ආපහු ගහන්න හදන මේ වෙලාවේ, ආණ්ඩුව අසමත් අපි තමයි සමත් කියල වටේ යමින් කොප්පර කොප්පර පිපිඤ්ඤා කියා කියා ඉඳල බලය ඩැහැගන්න නූල් සූත්තර අදින වෙලාවේ ඔයා බණ්ඩාරනායක අනුස්මරණ අරමුදලෙන් කෝටි 25කුත් අරන් ඒක ආපදාවට ලක්වුන ලංකාවේ මිනිස්සු වෙනුවෙන් ලබාදෙනවා.
ආණ්ඩුව එකක්. මිනිස්සු තව එකක්. ඒක තමයි ඇත්ත දේශපාලනය.
දේශපාලන වෙනස්කම් එකක්. උදව් ඕනි අවස්ථාවක උදව්කරනවා කියන්නේ තවත් එකක් කියල පෙන්නුවා. ඒවා ප්‍රභූ ලක්ෂණ නෙවෙයි. මහත්මා ලක්ෂණ.
විමුක්ති ගැන මීට ටික දවසකට කලින් මම දේශපාලන සටහනක් ලිව්වා. ඒකට නම් හුඟක් හා හා ආවා. හැබැයි ඔයා අද ඒ සටහන වෙනුවෙන් සාධාරණයක් කළා...
ආයෙත් තෑන්ක්ස්...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි ලිපියක් :
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගෙන් ආදර්ශයක්




