නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට 'නෑමොලයා' කියන එක.
නෑමොලයා කියන එක නාමලයා කියන එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා හදාගත්ත පදයක්. ඒ කියන්නේ 'මොළේ නැහැ' කියන එක. නැත්නම් 'මොළයක් නැහැ' කියන එක. හෝ මෝඩයි කියන එක.
මේ වචනේ හැමතැනම නාමල් සම්බන්දයෙන් අලවා ගෙන යනවා. ඉතිං ඇත්තටම නාමල් මෝඩයි ද?
මට අනුව නැහැ. ඔහුගේ අපරිණත කාලයක් අපි හැමෝටම නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් දැන් එහෙම නැහැ. ඊට අමතරව ඔහු හෝ රාජපක්ෂ කඳවුර මෝඩයි ද? ඒත් නැහැ. මට ඒ සඳහා දෙන්න තියෙන්නේ එක උදාහරණයයි.
ලංකාවේ වගේම ආසියාවෙත් අනික් සෑහෙන රටවල් ප්‍රමාණයකත් පැවති පාලන තන්ත්‍රවලට එරෙහිව දැන් දශක එක හමාරක් විතර තිස්සේ ෆේස්බුක් විප්ලව ගණනාවක් සිද්දවෙලා තියනවා. ඒ හැම අරගලයක් විසින්ම පැවති පාලන තන්ත්‍රය ඉවත්කරන්න සමත් වුණා. ඉවත්කරනවා විතරක් නෙවෙයි ඒ ගොඩක් තැන්වල හිටපු පාලකයෝ ජීවිතේ බේරාගත්තේ රටින් පැනල ගිහිල්ල. නැත්නම් මැරුම් කාල.
ලංකාවේ මේ අත්දැකීමට මුහුණ දුන්නේ ඒ වෙලාවේ තිබ්බ ගෝඨාභය පාලනය. පොදුවේ ඒක රාජපක්ෂ විරෝධයක් වීම නිසා අරගලය රාජපක්ෂවරුන් පස්සේ පැන්නුවා. ඇත්තටම රාජපක්ෂලා ඕල්මෝස්ට් රටින් පැනල ගියා. නැත්නම් ටික දවසකට හැංගුනා.
අනික් රටවල සිදු නොවුණු උපක්‍රමයක් ඒ වෙලාවේ ඔවුන් පාවිච්චි කළා. ඒ තමයි අර අරගල පීඩනය එක්ක අවසන් මොහොත වෙනකල් අල්ලගෙන ඉඳල එයාල ඒක රනිල්ට දීල තාවකාලිකව පසුබැහැපු එක. අඩියක් පස්සට ගත්ත එක.
රනිල් ඇවිල්ල දේශපාලන චිත්‍රය යම් ප්‍රමාණයකට වෙනස්කළා. ඒ තීරණයේ හොඳ නරක ඉතිහාසය තීරණය කරයි.
ඒ කොහොම වෙතත් අපේ කතානායකවරු ඒ කියන්නේ අර විශාල වෛරයකට පාත්‍රවෙච්ච සහ මරණය අතේ අරගෙන හිටිය රාජපක්ෂලා ඒ මොහොතේ රනිල්ට මුවාවෙලා කොහොම හරි ජාම ගැටගහ ගත්ත.
එතැනදී රාජපක්ෂවරු බිංදුවෙන් පහළටත් වැටුණ. ඒ කියන්නේ මයිනස් (-) ගියා. හුඟක් අය ඒ කියන්නේ මේ මම පවා හිතුවා රාජපක්ෂ දේශපාලන අවසන් කියල.
නමුත් එහෙම වෙලා තවත් අවුරුදු කීපයකින් තිබ්බ මැතිවරණෙන් ඔවුන් 3%ක් ගන්නවා. ඊටත් පස්සේ එකෙන් 10%ක් ආසන්නයේ ගන්නවා. අද වෙනකොට ඒක 15% -20%ක් වත් වෙන්න පුළුවන්.
ඉතිං බිංදුවට පහලින් පොළොවේ වලක් කපාගෙන වැලලුණ රාජපක්ෂල අද 15% ඉන්නවා කියල උපකල්පනය කරමු. ඉතිං හිතන්න වර්ධනය. ජනාධිපති වෙලා අවුරුදු දෙකක් හිටපු රනිල්ගේ යූඑන්පී එකටවත් එහෙම වෙන්න බැරිවුණා.
දේශපාලන රිදම් එක නොදන්නා මෝඩයෙක්ට පුළුවන්ද එහෙම කරන්න. 3% ඉඳල 10% වෙනකල් හිටියේ නාමල්.
ඉතිං...
ලංකාවේ කවුද මෙච්චර ඉක්මනට එහෙම කරලා තියෙන්නේ?
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි ලිපියක් :
නාමල් සජිත්ව ඕවර්ටේක් කරයිද? | Mahesh Hapugoda




