The Leader News
BREAKING
Top Ad
Opinion

දේශපාලනය කොයිතරම් දෛවෝපගත දෙයක් ද? | Mahesh Hapugoda

T

The Leader Desk

March 6, 2025 • 5:13 PM

දේශපාලනය කොයිතරම් දෛවෝපගත දෙයක් ද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහුගිය ජනාධිපති චන්දෙ තියන්න පොඩ්ඩක් කාලෙකට කලින් ඔය දොස්තරලගේ චැනල් සෙන්ටර්වල (ඒ කියන්නේ පුද්ගලිකව එයාලම එයාලගේ තැන්වල දාගෙන හිටපු පීපී වල) ලොකුවට එයාල ගහගෙන හිටියේ 'මේ පාර මාලිමාවට' නැත්නම 'රට අනුරට' කියල.
  • ඒ මහා 'භූමදාන පුණ්‍යකර්මය' ඇතුලෙත් බයියෝ කිහිප දෙනෙක් අමාරුවෙන් චන්දෙ දීලා හම්බන්තොටින් එවනවා මන්ත්‍රීකෙනෙක් ඩී වී චානක කියල.
  • හැබැයි ඒ බයි පොර තමයි අර ටොයි දොස්තරලගේ දීමනා කපපු එක ගැන ඇත්තටම කරුණු සහිතව පාර්ලිමේන්තුවේ කතාකළේ.
  • ඒ කතාවම ඇති අර කොන්ගත වෙලා ඉඳපු බයියන්ගේ කාඩ් එක බේරලා දෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


පහුගිය ජනාධිපති චන්දෙ තියන්න පොඩ්ඩක් කාලෙකට කලින් ඔය දොස්තරලගේ චැනල් සෙන්ටර්වල (ඒ කියන්නේ පුද්ගලිකව එයාලම එයාලගේ තැන්වල දාගෙන හිටපු පීපී වල) ලොකුවට එයාල ගහගෙන හිටියේ 'මේ පාර මාලිමාවට' නැත්නම 'රට අනුරට' කියල.

ආපු ලෙඩ්ඩුන්ට පවා කැම්පේන් කළා මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනි කියල.

ඒ වගේ ක්‍ෂුද්‍ර කැම්පේන් වලින් තමයි ලොකු බලපෑමක් වුනේ. ඒකෙ ප්‍රථිපලයක් හැටියට තමයි මිනිස්සු දොස්තරලම ගොඩක් පාර්ලිමේන්තු එව්වේ. සහ විශ්ව විද්‍යාලකාරයෝ - උපාධිකාරයෝ - ගොඩක් දියවන්නා එව්වේ.

ඒ චන්දෙ අරමුණ උනේම බයියෝ ඉවරම කරලා දාන එක. සුද්ද කරන එක. හෝදලා දාන එක. ක්ලීන් කරන එක. ශ්‍රමදානේ කරලා භුමදානේ කරන එක. 

ඒක විශාල ප්‍රමාණයකට ඒ විදියටම උනා.

ඒ මහා 'භූමදාන පුණ්‍යකර්මය' ඇතුලෙත් බයියෝ කිහිප දෙනෙක් අමාරුවෙන් චන්දෙ දීලා හම්බන්තොටින් එවනවා මන්ත්‍රීකෙනෙක් ඩී වී චානක කියල. තනිකර බයි නියෝජනයක්.

හැබැයි ඒ බයි පොර තමයි අර ටොයි දොස්තරලගේ දීමනා කපපු එක ගැන ඇත්තටම කරුණු සහිතව පාර්ලිමේන්තුවේ කතාකළේ. ඒ කතාවම ඇති අර කොන්ගත වෙලා ඉඳපු බයියන්ගේ කාඩ් එක බේරලා දෙන්න. විශේෂයෙන් වමේ කියන ජනතාවාදී කියන ආණ්ඩුවක් තිබ්බ එකටත් කෙළියට පස්සේ.

මේ සටහන ලිව්වේ හම්බන්තොට බයියන්ට රෙස්පෙක්ට් එකට.

ටොයියන්ට අමුම අමු බයියෙක්ගේ නම ලියන්න වෙනවා කියන්නේ දේශපාලනය යනු කොයිතරම් දෛවෝපගත දෙයක් ද?

Mahesh Hapugoda(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...