The Leader News
BREAKING
Top Ad
Opinion

මදුරෝ පණිවුඩය | Mahesh Hapugoda

T

The Leader Desk

January 4, 2026 • 11:31 AM

මදුරෝ පණිවුඩය | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාම රහසිගත ලෙස ගොඩබැස්සවිය හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත ලොක්හීඩ් RQ 170 වර්ගයේ රහස් ඩ්‍රෝන යානා භාවිත කරමින් ඊයේ ට්‍රම්ප් පාලනය විසින් වෙනිසියුලාවේ 'වාම නැඹුරුවක්' සහිත ජනාධිපතිවරයෙක් වූ නිකොලස් මදුරෝ පැහැරගනු ලබනවා (මේ වචනය කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ).
  • වෙනිසුයිලාවේ තෙල් සම්පත වගේම මදුරෝගේ චීන සම්බන්දය මේ ආක්‍රමණය සඳහා සඳහා බලපාන්න ඇතිකියල ගොඩක් කට්ටිය කියනවා.
  •   සාමාන්‍යයෙන් පාවිච්චි නොකරන මෙම RQ වර්ගයේ ඩ්‍රෝන යානා ට්‍රම්ප් මෙම මෙහෙයුම සඳහා පාවිච්චි කරනවා (RQ 170 sentinel stealth drone).
  •   මේක මදුරෝ ගැනම ප්‍රශ්නයකට වඩා තියෙන්නේ වෙනත් හැඟවුමක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමෙරිකාවේ ජනමාධ්‍ය කියන්නේ මදුරෝ ඒකාධිපති කෘර පාලකයෙක් කියල. නමුත් එයා පත්වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ චන්දයෙන්. රටක මිනිස්සු දෙන චන්ද අවුල්ද නැද්ද කියන එක වෙනම කතාවක්.

වෙනිසුයිලාවේ තෙල් සම්පත වගේම මදුරෝගේ චීන සම්බන්දය මේ ආක්‍රමණය සඳහා සඳහා බලපාන්න ඇතිකියල ගොඩක් කට්ටිය කියනවා.

 

608461870 122266937888220296 2486169687438478209 n

සාමාන්‍යයෙන් පාවිච්චි නොකරන මෙම RQ වර්ගයේ ඩ්‍රෝන යානා ට්‍රම්ප් මෙම මෙහෙයුම සඳහා පාවිච්චි කරනවා (RQ 170 sentinel stealth drone). ඔහු එයින් පණිවුඩ කිහිපයක් ලෝකයට දෙනවා. එකක් තමයි ඇමෙරිකානු තාක්ෂනය සතු අතිශයින් නිවැරදි ඉල්ලකයට ඔත්තු බැලීමේ හැකියාව. සහ ඒ ඔස්සේම ඉතාම නිවැරදි ඉල්ලක වෙත ලඟාවෙමින් අපේක්ෂිත ඉල්ලකය ග්‍රහණය කරගැනීමේ හැකියාව. මෙම යානා දැන් වසර පහළොවක් පමණ පැරණි වුවත් සාමාන්‍ය නිරීක්ෂණවලට හසුවෙන්නේ නැහැ (very low observable aircrafts).  

මේක මදුරෝ ගැනම ප්‍රශ්නයකට වඩා තියෙන්නේ වෙනත් හැඟවුමක්. එක අධිරාජ්‍යයක් විසින් තවත් නැගී එන අධිරාජ්‍යයකට දෙන රතු පණිවිඩයක් මේක (red alert). ඇමෙරිකාව කියන්නේ මෙහෙම දෙයක්. අපිට පුළුවන් ලෝකේ ඕනෑම තැනකට ගිහිල්ල ඕනෑම එකෙක් අල්ලගෙන එන්න. ඒකට ඕනි තාක්ෂණ ආධිපත්‍ය අපිට තියනවා. ඒ නිසා පරිස්සමින් හිටපල්ලා!

අනික තමයි අපේ ගෝලීය ඇමෙරිකන් ආධිපත්‍ය දැන් නැතිවෙලා කියල උඹල හිතන්න එපා. ඒක තවම තියනවා.

මේ වගේ වැඩ කරන්න තවමත් පුළුවන් අපිට විතරයි...

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...