The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

පාරෙන් ඉවත්වෙන්න... | Mahesh Hapugoda

T

The Leader Desk

November 11, 2025 • 7:07 AM

පාරෙන් ඉවත්වෙන්න... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට ඇහුන විදිය හරිනම් අර ළුණු ගොවියෝ මෙහෙම එකක් කියනවා.
  • සමහර වෙලාවට ඒ විදියට ළුණු අරන් වැඩකුත් නැතිවෙන්න ඇති.
  • සමහර වෙලාවට විනාශ කරන්න උනත් ඇති.
  • එහෙම අරන් විනාශ කරලා පවා දාන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට කලිනුත් මේ විදියටම මිළ අර්බුදයක් ආව. අපිට ළුණු විකුණගන්න බැරිවෙලා විසිකරන තත්වෙට ආව. හැබැයි ඒ වෙලාවේ මහින්ද මහත්තයා ළුණු ගන්න කටයුතු කළා. සමහර වෙලාවට ඒ විදියට ළුණු අරන් වැඩකුත් නැතිවෙන්න ඇති. සමහර වෙලාවට විනාශ කරන්න උනත් ඇති. හැබැයි එයාල අපේ ළුණු ටික අරන් මුදලක් දුන්න කියල.

මේ කියන්නේ වෙළඳපල ඉල්ලුම සහ සැපයුම සහ මිළ තීරණය කියන සියලු ආර්ථික විද්‍යා න්‍යායට වෙනස් දෙයක්. දේශීය ළුණු සමහර වෙලාවට මිළ වැඩී, පිටින් අඩුවට ගෙන්නන්න පුළුවන්. ගෙඩිත් පොඩියි. ගන්නත් බැහැ. තරඟයට විකුණන්නත් බැහැ. ඒ නිසා දේශීය ගොවියා අමාරුවේ.

හැබැයි මේ විකුණන්න හරි මෙලෝ දෙයක් හරි කරන්න බැරි ළුණු ලංකාවේ ආණ්ඩුව මිළටගත්ත. පාඩු පිට. එහෙම අරන් විනාශ කරලා පවා දාන්න ඇති. පට්ට පාඩු පිට. අතින් පාඩුයි. හැබැයි එහෙම කරලා ගොවියෝ ජීවත් කෙරෙව්වා.

පෙළපොත් ගහන එක අතින් පාඩුයි. හැබැයි එහෙම කළා. නිල ඇඳුම් දෙන එක අතින් පාඩුයි. හැබැයි එහෙම කළා. ජනසවිය දෙන එක, සමුර්දි දෙන එක, අර සවිය දෙන එක මේ සවිය දෙන එක ඔක්කොම අතින් පාඩුයි. පඩි වැඩිකරන එක, බදු අඩු කරන එක, පර්මිට් දෙන එක, පාසැල් විශ්ව විද්‍යාලවලට වියදම් කරන එක, විශ්‍රාම වැටුප් දෙන එක, පොහොර සහනාධාර දෙන එක, මේ හැම දෙයක්ම අතින් කාල හරක් බලන වැඩ.

රෝහල් නඩත්තු කරන එක පාඩු නැද්ද? බේත් උගුරක් නිකම් දෙන එක පාඩු නැද්ද? හැබැයි මෙතෙක් සියලු පාලකයින් අදි මදි කරමින් හරි එහෙම කළා. හැබැයි ඒක ආර්ථික විද්‍යාවට අනුව වැරදි ඇති.

කොරෝනා එන්නත වෙනුවෙන් ආණ්ඩුව වියදම් කරපු එකත් පාඩුයි. ඒ වෙලාවේ මිනිස්සු නිකම් ගෙවල්වල තියල පඩි දුන්න එක පට්ට පාඩු නැද්ද? පාඩුයි. හැබැයි නිදහසින් පස්සේ හැම පාලකයෙක්ම මේ 'පාඩු වැඩ' අපේ සමාජය වෙනුවෙන් කළා. භාණ්ඩාගාර හිඳුනා. රට බංකොලොත් උණා. ඒත් මිනිස්සු වෙනුවෙන් ඒ අවදානම අරන් එහෙම කරලා මිනිස්සුම එයාල එළවද්දී එයාල ගෙදර ගියා.

