The Leader News
BREAKING
Top Ad
Opinion

ක්ලැරන්ස් සහ රූකා | Mahesh Hapugoda

T

The Leader Desk

January 18, 2026 • 10:10 AM

ක්ලැරන්ස් සහ රූකා | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ෆොටෝ එක දිහා බලන්න. මම ආස වෙස්ටන් ඇඳුමින් ඉන්නේ ක්ලැරන්ස්. ඉතාම පහසුවෙන් සහ නායකයෙක් වගේ නිස්කලංකයි.
  • ඇහැ කඩාගෙන යන රතු කළු වෙනස් වර්ණයක් සහ ඇඳුමක්.
  • ක්ලැරන්ස් දෙපැත්තෙන් ඉන්න රාජු සහ අනික් කෙනා ඒ දවස්වල බෑන්ඩ් අය අඳින සුදු ඇඳුමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්ලැරන්ස් දෙපැත්තෙන් ඉන්න රාජු සහ අනික් කෙනා ඒ දවස්වල බෑන්ඩ් අය අඳින සුදු ඇඳුමින්. ෆෝචූන්ස් ටයිප් එකට.  රාජුගේ පැත්තෙම ඉන්න අනික් කෙනත් එහෙමයි. ගාණක් නැහැ. ඩීසන්ට්-කැෂුවල් වෙස්ටන් පැත්තට බරයි.

බලන්න වමේ කෙලවරේම ඉන්න චරිතය. අනික් අයගෙන් දශමයක් ඈතින්. ස්ටෑන්ඩ් අවුට්. ඇස් වල තියෙන්නේ කඩාගෙන යන්න ඕනි ගතියක්. ඇඳුම මම ආස ක්ලැරන්ස්ගේ 'කූල් වෙස්ටන්' විදිය නෙවෙයි. අනික් අය ඉන්න සුදු ඇඳුමිනුත් නෙවෙයි. ඇහැ කඩාගෙන යන රතු කළු වෙනස් වර්ණයක් සහ ඇඳුමක්. මේක තමයි ඒ කාලේ බඹර පහස මුලින්ම වීඩියෝ වලත් අපි රූකා දැක්ක විදිය. අඩු වැඩි වශයෙන්. 

රූකාන්ත එයාගේ පැත්තෙන් 'පොප් වෙනසක්' මෙතන පවා සලකුණු කරනවා. 

ෆැෂන් වලට අසූව අනූව දශකයේ ආස කරපු දැන් ජීවතුන් අතර නැති මගේ යාලුවෙක් කිව්වා මචං රූකාන්ත අඳින විදිය හරි නැහැ. සහ 'රඟන' (මේක කිව්වේ නිශේදනාත්මක අර්ථයෙන්) විදියත් අවුල් කියල. මගේ යාළුවා කිව්ව ඒ අදහස මගේ හිතේ තවත් තියනවා. 

රූකා ඇන්දේ අපේ ඇහැ ඉල්ලපු විදියට නෙවෙයි. සිංදුත් එහෙමයි. 

එහෙම ඇඳලා සහ 'රඟලා' රූකා අපිව පහුකරගෙන ගොඩක් දුර ගියා. හැබැයි මෙච්චර සුකුරුත්තන් ගොඩක් කරලා එයා ක්ලැරන්ස් පහු කළාද? 

@ෆොටෝ එක මුල් අයිතිකරුගේ.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...