ඒ කියන්නේ කිසිම ජාතික හෝ ජාත්‍යන්තර නීතියක් හෝ මූලධර්මයක් නැතුව කෙලින්ම මහ රෑ ගිහිල්ල රටේ ඉන්න නායකයෝ කුදලාගෙන එන එක. සහ අපි උඹලව ආක්‍රමණය කරනවා කියල මූණට කියන එක. මේ තත්වය වක්‍රව මෙච්චර කල් ඇමෙරිකාවේ තිබ්බට මෙහෙම නිරුවත් විදියට උනේ නැහැ. ඒක තමයි ට්‍රම්ප්ගේ වෙනස.
දැන් වෙනිසියුලාව විතරක් නෙවෙයි කොලොම්බියාව ග්‍රීන්ලන්තේ පවා යටත්කරගන්න තමයි ට්‍රම්ප්ගේ කල්පනා කරන්නේ. අර රට වැඩක් නෑ කියනවා, ඒ රටේ පාලකයා ලෙඩෙක් කියනවා. පිස්සු කෝච්චියයි.
උදාහරණයක් හැටියට ට්‍රම්ප් වෙනිසියුලාවේ මදුරෝ අල්ලගත්තට පස්සේ කිව්වා දැන් වෙනිසියුලාව පාලනය කරන්නේ මම කියල. ඉස්සර නම් රූකඩ පාලනයක් හරි දානවා. දැන් කෙලින්ම උඹලගේ පාලකයා මම කියල කියනවා. කෙලින්ම ස්වාමි වහල් සම්බන්දය.
වෙන එකක් එපා ඇමෙරිකන් පැත්තේ ඉන්න ඉන්දියාවට පවා දැන් එයා තරවටුකරන්න අරගෙන. රුසියාවෙන් තෙල් මිළදීගන්න එපා කියනවා.
මේ නිසා කොලොම්බියා ජනාධිපති කියනවා අපේ රටට අවොත් අපි අවිබලය පාවිච්චි කරනවා කියල. දැන් කට්ටියට තේරෙනවා ඇති ලෝකය එක යුගයක ඇමෙරිකාව එක්ක ගරිල්ලා සටන් පටන්ගත්තේ ඇයි කියල. මම නම් කියන්නේ නිකම්ම යටත්වෙනවට වඩා වෙඩිල්ලක් හරි තියල මැරෙන එක හොඳයි.
ඇමෙරිකන් අධිරාජ්‍යවාදී න්‍යායපත්‍රය නිරුවත් කරන්නේ ට්‍රම්ප්. ඒක තරමක් රැඩිකල් දෙයක්. ඒ එක්ක දැන් අපි ආයේ විසිවෙනි සියවසේ මැද හරියට යනවා.
ඒ නිසා මට නම් දැන් හිතෙන්නේ ලෝකය අවුරුදු පනහක් පස්සට කැරකුනා වගේ....
ට්‍රම්ප් ලෝකය කරකවමින් ඉන්නේ. මම දන්නේ නැහැ ඒ ලෝක විප්ලවයක් දෙසටද කියල.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




