The Leader News
BREAKING
Top Ad
Opinion

ඊ බඩි දේශපාලනය... | Mahesh Hapugoda

T

The Leader Desk

January 2, 2026 • 3:41 PM

ඊ බඩි දේශපාලනය... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් ඔය හතවසරේ දරුවන්ට දුන්න මොඩුයුලයේ තියෙන ඊ බඩි ගැන මට හිතෙන්නේ මෙහෙම.
  • මේ වයස ඉස්සර නම් අවුරුදු 18ක්.
  • දැන් මේ තාක්ෂණ යුගයේ ඒක 16 වෙලා.
  • තවත් මේක දැන් පල්ලෙහාට ඇවිත් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

දරුවන්ට එක්තරා වයසක් යනකල් අපිට යම් යම් තෝරාදීම් කරන්න වෙනවා. මොකද එයාලට තම ස්වච්ඡන්දතාවයෙන් (freewill) එහෙම කරන්න බැහැ කියල යම් අදහසක් තවමත් ලෝක ගෝලයේ පවතිනවා. මේ වයස ඉස්සර නම් අවුරුදු 18ක්. දැන් මේ තාක්ෂණ යුගයේ ඒක 16 වෙලා. කමක් නැහැ. තවත් මේක දැන් පල්ලෙහාට ඇවිත් ඇති.

ඉතිං හතේ පොතේ කරලා තියෙන්නේ ඊ බඩියෙක් තෝරලම දෙන එක. එතන ආචාරධාර්මික අධ්‍යාපනික වරදක් වෙනවා. හැබැයි ඒකට හේතුවක් තියනවා. ඒක තව පොඩ්ඩකින් කියන්නම්.

මම කියන්නේ හතේ වේවා එකොළහේ වේවා අපි කරන්න ඕනි බඩිය තෝරලාම දෙන එක නෙවෙයි. කුමක් හෝ තේරීමක් (choice) සඳහා අවශ්‍ය මානසික අවකාශය හදන එක. පුද්ගලයෙක්ගේ ඉතාම පුද්ගලික දෙයක් හරි තෝරාගන්නේ කෙසේද කියල උගන්වන එක. එහි බුද්ධියම සහ සදාචාර අවකාශය මනස තුළ පුළුල් කරන එක. එතනට තමයි ඔය 'අපේ සංස්කෘතිය' වගේ දේවල් එන්නේ හෝ නොඑන්නේ.

වර්චුවල් එකේ ඉන්න ඊ බඩියට වඩා තමන් ඉස්සරහ ඉන්න යාළුවා එක්ක ඇත්තටම හොඳ සම්බන්දයක් තියාගන්නේ කියන එක තමයි වැදගත්. හැබැයි ඊ එකේ සම්බන්දයක් උනත් උසස් සම්බන්දයක් කරගන්නේ කොහොමද කියලත් කියල දෙන්න ඕනි. ඒක සමලිංගිකද විෂමද ඒ දෙකම නොවෙන එකක්ද යන එක ඒ අදාල කෙනා තීරණය කරපුවාවේ.

ඒ එක. දෙක තමයි ඔය සිලබස් එකේ අන්තර්ගතය ලිව්වා කියන ජූනියර් ලෙක්චරර් සහ කවුරුහරි සීනියර් කෙනෙක් ඒක බැලුවා හෝ නොබැලුවා උනත් එයාල අතින් මේ වෙබ් එකේ ලින්ක් එක මෙහෙම ඉන්නේ වෙනත් හේතුවක් නිසා. ඒ තමයි මාලිමාව එක්ක දිගහැරුණු අධ්‍යාපන දේශපාලන අවකාශය. අපි ඒකට කියන්නේ වාතාවරණය කියල (atmosphere).

මම ඒකට කැමති කෙනෙක්.

ඒ කියන්නේ LGBTQ+ සඳහා සුවපහසු වාතාවරණයක් මේ ආණ්ඩුව එක්ක ආව. ඒ නිසා මේ අන්තර්ගතය සමාජගතවීම ගැන මේක හදපු අය වැඩිය නොසිතන්න ඇති (හෝ ලකුණක් දාගන්න කළා වෙන්නත් පුළුවන්). පොදු අවකාශය හෝ සමහර විට නීතිය ගැන උනත් හිතන්නේ නැතුව මේක මෙහෙම යන්න දෙන්න ඇති.

දැන් මහින්දගේ කාලේ වගේ මෙහෙම අවකාශයක් එන්නේ නැති නිසා ලියන එකත් ප්‍රවේසම්. බලන එකත් ප්‍රවේසම්. ඔන්න ඕකට තමයි දේශපාලනය කියන්නේ. වෙන එකක් නෙවෙයි.

ලියපු අය කරලා තියෙන්නේ තියෙන අවකාශය පාවිච්චිකිරීම වෙන්න පුළුවන්. ඒක දේශපාලනික දෙයක්. ආයේ මෙහෙම එන්නෙත් නැති නිසා. ඇත්තටම මේ ආණ්ඩුව පැත්තෙන් කරන්න ඕනි එයාල පාවාදෙන එක නෙවෙයි.

වරදක් කළා කියනවට වඩා ඒ වෙනුවෙන් පෙනීසිටීම තමයි ඇත්තම දේශපාලනික දෙය. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ අවුල නිවැරදි කරන්න ඕනි නැහැ කියල. එහෙම වෙන්න ඕනි. හැබැයි මේකෙන් වෙන්නේ ඒ අවකාශය පවා විනාශවෙන එක.

මම හිතන්නේ නැහැ ඒ අවකාශය ආරක්ෂා කරගන්නවත් හයියක් මෙයාලට තියනවා කියල.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...