The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

ආයෙත් හිතමු... | Mahesh Hapugoda

T

The Leader Desk

December 11, 2025 • 4:49 PM

ආයෙත් හිතමු... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම අපේ රට සමස්තයක් හැටියට ලස්සන සුන්දර රටක්. ආපදා වුනත් තරමක් අඩු රටක්. සාපේක්ෂව ගත්තම
  • මොකද අපි වගේ රටකට එකක් අවොත් ඇති ඒ දශකයටම.
  • දැන් අවුරුදු හතක් අටක් තිස්සේ ඇහෙන දෙයක් තමයි කෙටි වෙලාවක් ඇතුලේ අපිට ලැබෙන දැවැන්ත වර්ෂාපතනය.
  • ඒ ඒ වෙලාවල කිව්වේ මිලිමීටර් 70-80-100 වගේ ගණන්.
අකුරු ප්‍රමාණය (Font Size):

අපි ලොකුවට කලබල වෙන්න ඕනි නැහැ තමයි.

හිරුඑළිය සහ උණුසුම එක්ක මේ රට සමකාසන්නයේ හොඳට මාකට් කරන්න පුළුවන් රටක්. හැබැයි පරිස්සමෙන්. තිරසාර විදියට.

ඒ වගේම කියන්න ඕනි අපේ රට ස්වභාවික ව්‍යසන සම්පූර්නයෙන් නැති රටකුත් නෙවෙයි කියල. ආයෙත් සාපේක්ෂව ගත්තම හැම අවුරුද්දකම වගේ ඔය යල මහ වැහි දෙකට මොනවා මොනවා හරි අපේ රටේ අහන්න ලැබෙනවා.

ඒ අහන්න ලැබෙන දේවල් අතරේ ගංවතුර කියන්නේ පොදු සාධකයක්. ඒ එක්කම නායයෑම්. පොළොව ගිලාබැසීම්. පහත්බිම් වලට සිද්දවෙන හානි වගේ දේවල් දකින්න පුළුවන්.

සුනාමියක්, සුළි සුළඟක්, භුමිකම්පාවක් වගේ එකක් නම් දශකයකට හෝ දෙකකට එකක් වගේ. නමුත් ඒවා පවා තියෙනවා කියන එක අපි හිතේ තියාගන්න ඕනි. මොකද අපි වගේ රටකට එකක් අවොත් ඇති ඒ දශකයටම.

දැන් අවුරුදු හතක් අටක් තිස්සේ ඇහෙන දෙයක් තමයි කෙටි වෙලාවක් ඇතුලේ අපිට ලැබෙන දැවැන්ත වර්ෂාපතනය. ඒ ඒ වෙලාවල කිව්වේ මිලිමීටර් 70-80-100 වගේ ගණන්. ඒවත් වැඩි පැත්තට බරයි. දැන් දැන් 100-200 වගේ කියවෙනවා. සහ දිත්වා සුළි කුණාටුව එක්ක ඒක මිලිමීටර් 500 වගේ ගාණක් දක්වා ගිහිල්ල.


ඒ කියන්නේ දැන් දශකයකට වගේ කලින් තිබ්බට වඩා දැන් ලොකු අවදානමක් තියනවා. ඒක දැන් දේශගුණික විපර්යාසයක් සහ ව්‍යසනයක් දක්වා පරිවර්තනය වෙලා.

ජනාවාස සහ නගර ගැන නැවත හිතන්න වෙලා. උස් බිම් වල පදිංචි කරුවන් ගැන හිතන්න වෙලා. නුවර වගේ නගරයක් ගැන නැවත හිතන්න වෙලා.

මෙතැන් සිට ඒක රජයකට ලොකු ආයෝජනයක් සහිත දෙයක් වෙලා. ජාතික න්‍යාය පත්‍රයෙන් අයින්කරන්න බැහැ.

ඒ නිසා ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කියන්නේ කිසිසේත් අනවශ්‍ය එකක් නෙවෙයි. ඉතාම හොඳින් පවත්වා ගතයුතු එකක්. ඒවායේ ක්‍රියාකාරීත්වය හරියට සාධාරණීකරණය කලොත් IMF, World Bank කට්ටිය පිළිගන්න දේවල්. සමහර විට මුදල් ආධාර පවා දෙයි. පරිසරය ගැන එයාල එයාලගේ සීමාව ඇතුලේ සංවේදීයි (ඒ ගැන සංවාද කරන්න ඕනි තමයි).

කොළඹ විතරක් නෙවෙයි. මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු නැගෙනහිර වැඩි අවධානයක් දෙන්න ඕනි පළාත්.

ඒ නිසා මෙතැන්සිට වත් ඒවා හොඳින් ශක්තිමත්ව පවත්වා ගන්න. තාක්ෂණය යාවක්කාලීන කරන්න. විශේෂඥ බඳවාගැනීම් කරන්න. ලෝකය එක්ක ගැටගසන්න.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...