The Leader News
BREAKING
Top Ad
Opinion

ඩමි අයිඩී... | Mahesh Hapugoda

T

The Leader Desk

February 7, 2026 • 10:33 AM

ඩමි අයිඩී... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ATM එකට හැර ලංකාවේ බැංකු මොකට ගියත් බැංකුවේ එකා මුලින්ම අහන්නේ මහත්තය (හරි මොකා හරි කියල) 'අයිඩෙන්ටි කාඩ්' එක දෙන්න කියල (අයිඩෙන්ටිටි කතාවක් නම් කියන්නේ නෑ). මොකද උන් උන්ගේ පැත්තෙන් අපේ එකවුන්ට් එකට ලොග් වෙන්නේ අයිඩී නම්බර් එක එක්ක.
  • මම අයිඩී නම්බර් එක හොයල කියන්නම්' කියල ගෙදර නිකම් බත් ගිල ගිල ඉන්න එකෙක්ට කෝල් එකක් දීල කියන්න මගේ අයිඩී නම්බර් එක කියපන් කියන්න.
  • අයිඩෙන්ටි එක ගෙනාවේ නැහැ කිව්වොත් බැංකු පොත ඉල්ලනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අයිඩෙන්ටි එක ගෙනාවේ නැහැ කිව්වොත් බැංකු පොත ඉල්ලනවා. නැත්නම් එකවුන්ට් නම්බර් එක ඉල්ලනවා. නැත්නම් ආපහු හරවලා එවනවා. ඒ කියන්නේ ඔය දෙක තුනෙන් එකකින් තමයි උන් අපේ එකවුන්ට් එකට ලොග් වෙන්නේ.

හැබැයි මට මතකයක් නැහැ උන් අපේ අයිඩෙන්ටිටි කාඩ් එක වෙනුවට ඩමි අයිඩී එකක් ගහනවා. විශේෂයෙන් එකවුන්ට් එකක් ඕපන් කරන්න යනකොට එහෙම ඩමි ඉල්ලනවා මම දැකල නැහැ.

 

bank income
අනික මගේ පාස්පෝට් එකේ නම් පාස්පෝට් නම්බර් එකයි ඊට පහළින් අයිඩී නම්බර් එකයි දෙකම තියනවා. ඒ නිසා ඩමියක් ඕනි වෙන්නේ නැහැ. කලින් පාස්පෝට්වල කොහොමද දන්නේ නැහැ.

අනික ලංකාවේ එහෙම මුල්ම පුරවැසියෙක් එකවුන්ට් එකක් ඕපන් කරනකොට බැංකුවේ එකා ඩමියක් ගහන්න නම් හදන්නේ එතකොට යුතුකමක් තියනවා කියන්න 'අනේ පොඩ්ඩක් ඉන්න. මම අයිඩී නම්බර් එක හොයල කියන්නම්' කියල ගෙදර නිකම් බත් ගිල ගිල ඉන්න එකෙක්ට කෝල් එකක් දීල කියන්න මගේ අයිඩී නම්බර් එක කියපන් කියන්න.

මෙන්න මේ වගකීම-වගවීම තමයි ඒ යුගයේ තිබ්බේ නැත්තේ. රජවරු වගේ තමයි තමන්ට ඕනි ