විශාල වශයෙන් ඔසවල තිබෙනවා දැක්ක හැටියේ මට මතක් උණේ හනිෆ් කුරේෂිගේ My Beautiful Laundrette (1985) චිත්‍රපටියේ හුසේන්.
ලන්ඩන්වල හිටපු ප්‍රසිද්ද වමේ පත්තරකාරයෙක්ගේ චරිතයට පණපොවන වයසක හුසේන් එයාගේ දරුවට එක තැනකදී මෙහෙම කියනවා.
'ඔය සුද්දන්ගේ රෙදි හෝදන වැඩේ පැත්තකින් තියල කොලේජ් එකට ගිහින් හොඳට ඉගෙනගනින්. ඒ අධ්‍යාපනය විසින් අපේ මිනිස්සුන්ට හොඳ අනාගතයක් හදයි'.
එක පරම්පරාවකට තවත් පරම්පරාවක් පසුකර යන්න අධ්‍යාපනය අත්‍යවශ්‍යයි කියල කුරේෂි දැනන්උන්න. ඒක පුදුම උපදවන දෙයක්.
කුරේෂි හැමදාම ඔය පුදුමය විශ්වාස කළා. ඔබාමා කලෙත් ඒක. උගත්කම, මහන්සිය සහ ඇමෙරිකානු වටිනාකම් විසින් ඔවුන්ගේ ජීවිතය ඔසවා තබයි කියල දැඩි විශ්වාසයෙන් ඔවුන් වැඩකලා. ඔය අධ්‍යාපනය සහ නූතන වටිනාකම් විසින් මිනිස් පැවැත්ම තවත් තලයකට ඔසවා තබයි කියන එක වමේ කේන්ද්‍රීය අදහසක්.
ඉහළින් ගිහින් ගුවන්යානා වල බෝම්බ බැඳන් ටුවින් ටවර් එකට අතහරිනවා වෙනුවට පොළොවේ වැඩ කරලා උඩට මතුවෙන එක අගෙයි.
මම්දානි ඉස්සර මීරා නායර්ගේ පුතා. දැන් මම්දානිගේ අම්ම මීරා.
ලස්සනයි ඒ පසුකර යාම...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි ලිපි :
නිව් යෝර්ක් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා වන සොහ්රාන් මම්දානි කවුද?
ටොරෙස් නගර සභාව 2005 : මම්ඩානි හෙට අනිද්දා සහ කවදත් නැති අපි... | කුසල් පෙරේරා




