AM

තරුණ දේශපාලනයේ අලුත් ප්‍රතිරූපය කුමක් විය හැකි ද? -(Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම මෙතන කතාකරන්නේ දේශපාලන දෘෂ්ටිවාද ගැනවත්, ප්‍රතිපත්ති ගැනවත් නෙවෙයි.
  • එයාල හොඳට අත්දිගට දාල ඇඳලා කරලා ඉන්නේ. අනික පීටා ගත්තොත් හොඳට රැවුල කපල, කොන්ඩේ ට්‍රිම් කරලා, අත්ඔරලෝසු බැඳලා, ෆැෂනබල් ගතියක් තියන කෙනෙක්.
  • ඒ ගැන නෝ කතා නෝ සිනා. එයා වගේ වෙනස් නිර්මාණශීලි අය තව තවත් මේ පොළොවට බිහිවෙන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):



මම මෙතන කතාකරන්නේ දේශපාලන දෘෂ්ටිවාද ගැනවත්, ප්‍රතිපත්ති ගැනවත් නෙවෙයි. තරුණ ජනප්‍රිය නායකයෙක් හැටියට පීටාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා බලපාල තියන එයාගේ ඇඳුම පැළඳුම ගැන. 

ඒකට හේතුවුනේ අපේ ''මහ කුඹලා'' කියල කියන අජිත් පෙරේරා මහත්මයා ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට කොට කලිසමෙන් ගිය නිව්ස් එක දැකල. 

ajith

අජිත් ඉතාම නිර්මාණශීලි, වෙනස්ම වැඩක් කරන, ලංකාවට ඩොලර් ගේන්න පුළුවන්, අතිශයින්ම වෙනස් ව්‍යාවසායකයෙක්. ඒ ගැන නෝ කතා නෝ සිනා. 

එයා වගේ වෙනස් නිර්මාණශීලි අය තව තවත් මේ පොළොවට බිහිවෙන්න ඕනි. එහෙම කියන ගමන් තවත් දෙයක් මේකට එකතුකරන්න ඕනි. 

මොකද විශ්ව විද්‍යාලයකට එහෙම ගිය එක ගැන ගොඩක් අය ගොඩක් දේවල් කියන නිසා සහ ඔය ''නිදහස් ඇඳුම'' ගැන මමත් යම් පක්ෂපාතී ස්ථාවරයක ඉන්න නිසා. 

අපි ඒ ගැන පක්ෂපාතී උණාට පෙරදිග ලෝකයේ වගේම ලෝකයේ අනෙක් තැන්වලත් ගොඩ නැගෙමින් යන තරුණ දේශපාලන ව්‍යාපාරවල දකින්න තියෙන්නේ තරමක වෙනස් ප්‍රවේශයක්. 

විශේෂයෙන් තායිලන්තයේ පීටා වගේ කෙනෙක් ඉතාම හොඳින් ෆෝමල්, කැෂුවල් සහ ස්මාට් කැෂුවල් කියන ඒවා තෝරා බේරා ගෙන අඳිනවා. ටිකක් මිලඅධික ඇඳුම් උනත් දකින්න පුළුවන්. 

අනික් දෙය නම් දැන් දැන් විශ්ව විද්‍යාල වල තරුණ පරම්පරාව ඒ වගේ ෆෝමල් සහ කැෂුවල් ඇඳුම් අඳින්න යම් ප්‍රියතාවක් දැක්වීම අපිට නිරීක්ෂනය කරන්න පුළුවන්. අර අජිත්ගේ ෆොටෝ එකේම බලන්න අනිත් විශ්ව විද්‍යාල ප්‍රජාව දිහා. එයාල හොඳට අත්දිගට දාල ඇඳලා කරලා ඉන්නේ. 

අනික පීටා ගත්තොත් හොඳට රැවුල කපල, කොන්ඩේ ට්‍රිම් කරලා, අත්ඔරලෝසු බැඳලා, ෆැෂනබල් ගතියක් තියන කෙනෙක්. අනුර සහෝදරයාගේ ප්‍රතිරූපය පරණ එකේ සහ අලුත් එකේ හයිබ්‍රිඩ් එකක් වෙනකොට චේ, ක්‍රස්තෝ, ලෙනින් වගේ ප්‍රතිරූප වලින් පීටාගේ පරම්පරාව සම්පුර්ණයෙන් විතැන්වෙලා වගේ පේනවා. 

මම කියන්නේ ෂෝට් එකක් ටී ෂර්ට් එකක් අඳින එක නිදහසක්, තේරීමක් (choice) සහ යම් සමාජ උත්තේජනයක් කියන එක අපේ පරම්පරාවේ ෆැන්ටසි එකක් උනාට දෙදාහෙන් පස්සේ පරම්පරාවේ ෆැන්ටසි එක වෙනස් කියල හිතුණ නිසයි මෙහෙම ලිව්වේ. 

අපි ස්ථාපිත ආයතනික සීමා වලට අභියෝග කළාට මම හිතන්නේ අලුත් පරම්පරාව ඒවා එක්ක එකඟතාවක් ඇතුලේ ගමන් කරනවා කියල. ඉතිං ඒක වෙනස්. 

අජිත්, අනුර එක පරම්පරාවක්. පීටා නියෝජනය කරන්නේ වෙනස් පරම්පරාවක්. අපි පරම්පරා හැටියටම වෙනස්. 

අනේ මන්ද...


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි පුවත් :
වම ෆැෂනබල් වීම....- (Mahesh Hapugoda)



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තරුණ දේශපාලනයේ අලුත් ප්‍රතිරූපය කුමක් විය හැකි ද? -(Mahesh Hapugoda) | The Leader