The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

නාමල්ගේ මාලිමා දමනය! | Mahesh Hapugoda

T

The Leader Desk

December 18, 2025 • 5:31 PM

නාමල්ගේ මාලිමා දමනය! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති උරුමයක්. ග්‍රවුන්ඩ් එකේ වැඩකිරීම වමට පමණක් සීමාවූ දෙයක්
  • ග්‍රවුන්ඩ් එකේ අභියෝග වලට මුහුණ දෙන හැටි එහෙම ඔය ශිෂ්‍ය දේශපාලන ඇතුලෙත් උගන්වනවා.
  • මම එකෙන්ම ඒකට එකඟ උනේ නැතත් මම නාමල් කියන්නේ මහින්දගේ තවත් වර්ෂන් එකක් නෙවෙයි කියපු එකත්, එයා ඇත්තටම පරිණත ගතිවලින් සහිතයි කියල මීට මාස ගණනකට පෙර කිව්ව කතාවත් සත්‍යයන් කරපු එක අවස්ථාවක්.
  • එහෙම කියපු කොල්ලගේ කරට අත දාල තමයි නාමල් කතාකරන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නොවුනත් වමේ අය තමයි ඔය වචනේ උච්චාරණය කරන්නේ සහ ඒක ප්‍රැක්ටිස් එකේ උගන්වන්නේ. ග්‍රවුන්ඩ් එකේ අභියෝග වලට මුහුණ දෙන හැටි එහෙම ඔය ශිෂ්‍ය දේශපාලන ඇතුලෙත් උගන්වනවා.

හැබැයි අද නාමල් අර මාතලේ ද කොහෙද ගිහිල්ල මුලිච්චි වෙච්ච තරුණයක් දමනය (මාලිමා දමනය කියල කට්ටිය කියන්නේ - ඒ තරුණයා මාලිමාවේද නැද්ද නෙවෙයි මෙතන කාරණය) කළා කියල වෛරල් වෙන ක්ලිප් එකනම් වෙනම රහක් සහ ඇත්තටම නාමල් අභියෝග වලට මුහුණ දෙන තරුණ ක්‍රමය ගැන සටහනක් ලියන්නම හිතුන.

මහින්ද පතිරණ කියල තිබ්බ ලංකාවේ දැනට ඉන්න කිසිම දේශපාලනඥයෙක් සතුව ඒ පෞර්ෂය නැහැ කියල. මම එකෙන්ම ඒකට එකඟ උනේ නැතත් මම නාමල් කියන්නේ මහින්දගේ තවත් වර්ෂන් එකක් නෙවෙයි කියපු එකත්, එයා ඇත්තටම පරිණත ගතිවලින් සහිතයි කියල මීට මාස ගණනකට පෙර කිව්ව කතාවත් සත්‍යයන් කරපු එක අවස්ථාවක්.

කිසිම දේශපාලඥයෙක් පාරේ අභියෝගයක් එහෙම ෆේස් කරනවා මම දැකල නැහැ. ඒක මාර ෆේස් කිරිල්ලක්.

උඹලගේ එක ඉවරයි දැන් තියෙන්නේ අපේ එක. අපි ඒක බලාගන්නම් කියල තමයි කොල්ල කියන්නේ. නිකම් ඒක ගමේ ඇවිත් රඟන්න එපා කියනවා වගේ දෙයක්.
එහෙම කියපු කොල්ලගේ කරට අත දාල තමයි නාමල් කතාකරන්නේ. ඒක නාමල් පාර්ලිමේන්තුවේ කතාකරනවාටත් වඩා මාර ලයිව්. මාර ස්ට්‍රොන්ග්.  

මට මතක් උනේ ඉස්කෝල කාලේ පාරේ සෙට්වෙන වලි. ගොඩක් වෙලාවට අනික් ඉස්කෝලේ කොල්ලෝ එක්ක. කෙල්ලෝ ප්‍රශ්න වගේ. 

මේ චැලේන්ජ් එක ඇතුලේ නාමල් සැලුණේම නැහැ. වචන වලින්ම උත්තර දුන්න. කොච්චර කවුරු හා හා දැම්මත් ඇත්තටම නාමල් සීන් එකේ ඉන්න ඕනි. කවදාහරි ඉස්සරහට එන්නත් ඕනි කියල හිතුන.

විශේෂයෙන් තරුණයෝ දිනාගන්න තැනදී මේ ප්‍රවේශය වැදගත්....

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...