The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

රංවල අපි මුල ඉඳන් පටන්ගමු!! | Mahesh Hapugoda

T

The Leader Desk

December 15, 2025 • 9:30 AM

රංවල අපි මුල ඉඳන් පටන්ගමු!! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට තේරෙන්නේ නැහැ මේ රංවල ප්‍රශ්නේ නවතින්නේ කවද්ද කියල. ආචාර්ය උපාධි ප්‍රශ්නේ වගේම මේ රිය අනතුරේ ප්‍රශ්නෙත් දැන් දවස්ගානක් අල්ලාගෙන යනවා. ඉවරයක් නැහැ.
  • මේ ඕයි...මට ඇති ආචාර්ය උපාධියක් නැහැ.
  • ඒකෙන් ප්‍රශ්නේ ඇවිලිලා ගියා.
  • මම කියන්නේ රංවල රංවල නම් ඇත්ත පුද්ගලයා ලෙස මේ ප්‍රශ්නවලට එයාම මැදිහත් වෙනකල් පොරගේ ජීවිතේ අවුල් ජාලාවක් වෙයි කියල.
අකුරු ප්‍රමාණය (Font Size):


අනික් අතට මට හිතෙන්නේ මේක රංවල මහත්තය විසින්ම අවසන් කරගන්න තිබ්බ දෙයක් කියල. ආචාර්ය උපාධි ප්‍රශ්නේ වගේම රිය අනතුරේ ප්‍රශ්නෙත් තමන් විසින්ම විසඳාගන්න තිබ්බේ. කාටවත් මැදිහත් වෙන්න දෙන්නේ නැතුව. ජාතික ප්‍රශ්නයක් කරගන්නෙත් නැතුව.

රංවල මේ ප්‍රශ්නවලට අදාල මූලික දේ කරන්නේ නැහැ. ඒ තමයි තමන් පුද්ගලයෙක් හැටියට තමන්ගේ කාර්යය නොකිරීම.

 

as345

ආචාර්ය උපාධි ප්‍රශ්නේ වෙලාවේ කතානායක පුටුවේ වාඩිවෙලා පළවෙනියෙන් කියන්න තිබ්බ දේ තමයි. මේ ඕයි...මට ඇති ආචාර්ය උපාධියක් නැහැ. තිබ්බත් මට ඒක වැඩක් නැහැ. වැඩක් තිබ්බත් ඒක මේකට වැඩක් නැහැ. මේක වෙන වැඩක්. මට දේශපාලනේ කරන්න, මිනිස්සු එක්ක වැඩකරන්න ආචාර්ය උපාධි ඕනි නැහැ. කරුණාකරලා මට රංවල කියල කියපල්ලා. මේ වැඩේට ඒක ඇති කියල.

ඔය දේ හරියටම ලාල්කාන්ත කළා. ආයේ කිසිම කෙනෙක් කිසිම දෙයක් කවදාවත් ලාල්ගෙන් ඇහුවේ නැහැ. ආයේ අහන්න දෙයක් පොර ඉතුරුකළේ නැහැ.

රංවල උන්නැහේ ප්‍රශ්නේ ආපු වෙලේ ඉඳන් කිසිදෙයක් කරන්නේ නැතුව ඔහේ තාවරවෙවී ඉන්නගත්ත. ඒකෙන් ප්‍රශ්නේ ඇවිලිලා ගියා. අන්තිමට කතානායකකමත් නැතිවෙලා ගියා.

මූලික දේ කළේ නැහැ. ඒ කියන්නේ එයා බේසික් (basic) වරද්දාගන්නවා. ඉන් පස්සේ ඔක්කොම වරදිනවා.

 

596287947 10163067886928190 3833371053990817937 nදැන් බැලුම් පිම්බීමේ වැඩේදීත් තිබ්බේ ඒක මුලින් කරන්න. හරි ඇක්සිඩන්ට් උනා. රෝහල්ගත කළා. එයාගේම ඩ්‍රයිවර් කියනවා එයා කවදාවත් බොන්නෙත් නැහැ. මස් මාළුවත් කන්නෙත් නැහැ කියල. අර නුවර එක්කෙනත් කියනවා එයා හොඳ මනුස්සයෙක් කියල. අපි කවුරුවත් එයා හොඳයි හෝ නරකයි කිව්වට වැඩක් නැහැ. එයා එයාගේ වැඩේ කරන්නේ නැත්නම්.

හරි ඒ වෙලාවේ වෙරි බලන බැළුම් තිබ්බේ නැත්නම් පොරට තිබ්බේ ලංකාවේ කොහෙන් හරි ඔය බැලුමක් හොයාගෙන ඇවිත් මේක මට පුම්බන්න දීලා මාව නිවැරදි කරගන්න මට අවස්ථාවක් දෙන්න කියන එක. බලෙන් හරි...කොළඹ කිට්ටුව පොලිසිවල බේතකටවත් බැලුමක් නැත්තේ නැහැනේ.

මම කියන්නේ රංවල රංවල නම් ඇත්ත පුද්ගලයා ලෙස මේ ප්‍රශ්නවලට එයාම මැදිහත් වෙනකල් පොරගේ ජීවිතේ අවුල් ජාලාවක් වෙයි කියල. පක්ෂේ මොනවා කිව්වත්, යාලුවෝ මොනවා කිව්වත්, පොලිසිය මොනවා කිව්වත්, චන්දදායකයෝ මොනවා කිව්වත්, ඩ්‍රයිවර් මොනවා කිව්වත්, පවුලේ අය මොනවා කිව්වත්, නුවර එක්කෙනා මොනවා කිව්වත් වැඩක් නැහැ රංවල එයාගේ බේසික් දේවල් ටික කරන්නේ නැත්නම්....

ඒ නිසා රංවල මහත්තය...අපි ආයේ මුලඉඳන් (බේසික්වල ඉඳන්) පටන්ගමු.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...