The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

ඔබගේ අවිඥාණයේ පවා රොකට් එකක් තිබේද? | Mahesh Hapugoda

T

The Leader Desk

November 8, 2025 • 8:00 AM

ඔබගේ අවිඥාණයේ පවා රොකට් එකක් තිබේද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර ජනාධිපතිතුමා ඊයේ හුස්මගන්නෙත් නැතුව වේගවත් සහ ආක්‍රමණශීලි අයවැය කතාවක් කරලා තිබ්බ.
  • ලංකාවේ ඔය නාසා වගේ එකක හිටපු කෙනෙක් ඇරෙන්න රොකට් එකකට (ඇත්තටම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීමකට) නමක් ඈඳිලා තියෙන්නේ චිචීගේ.
  • අනික් තරුණයෙක්ට නොලැබෙන අවස්තාවක් ඔහුට ලැබුණේ කොහොමද කියන එක දේශපාලන කතාවක් බවට පත්වුණා.
  •   කොහොම උනත් අද දවසේ ඉඳන් බලනකොට රෝහිත සම්බන්ද වෙච්ච ඒ වැඩේ ඇතුලේ ලංකාවට මුල්‍යමය පාඩුවක් වෙලත් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


මම දැන් කොහොමත් එතුමාගේ කතා අහන්නේ නැහැ. ඔය තැනින් තැනින් නිව්ස් හයිලයිට්වල තියන දෙයක් දැක්කොත් හැර.

 

මොකද කරුණුමය වශයෙන් ලංකාව අනික් පැත්ත හැරවිය හැකි ලොකු රැඩිකල් දෙයක් කොහොමත් ඔහු කියන දේ තුළ දැන් නැහැ කියන්න මම තේරුම් අරන් ඉන්නේ. හැබැයි කරුණු නෙවෙයි අදටත් ඔහුගේ කතාවල ජයග්‍රහණය. හඬ. සහ ඒත්තු යන විදියට හඬ හැසිරවීම. ආක්‍රමණික බව.


අයවැය කෙසේ වෙතත් එතුමා කිව්ව එක දෙයක් ගැන මම මගේ සත බාගේ මෙතන ලියන්න හිතුව. ඒ තමයි රොකට් කතාව.

chichi rajapaksa.jpg

ලංකාවේ ඔය නාසා වගේ එකක හිටපු කෙනෙක් ඇරෙන්න රොකට් එකකට (ඇත්තටම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීමකට) නමක් ඈඳිලා තියෙන්නේ චිචීගේ. ඒ කියන්නේ රෝහිත රාජපක්ෂගේ. ඒ නිසා තමයි ඒ කාලේ එයාට 'රොකට් රෝහිත' කියල කිව්වේ.

රෝහිත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුතෙක් වීම සහ දේශපාලන බලය නිසාම ඔහුට රොකට් එකකට සම්බන්ද වෙන්න ලැබීම ගැන සමාජ කතිකාවක් වරෙක ගොඩනැගුන. ඒකෙන් අපි ඔහුට දේශපාලනිකව දමල ගැහුවා. අනික් තරුණයෙක්ට නොලැබෙන අවස්තාවක් ඔහුට ලැබුණේ කොහොමද කියන එක දේශපාලන කතාවක් බවට පත්වුණා. ඒක යහපාලනයේ අවියක් උනා. පසුව අරගලය දක්වා ආව. 'කෝ උට්ටෝ රොකට් එක' කියල සටන්පාඨයක් අරගලයේ දිගහැරුණ. සියල්ල රාජපක්ෂ විරෝධී සටනේ සටන්පාඨ උණා. ඒ මොහොතේ ඒ සියල්ල සාධාරණ උණා.

අරගලය වෙලාවේ රෝහිත මූණට මුලිච්චි උනානම් ආයේ රෝහිත කෙනෙක් ජීවත් නොවෙන්න ඉඩ තිබ්බ. තිබ්බේ එහෙම තත්වයක්. ඒ නිසා රොකට් කතාව සෙල්ලම් කතාවක් නෙවෙයි. මනුෂ්‍යයෙක්ගේ ජිවිතය සහ මරණය තීරණය වෙන කතාවක්.

