මෙයාල ලක්ෂ 12ට දෙනවා කියපු විට්ස් කාර් එක ඉල්ලලා කියල.
මම කියන්නේ මේ ඉල්ලීම වෙනුවෙන් විතරක් උනත් ලංකාවේ සුළු ධනේශ්වර මිනිස්සු යන්න ඕනි. ගිහිල්ල ඉල්ලන්න ඕනි.
ඇත්ත. ඒ වෙලාවේ ජාතික ජන බලවේගේ කිව්ව කතාව ඇත්ත. මොකද ලංකාවට එන ඕනෑම වාහනයකට ඇතිතරම් බදු ගහල ගහල තමයි අද වෙද්දී ලංකාවේ පාරවල් වල අවුරුදු දහයක් පට්ට ගහපු විට්ස් එකක් ලක්ෂ 80පැනල තියෙන්නේ. අසාමාන්‍ය මිලක්. දරන්න බැරි මිලක්. කාර් එකේ ඇත්ත වටිනාකම වගේ කී ගුණයක්ද දන්නේ නැහැ. ඒ මිළට ඒ කාර් එක වටින්නේ නැහැ.
එතකොට ජාතික බොරු බලවේගය කිව්වේ මොකක්ද? 70වසරක් මේ රට හොරකමෙන් දූෂණයෙන් පාලනය කරපු උං මේ රට කම්මුතු කරපු නිසා සහ මේවට අහස පොළොව නුහුල්ලන බදු පිට බදු ගහපු නිසයි මෙහෙම 'අසාමාන්‍ය මිලක්' මාධ්‍ය පාන්තිකයට ගෙවන්න වෙන්නේ. මේක සාධාරණ නැහැ කියල.
ඒ වෙලාවේ අපේ 75 වසරක කේන්තිය නියමෙට අපිටම විකුණුව.
ඒ කියන්නේ හොරකම් නැති අවංක මල්පැල ආව ගමන් ඔය බදු ගහන්න ඕනි නැහැ. රටේ අදායම වැඩිවෙනවා. එතකොට ඔය බදු පහලට එනවා. බදු අඩුවෙච්ච ගමන් නිෂ්පාදන මිළට වගේ ගණනකට විට්ස් එක ගන්න පුළුවන් කියල (පොඩි බද්දක් ඕනිනම් ගහයි කියලත් කිව්වා!).
විට්ස් කියන්නේ මගේ සිහිනයක් නොවුනට ලංකාවේ ගොඩක් පහල මධ්‍යම පංතියේ සිහිනයක්. ලංකාවේ මාකට් කාර් එකක්. ඒ වෙලාවෙත් දැනුත් පහල මධ්‍යම පන්තියට විට්ස් හෝ ටොයෝටා මොකක් හෝ කාර්එකක් ගන්න සිහිනයක් තියනවා. දැන් ඒක චීන විදුලි කාර්වලින් විතැන් වෙලාද දන්නේ නැහැ.
75වසරක් කරපු උන් අපේ සිහින කුඩුකරපු බව ඇත්ත. හැබැයි මාලිමාව ඒ කුඩුකරපු සිහින අපිටම වික්ක. දෙවැනි එක පළවෙනි එකට වඩා පවක්. දේශපාලන වරදක්.
වෙන දේශපාලන සදාචාර කතාවලින්, අපි දුන්නේ කාර් බලාගෙන නෙවෙයි වගේ කතාවලින් ඒක වහන්න දෙන්න හොඳ නැහැ.
ඒ නිසා අඩු දේශපාලන වරද වෙත පසුබහින්න ඕනි.
බබා හුකුං වැඩක් නැහැ...විට්ස් එකේ මිළ ලක්ෂ දොළහක් කරපියව්!! අනික් ඒවගේ බදු එහෙමම තියා ගනියව්!!
(ආචාර්ය මහේෂ් හපුගොඩ)සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




