The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

නාමල් සජිත්ව ඕවර්ටේක් කරයිද? | Mahesh Hapugoda

T

The Leader Desk

November 1, 2025 • 3:38 PM

නාමල් සජිත්ව ඕවර්ටේක් කරයිද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද වෙද්දී නිකම් විපක්ෂ නායකයා නාමල් රාජපක්ෂ බවට පත්වෙමින් තියෙනවා. ඒකට හේතුව සජිත් මේ මැච් එක බැක්ෆුට් එකේ
  • ඕනෑම දෙයක ජනප්‍රියබව කාලයත් එක්ක අඩුවෙනවා කියල එයා දන්නවා.
  • අඩුතරමේ එයා දන්නේ නැතත් උපදෙස් දෙන අය දන්නවා ඇති.
  • සජිත්ට මෙහෙම වෙන්න වෙනත් මම නොදන්නා ප්‍රශ්නත් ඇති...
අකුරු ප්‍රමාණය (Font Size):

නැත්නම් පසුපස පාදයේ ආරක්ෂිතව ගහන්න තීරණය කිරීම. සජිත් පැත්තෙන් ඒක වැරදියි කියල කියන්න බැහැ.

සජිත්ට කාලය තියනවා වගේම එයා කාලය ගනිමින් ඉන්නවා. මොකද ලංකාවේ ජනප්‍රිය ආණ්ඩුවක් ඇවිල්ල තව ගතවුනේ වසරක් විතරයි. ඒ නිසා එයා මාලිමාවට කාලය දෙමින් ඉන්නවා. ඕනෑම දෙයක ජනප්‍රියබව කාලයත් එක්ක අඩුවෙනවා කියල එයා දන්නවා. අඩුතරමේ එයා දන්නේ නැතත් උපදෙස් දෙන අය දන්නවා ඇති.

අනික් අතින් එයා හදිස්සි වෙලා ආණ්ඩු පෙරළන්න යන්නේ නැහැ. මොකද සියල්ල මෙහෙම සෙමින් සිදුවේගෙන යද්දී එයාගේ ප්‍රභලම ප්‍රතිවාදියා සහ 'අනෙකා' වන රනිල් වයසට යනවා. අනික මේ ධමනි හිරවීමක් ගැන කියන නිසා මුකුත් හරියට තීරණය කරන්නත් බැහැ. මම නම් ඔය ධමනිය නිසා රනිල් අවතක්සේරු කරන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඔය හාදයා.

සජිත්ට මෙහෙම වෙන්න වෙනත් මම නොදන්නා ප්‍රශ්නත් ඇති...

මේ සජිත්ගේ 'අමුතු නිෂ්ක්‍රීය බව' කියන කරුණ විතරක් ගත්තත් මේ වෙද්දී විපක්ෂය ගොඩක් බෙලහීන වෙන්න සජිත්ගේ මේ දියාරු ප්‍රවේශය බලපාල තියනවා.

එයාලගේ පක්ෂේ අය වැඩිදුරටත් කියන්නේ විරුද්ධ වෙන්න ඕනි නිසාම විරුද්ධ වෙන්න ඕනි නැහැ කියල. මම හිතන්නේ ආණ්ඩුවේ අය ඒ පෝස්ට් ෂෙයාත් කරනවා. ඒ නිසා මගේ උපකල්පනය නම් ආණ්ඩුව කැමතියි සජිත් විපක්ෂ නායක වෙලා ඉන්නවට.

මම තවත් ඉස්සරහට ගිහින් කියනවා නම් ආණ්ඩුවට ඕනි උණොත් සජිත්ගේ සහයෝගය උනත් ලැබෙයි. මොකද මෙතනින් ගැලවුනොත් ආයේ සජිත්ට දේශපාලනයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා සජිත් දැනට නිෂ්ක්‍රීයව ඉන්නවා.  

මෙන්න මේ නිෂ්ක්‍රීය තැනදී තමයි නාමල් සජිත්ව ඕවර්ටේක් කරන්නේ.

එතැනදී නාමල් සහ රනිල් වගේ අය මෙයාල නිසා යම් ආත්මීය රිදවීමක් (hurt) එක්ක දේශපාලනය කරන අය. හිරේ විලංගුවේ වැටීම වගේම චෝදනා යන හැම කලාපයකින්ම එයාලට රිදවීමක් වෙලා තියනවා (ඇත්තට හෝ බොරුවට). නමුත් සජිත්ට එහෙම අකරතැබ්බයක් මෙච්චර කාලෙකට මාලිමා ආණ්ඩුව කරලා නැහැ. ඕනිනම් බුකියේ බැනල ඇති.

සජිත් මේ වෙලාවේ නොගන්නා අවදානමක් නාමල් ගන්නවා. හෝ ගැනීමට සුදානමෙන් ඉන්නවා.

නාමල් උඩට එනවානම් එන්නේ අන්න ඒ ගන්න දේශපාලන අවදානම එක්ක. සහ නාමල් යම් ප්‍රබුද්ධ බවකින් දේශපාලන වෙත අවතීර්ණ වෙමින් ඉන්නවා. එතනදිත් නාමල් සජිත්ට ඉස්සරහින්.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාමල් සජිත්ව ඕවර්ටේක් කරයිද? | Mahesh Hapugoda | The Leader