 



කොහොම උනත් අද දවසේ ඉඳන් බලනකොට රෝහිත සම්බන්ද වෙච්ච ඒ වැඩේ ඇතුලේ ලංකාවට මුල්‍යමය පාඩුවක් වෙලත් නැහැ. යම් අදායමක් ලැබෙනවත් කියල කියනවා. හරි කිසිම අදායමක් ලැබෙන්නේ නැතත් ඔහු ලංකාවට කිසිදු පාඩුවක් කරලා නැහැ. මොනවා හරි විමර්ෂණය කලයුතු දෙයක් තියනවා නම් යහපාලනය වගේම මේ පාලනයත් තියනවා නේ. ඒවාට දඬුවම් තියනවා නම් එසේ තිබ්බාවේ.  

රෝහිත් කියන්නේ අපේ පරම්පරාවට පස්සේ පරම්පරාවේ තරුණයෙක්. නාමල් පවා. ඔවුන් අතින් දේශපාලන සහ වෙනත් වැරදි වෙලා තියනවා නම් විවේචනය කලාට කමක් නැහැ. වැරදි තියනවා නම් දඬුවම් කලත් කිසිම අවුලක් නැහැ. හැබැයි ඒවා යම් තැනකින් පස්සේ ඉස්සරහට අරන්ඇවිල්ල වැඩක් නැහැ. විශේෂයෙන් මේ වගේ වෙලාවක අයවැයක් අතරතුර ආයේ ආයේ හෝද හෝද මඩේදාන්න ඕනි නැහැ.

මොකද මම හිතනවා ඔවුන්ට පවා වෙනස් වෙන්න - පරිණත වෙන්න අවස්ථාවක් අනුරගේ පරම්පරාව විසින් දියයුතුයි කියල.

 

rohitha

රෝහිත අගනුවර එක්තරා රග්බි ක්‍රීඩා සමාජයක ප්‍රධාන පුහුණුකරු වෙලා තියනවා නිව්ස් එකක් දැක්ක. ඒක ඉතාම හොඳ දෙයක්. ඒක වෙන්නේ රාජපක්ෂලා බලයේ නොසිටි අවස්ථාවක වීම තවත් ලොකු දෙයක්.

ඒ විදියට ඔවුන්ට වෙනස් වෙන්න, වෙනස් විදියට මේ සමාජයට එන්න. මේ සමාජයට යමක් කළ හැකිනම් ඒ අවස්ථාව දෙන්න අපි අපේ පරම්පරාව හැටියට හරහට සිටියයුතු නැහැ. වැළකිය යුතු නැහැ.

රාජපක්ෂ කියන නම අගට තියන නිසාම ඔවුන්ට පහර ගැසිය යුතු නැහැ. අනික ඔහු දැන් තනි පුද්ගලයෙක්. හුදකලා තරුණයෙක්. අනුර කියන්නේ දේශපාලන ව්‍යාපාරයක නායකයෙක්. රටේ ජනාධිපති. නිකම් ජනාධිපති නෙවෙයි තුනෙන් දෙකක් තියන ජනාධිපති. ඔහුගේ අවිඥාණයේ රොකට් රෝහිත සිටිය යුතු නැහැ.

young desperate man sitting at hospital bed alone sad and devastated suffering depression crying at clinic for serious disease diagnose feeling worried and in fear about health

තමන් වී ඇටයක් කියල හිතපු ලෙඩක් මානසික රෝහලක හිටිය. පස්සේ එයා සුවපත් වෙලා රෝහලෙන් යන්න හදන කොටම එළියේ කුකුලෙක් ඉන්නව දැක්ක. යන්න ගිය මිනිහ කලබලෙන් ආයෙත් ඩොක්ටර් ලඟට දුවගෙන ආව. ඇවිත් කිව්වා අන්න ඩොක්ටර් එළියේ කුකුලෙක් ඉන්නවා මාව ගිලදමාවි කියල. ඩොක්ටර් කිව්වා පිස්සුද මනුස්සයෝ තමුසේ දැන් වී ඇටයක් නෙවෙයි මනුස්සයෙක් බය නැතුව යනවා කියල. එතකොට අර රෝගියා කියපි ඔව් ඩොක්ටර් මම මනුස්සයෙක් කියල මම දන්නවා හැබයි කුකුළා දන්නවද කියල.

ඒ නිසා ජිජැක් කියනවා රෝගියා සුවපත් වෙලා වැඩක් නැහැ රෝගියාගේ අවිඥාණයේ තියෙන වී ඇටෙත් සුවපත් වෙන්න ඕනි කියල....

අනුර ඔයා දැන් ජනාධිපති...!

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...