බණ්ඩාරනායක හොඳ උදාහරණයක්. අනික් අයත් අඩු වැඩි වශයෙන් එහෙමයි.
ඒකට හේතුව ලංකාවේ බහුතරයක් මිනිස්සු කතාකරන්නේ සිංහල වීම. හැබැයි මම අහල තියනවා ඉංග්‍රීසි විතරක් කතාකරපු කෙනෙක්ටත් ලංකාවේ සිංහල මිනිස්සු සිංහල කතාකරපු එකා පැත්තකින් තියල චන්දෙ දුන්න කියල. නම මතක නැහැ.
ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු මිනිහෙක් විශ්වාසකරන්න උගේ හමේ පාටවත් කතාකරන භාෂාවවත් බලල නැහැ කියන එක. හැබැයි ඇත්තටම විශ්වසනීය වෙන්න ඕනි. ඒක ප්‍රැක්ටිස් ටිකක්.

ඉතිං කතාවක් යනවා විමුක්ති දැන් එංගලන්තේ ඉඳන් සිංහල ඉගෙනගන්නවාලු ලංකාවේ දේශපාලනයට එන්න. ඔව්..යම් ප්‍රමාණයක් සිංහල ඕනි තමයි මේ රටේ සර්වයිව් (survive) වෙන්න. හරියට ජපානේ ඉන්න ජපන් ටිකක් ඕනි වගේ. හැබැයි ව්‍යක්ත සිංහල ඕනි නැහැ කියල මට නම් හිතෙන්නේ.
මොකද විමුක්ති ලස්සනට ඉංග්‍රීසි කතාකරනවා. එයාට බ්‍රිටිෂ් - ශ්‍රී ලංකන් උච්චාරණයක් තියනවා. එක දිගට හුස්මගන්නේ නැතුව කතාකරනවා. මම කියන්නේ ඔය අතරට සිංහල පොඩ්ඩක් තිබ්බනම් ඇති කියල. ස්ටයිල් එකට. අර චිත්‍රාල් හිරු එකේ විනිශ්චය මණ්ඩලේ කරනවා වගේ.
විමුක්ති ඇතුලේ පොඩි ලිබරල් ගතියක් තියනවා. මම ඒකට කැමතියි. මම හිතන්නේ අලුත් පරම්පරාවත් ඒකට කැමතිවෙයි.
අනික විමුක්ති තමන් කැමති දේ වෙත ආසාවෙන් ගිය කෙනෙක් සහ ඒක ඇතුලේ ඉන්න කෙනෙක්. මම ඉන්නේ ලංකාවේ දේශපාලනය කරන්නමයි, ලංකාවේ ජනතාව වෙනුවෙන්මයි වගේ එකක් ඔහු තුල නැහැ. ඔහුට ඒ නිසාම ලංකාවේ දේශපාලනයට අත්‍යවශ්‍ය වෙලා තියෙන සහ තිබ්බ නීතිඥ වෘත්තියට යන්න ඕනිවෙලා නැහැ. ඒක ලොකු දෙයක්.
එතැනදී ඔහු නාමල්ගෙන් ගැඹුරු ලෙස වෙනස් වෙනවා. මම ඒකටත් කැමතියි.
දැන් පරම්පරාව ඉස්සර අපේ නාකි සෙට් එක වගේ නෙවෙයි. ස්ටයිල් එකට සින්ග්ලිෂ් (Singlish) කතාකරන අයට කැමතියි. ඔය චිත්‍රාල් වගේ අය කරන්නේ ඒක. ඉංග්‍රීසි පොඩ්ඩයි සිංහල පොඩ්ඩයි මිශ්‍රකරනවා (හැබැයි ඉංග්‍රීසි වැඩියි). මොකද දැන් පරම්පරාව ටෙක්නෝ-ග්ලෝබල්. එයාල භාෂා දෙක දන්නවා. මේ රටේ කකුලයි යුරෝපේ හෝ වෙන රටක කකුලයි.
මේක අස්සම ඉන්නවට වඩා ඒක හොඳයි. විමුක්ති උනත් එළියට ගිහිල්ල ඇතුළට එන එක හොඳයි. මේක අස්සෙම හිටපු එවුන්ගේ කෙරුවාවල් දැන් අපිට පේනවනේ. ඒ නිසා විමුක්ති ඔය මෛත්‍රිපාල ලොක්ක හරි අනුර වගේ හරි සිංහල කතාකරන්න ඕනි නැහැ. සිංහල නෙවෙයි දැන් ඕනි. වැඩ. කුසලතා. පරිකල්පනය. නිර්මාණශීලි බව. දැන් නැත්තෙත් ඒක.
ඉංග්‍රීසි සිංහල හෝ වම දකුණ නෙවෙයි ලංකාව ගොඩගන්න එක තමයි විකල්පය.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




