මට වෙලාවකට හිතෙනවා. ඉතිං දේශපාලනය ඇතුලේ පරාජයෙන් බේරෙන්න ඕනෑම දෙයක් කිරීමත් ඔට්ටුයි නේද සඳමාලි?
විශේෂයෙන් දැන් හැමතැනම මාලිමාව පැරදි පැරදි යන එකේ සහ ඒවා හැමතැනම බුකියේ අලවන වෙලාවක ඒ පරාජයෙන් බේරෙන්න ඔය පොඩි 'සූත්තර පුංචා' ගේම් එකක් ගහන එකනම් එතරම් ගණන් ගත යුතු නැහැ.
අනික මේ කොළඹ නගර සභාවත් ගිය එකේ ඒකම හොරණටත් වෙන්න දෙන්න බැහැ නේ...අනික එදාටම පහුවදා.
ඒ නිසා හොරණ නගර සභාවේ මාලිමාවේ කට්ටිය අර අපි ඉස්සර ශිෂ්‍ය සංගම් නිලවරණවල වගේ පොඩි ගේම් එකක් ප්ලේ කළා.
ඒ තමයි. කලින්ම ගියා සභාවට. තිබ්බ මේසයක් ඔරලෝසුව ඉස්සරහ. නැග්ග මේසෙට. කැරකුවා කට්ට විනාඩි පහක් ඉස්සරහට. දැන් වෙලාව දහයයි.
ඒ අලුත් වෙලාවට තිබ්බ චන්දෙ. අනික් පැත්තේ එවුන් තවම මඟ. උන් 10ට එන්න හිතාන එනවා. වරෙව් පොඩ්ඩක් කලින්. එහෙම නැහැ. ඔහේ එනවා. නාකි බල්ලෝ කොළඹ යනවා වගේ.
අනික් එවුන් කොකන්ගගා මඟ. අලුත් වෙලාවට මාලිමාව දිනුම්. දැන් අර 'හෘද සාක්ෂියේ' ප්‍රශ්න වගේ ඒවා පැනනගින්නේ නැහැ. මේ සිස්ටම් චේන්ජ් වෙන එක විදියක්.
චන්දයක් නැත්තෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට අවුලකුත් නැහැ. පැරදිත් නැහැ. එහෙමයි ගේම් ප්ලේ කරන්නේ.
මේ අපි දැක්කේ එක ක්‍රමයක්. මේ ක්‍රමයට චන්ද තියන එක තිරසාර නැහැ තමයි. ඒ කියන්නේ දැන් විරුද්ධ පක්ෂෙට වෙන්නේ චන්දෙ තියෙන දවසට උදේ 6 ඉඳන් ඇවිල්ල ඉන්න.
හැබැයි උදේ 6 ඉඳල හිටියත් මාලිමාව ඊළඟ පාර වෙනත් ක්‍රමයක් අත්හදා බලන්න පුළුවන්...
ඇත්තටම බලපුවාම කෙටිකතාවක් වගේ.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...




