ඇත්ත. ඔගස්ටීන් ඇමතුවා සැර වැඩී.
හැබැයි මීට වඩා හෙමින් ශිෂ්ට විදියට කතාකළා නම් අපි කාටවත් ඇත්ත ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. අපි ඔගස්ටීන් ගැන දැනගන්නෙත් නැහැ.
ඇත්තටම මේ අවුල පටන්ගන්නේ අර දස සිල් සෙට් එක. ඔගස්ටීන් නෙවෙයි.
ඔගස්ටීන්ට විපරීත වෙන්න වෙන්නේ සියල්ල විපරීත බවින් පිරිලා නිසා. ආගම පවා.
ඉස්සර ඔය කහපාට ඇඳුම දාගත්ත කාන්තාවන්ට කිව්වේ දස සිල් මාතාවෝ කියල. මේ ආණ්ඩුවෙන් එයාලට 'භික්ෂුණී' කියල අලුත් හැඳුනුම්පතක් පවා දුන්න. ඒක හොඳ දෙයක්.
දස සිල් මාතාවෝ කියන කට්ටියත් ටිකක් ගානට වැඩියි. හෙන සුචරිත සීන් දානවා බස් වලදී පවා මම දැකල තියනවා. මම හිතන්නේ අනන්‍යතා ප්‍රශ්න. අලුත් හැදුනුම්පතත් එක්ක තිබ්බ ලෙඩ තවත් වැඩිඋනාද දන්නෙත් නැහැ.
මම හිතන්නේ භික්ෂූ අනන්‍යතාවම ගන්න ගියත් ඒක ලැබෙන්නේ නැති නිසා වෙන්න ඇති කණ පැලෙන්න සද්දේ දාලා තමන් ඉන්නවා කියල පෙන්නන්නේ. එක අතකට බුදුන් වහන්සේ පවා භික්ෂුණී සාසනේ පටන්ගන්න මැලිවුණේ ඇයි කියල දැන්නම් තේරෙනවා.
වත්තල වගේ බහු සංස්කෘතික සමාජයක් ඇතුලේ එහෙම සද්දේ දැම්මම මේ වගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නම වෙනවා. අනික් ආගම් කියල වෙනසක් නැහැ. මම ලිව්වේ හැමෝම ගැන. හොයන්නේ වැඩිම අවධානය. ඒ නිසා වැඩිම සද්දේ.
මට මතකයි මේරියන්ස් නලින් පවා එයාගේ ගේ ඉස්සරහා දාපු පල්ලියේ ලවුඩ් ස්පීකර්වලට මෙහෙම ඇමතුවා කියල යම් තැනක තියනවා.
නිශ්ශබ්ද බව අපේ අයිතියක්....
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
‘සද්දෙට බණ එපා! කියා’ මෙහෙණින් වහන්සේ නමකට චණ්ඩි පාට් දැමූ 2කට දැඩි කොන්දේසි මත ඇප
නිශ්ශබ්ද බව අපේ අයිතියක්....
(ආචාර්ය මහේෂ් හපුගොඩ)සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
‘සද්දෙට බණ එපා! කියා’ මෙහෙණින් වහන්සේ නමකට චණ්ඩි පාට් දැමූ 2කට දැඩි කොන්දේසි මත ඇප

මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදා හැර ඇත. ඒ, රුපියල් එක් ලක්ෂ 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
පොලීසිය විසින් සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. සැකකරුවන් යළි කළහකාරී ලෙස හැසිරුණහොත් ඇප අවලංගු කරන බවටද මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී ඇත.
“අඩෝ මම ඔගස්ටින්. පුළුවන් නම් පොලිසියට කියලා ඕනෑ දෙයක් කරපන්. කරන දේශනාවක් හිමින් කරගනින්” ආදී පුවත්පතක සඳහන් කළ නොහැකි ආකාරයේ තවත් පරුෂ වචන ගණනාවකින් මෙහෙණින් වහන්සේ නමකට ඉතා අසභ්‍ය ලෙස බැණවදිමින් නින්දිත ලෙස හැසිරෙන පුද්ගලයකු පිළිබඳ සිද්ධියක් ඊයේ (03දා) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබිණි.
බණ ශබ්දය වැඩි බව පවසමින් එක්තරා පුද්ගලයකු මෙසේ මෙහෙණින් වහන්සේ නමකට අසභ්‍ය ලෙස බැණ තර්ජනය කිරීමට අදාළ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබියදී විමර්ශන ආරම්භ කළ පොලිසිය ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ ඊට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස මෙහෙණින් වහන්සේ නමට මෙම පුද්ගලයන් අසභ්‍ය ලෙස බැණ තර්ජනය කර ඇත්තේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී භික්ෂුණි ආරාමය අසලදී බව පොලිසිය කියයි. එම ආරාමයේ වාර්ෂික කඨින පින්කමේ අවසන් දිනය වූ පෙරේදා (02දා) රාත්‍රි මෙම සිදුවීම සිදුව ඇත. එදින රාත්‍රියේම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 58 හා 67 වයසේ පසුවන වත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
‘පුළුවන්නම් පොලිසියට කියපං මමයි ආවෙ කියලා මම ඔගස්ටින්’
“මේක ලයින් එකක්, හයියෙන් කෑගහගෙන විග්‍රහ කරගෙන මෙතන දේශනා දෙන්න අවශ්‍ය නෑ. මෙතන … ශබ්ද … දාගෙන බෑ. මොන … මඟුලක් ද මේ. හොඳින් නම් හොඳින්. නරකින් නම් … අපිට එකයි. … කුඩුකාරයෝ… ගංජාකාරයෝ… උඹ දන්නැත්නම් කටවහන් හිටපන්… මමයි ඔගස්ටින්, ධර්මේට කියපන් කරන දෙයක් හිමින් කරපන්… ධර්මේ දන්නවා මම කවුද කියලා. ධර්මෙට නෙමෙයි පොලිසියට කියපන්… දැන් එන්න කියපන්. උඹලා මාව දන්නේ නැද්ද… මමයි ඔගස්ටින් පුළුවන් එකෙකුට එන්න කියපන්…” යැයි ද අදාළ පුද්ගලයා සහ තවත් දෙදෙනකු දිගින් දිගටම මෙහෙණින් වහන්සේ නමට පරුෂ වචනවලින් බැණවදින ආකාරය වීඩියෝවේ දැක්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (03දා) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
මේ අතර ඊයේ (03දා) සියලු සමාජ මාධ්‍ය ජාලයන්හි පරිශීලකයන් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර තිබෙනු දක්නට ලැබිණි.