රට බංකොලොත් වෙලා රනිල් රට ගත්තට පස්සේ ලංකාවේ ඇතැම් පිරිස් කිව්ව දෙයක් තමයි මෙච්චර කල් ධනවාදය හරියට නෙවෙයි ක්‍රියාත්මක වුණේ. වැරදියට. හරියට බදු ගහන්න ඕනි. සුබසාදක වියදම් අඩුකරන්න ඕනි. රාජ්‍යය ඔය 'නිකරුණේ කරන සමාජ වියදම්' වලින් ඈත්වෙලා ඔය පාරවල් හදන ඒවා වගේ, යටිතල පහසුකම් වැඩිකරන දේවල් වගේ වැඩ විතරක් කරන්න ඕනි කියල.

දැන් මේ වෙන්නේ ඒක. කුඹුරු ඉඩම් වගා කළා ඇති කියනවා. අල ලූණු පිටරටින් ගේන එක ලාබයි කියනවා. වක්‍රව කියන්නේ කෘෂිකර්මය ඇති කියල. පෙළපොත් ෆොටෝකොපි කරන්න කියනවා. ඒ කියන්නේ අපිට තවත් බැහැ කියන එක. ආණ්ඩුව රස්සා දෙන්නේ නැහැ කියනවා. පාරෙන් අයින්වෙන්න කියනවා. මේ යන්නේ වෙන ගමනක් කියල හඟවනවා. වෙන විදියකට කියන්නේ අලුත් සමාජ රිද්මයට හුරුවෙන්න කියන එක. නිකම් ආයේ නැහැ කියන එක.

මේක යම් සමාජ පෙරළුමක් (twist). මිනිස්සු නොසිතපු දෙයක්. මිනිස්සු හිතුවේ තිබ්බ අයටත් වඩා මෙයාල මානුෂික වෙයි කියල.

 

farmerswhcoui3r4
හර්ෂ එකවරම නැගිටලා පුදුමය පළකරනවා මේ වෙලාතියන භාණ්ඩාගාර පිරවිල්ලට. අපිට එහෙම කරන්න බැරිඋනා කියල විස්සෝප වෙනවා. හැබැයි භාණ්ඩාගාර පිරිලා ඉතිරිලා යද්දිත් ආණ්ඩුව අර දඹුල්ලේ ලූණු ගොවියා හෝ බණ්ඩාරවෙල එළවලු ගොවියා දිහා ඇහැඇරලා බලන්නේ නැහැ. මේ අර හිටපු පාලකයින්ටත් වඩා මානුෂික කියල කියන ආණ්ඩුවක්.

අනික් අයටත් ඕනිනම් භාණ්ඩාගාර පුරවන්න තිබ්බ යුද්දෙට වියදම් කරන්නේ නැතුව. කොරෝනා එන්නත් දෙන්නේ නැතුව. පෙළපොත් දෙමව්පියන්ට ගන්න කියල. නිල ඇඳුම එයාලටම මහගන්න කියල.

 

මේ තමයි ධනවාදය අමානුෂිකම විදියට ක්‍රියාත්මක කරන විදිය. ධනවාදයේ සැබෑ ස්වාමියා වෙන්නේ දක්ෂිණාංශික ලිබරල් පාලකයින් නෙවෙයි මියගිය වමේ පාලකයින් කියල කියන්නේ නිකම් නෙවෙයි. මේක ලාංකික පුර්වාදර්ශයක් වෙන්න නියමිතයි.

නිකම් හිතන්න කොරෝනා වගේ වසංගතයක් දැන් ආව කියල. අපිම ඒවාට සුදානම් වෙන්න වෙනවා. දැන් මේ යන්නේ වෙනත් පාරක. ඒ පාරේ බාධා තියෙන්න බැහැ. අපි ඒකට හුරුවෙන්න ඕනි. එච්චරයි...

ඩෙන් ෂියාවෝ පෙන් මුලින්ම කලේ මිනිස්සු පාරෙන් ඉවත්කරපු එක.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාරෙන් ඉවත්වෙන්න... | Mahesh Hapugoda | The Leader