ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම් සිංහල බෞද්ධ කේන්ද්‍රීය නිදහස් සැමරුමක් වෙනුවට පොදුවේ හැම ජාතියක්ම නියෝජනය වෙන විදියට ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා කියන එක.
නිදහස් උත්සවය පුරාවට නිවේදනය කටයුතු කරපු කෙනා ඒක ඒ විදියටම කිව්වා. වගේම අනුර සමත්වෙලා තියනවා ලංකාවේ උතුරේ සහ නැගෙනහිර සුළු ජාතික ප්‍රජාව විශාල ප්‍රමාණයකට නියෝජනය කරන්න. ඒ අනුව ඔහු ඇත්තටම ලංකාවේ හැම ජාතියකම ජනධිපති වෙලා තියනවා. ඔහු ඒ ගැන ඉතාම සවිඥාණිකයි. ඒක වැදගත්.
ඒක ලංකාවේ අපි යම් වෙලාවක ප්‍රාර්ථනා කරපු දෙයක් යම් පමණකට හරි ඉටුවීමක්. සහ ලංකාව තවත් අඩියක් ඉදිරියට යාමේදී ඒ 'සර්ව ජන ලාංකික පිළිබිඹුව' ඉතාම වැදගත් වේවි. ඒක වෙනුවෙන් අනුර සහ මාලිමාව වගේම ජවිපෙටත් අපි ස්තුති කරන්න ඕනි.
දෘෂ්ටිමය වශයෙන් ඒක මහින්ද ජනාධිපතිවරයාට කරන්න බැරි උනා. ඒ ඔහු හිටපු තැනත් එක්ක. මෛත්‍රී යම් පමණකට නියෝජනය කළා. පසුව ඒක අහෝසි උනා. රනිල්ටත් පොහොට්ටු දීගය එක්ක ඒක නියෝජනය කරන්න බැරි උණා. මේ මොහොත වෙද්දි ඒක කොහොමටත් නැහැ.
ජාතිවාදී නොවීම විතරක් නෙවෙයි පුළුල් ලිබරල් මනුෂ්‍ය හැසිරීම පැත්තෙන් ගත්තත් මාලිමාව යම් පමණකින් ඉස්සරහට ඇවිල්ල තියෙනවා. විශේෂයෙන් දේදුනු වර්ණ මිනිසුන් වෙනුවෙන් (rainbow humanity).
මම දකින්නේ මේක ලංකාවේ සංස්කෘතික - දේශපාලනයේ ඉදිරි ගමනක් විදියට. ඒක පවා මිනිස් නිදහසේ කොටසක්. අනික් අයට කරන්න බැරිවෙච්ච දෙයක්.
ඒ අනුව ලංකාවේ සංස්කෘතික දේශපාලනයේ දිශාව යම් ඉදිරිගාමී බවක් වෙතට මාලිමාව එක්ක යමින් තියනවා. අනික් අයට දේශපාලනය කරන්න වෙන්නේ ඒ එක්ක මිසක් එයට එරෙහිව නෙවෙයි.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




