The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

නුගේගොඩ.... | Mahesh Hapugoda

T

The Leader Desk

November 22, 2025 • 2:55 PM

නුගේගොඩ.... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ දේශපාලන භූමියේ හැසිරීම ගැන යම් තරමක හරි සෙන්ස් එකක් තියෙන කෙනෙක්ට ඊයේ නුගේගොඩ රැස්වීම
  • ඒ උනාට ආරම්භයක් ලෙස ඊයේ ඒකාබද්ධ විපක්ෂය සාර්ථකයි.
  • හැබැයි හරීන් හිට් වීම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් වැදගත් වෙන්න ඇති.
  • ඒ සෙට් එක බය නැතුව බැස්ස කියන්නේ ආයේ මුකුත් ඕනි නැහැ නාමල්ට.
අකුරු ප්‍රමාණය (Font Size):
කියන්නේ පුදුම වෙන්න කරුණක් නෙවෙයි.

කොහොමත් මේ මොහොතේ ලංකාව ආර්ථික සමාජීය වශයෙන් ඔසවා තැබීමේ දැවැන්ත වැඩපිළිවෙලක් අතේ නැතුව ඉන්න සහ කටේ නරිවාදම අඩුවක් නැති මාලිමාවට විරෝධයක් දක්වන්න සෑහෙන පමණ මිනිස්සු ටිකක් ඊයේ ඇවිල්ල හිටිය. නමුත් ඒක ලංකාවේ අපි දැක්ක ලොකුම රැළි වලින් එකක් නම් නෙවෙයි. ඒ උනාට ආරම්භයක් ලෙස ඊයේ ඒකාබද්ධ විපක්ෂය සාර්ථකයි.

නාමල් හිට් වෙන එක අපි කොහොමත් දැනගෙන හිටිය. සාපේක්ෂ වශයෙන් ඒකත් සිදුඋණා. හැබැයි හරීන් හිට් වීම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් වැදගත් වෙන්න ඇති. නාමල් දිහා බලාගෙන හරින් තවත් පරිණත වෙන්න ඕනි. පරිණත තරුණ නායකත්ව පෙළක් නිර්මාණය වීම ලංකාව පැත්තෙන් වැදගත්. විශේෂයෙන් යුද්ධය එක්ක සෑහෙන නායකයින් ප්‍රමාණයක් එජාපය නැති කර ගැනීම එක්ක.

පොහොට්ටුව ග්‍රවුන්ඩ් සීරෝ ඉඳල මේ වෙද්දී සෑහෙන පමණින් එයාලගේ මුල් චන්ද පදනමට කතාකරලා තියෙනවා. ඊයේ ආපු ගොඩක් අය පොහොට්ටු ලක්ෂණ සහිත අය. නැටුම් ගැයුම් සහ නැටුම් තෙල් එක්ක ගත්තම ඒවා ඔර්ජිනල් චන්ද. ඒක තමයි මම හිතන්නේ ලොකුම ජයග්‍රහණය. ඒ සෙට් එක බය නැතුව බැස්ස කියන්නේ ආයේ මුකුත් ඕනි නැහැ නාමල්ට.

දේශපාලනයේ ඇත්ත (අමු) මිනිස්සු තමයි ඒ පොහොට්ටුව වෙත ඇදිල එන්නේ. එයාල වෙනුවෙන් දේශපාලන වේදිකාවක් නිර්මාණය කිරීම පොහොට්ටුව කරපු වැදගත් වැඩක්. ඒ ඔස්සේ ඔවුන්ට පිරිපහදු (refine) වෙන්න පුළුවන්.

ඊයේ වෙද්දිත් මාලිමාවේ 'ප්‍රබුද්ධ දේශපාලනය' කවදාහරි තමන්ගේ කරගන්න සිහින දකින සජිත්ගේ සජබ තමන්ගේ ස්ථානය ලකුණු කරගැනීමේ අනන්‍යතා අර්බුදයක ඉන්නවා. පොහොට්ටුව ඒ දෘෂ්ටිවාදයේ අහුවෙන්නේ නැතුව තමන්ගේ ඇත්ත ඔර්ජිනල් බේස් එකට කතාකරනවා. එජාපය දක්ෂ ආකාරයෙන් පොහොට්ටුව හරහා යනවා. ඒ කපල් වීම දෙගොල්ලන්ටම හොඳයි.

ඇත්තටම ගම්මාන ඇතුලේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා - පොහොට්ටු පසුබිමක් සහිත අය. එයාල තමයි ඔය නටමින් කොළඹ එන්නේ....එයාල ජේවීපී නෙවෙයි කිසිසේත්. ඇත්තටම රෝසමල තියෙන්නේ එතන.

යහපාලනයට එරෙහිව පොහොට්ටුව එළියට බැස්ස වගේම දෙයක් ඊයෙත් සිද්ද උනේ. හැබැයි දැන් ඉස්සර කට්ටියම නෙවෙයි ඉන්නේ. ප්ලේයස්ල වෙනස් වෙලා.
ඉතිහාසය නැවත වටයකින් එහෙමම වගේ සිද්ද වෙන්නයි යන්නේ කියල හිතෙනවා.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


drtye563

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...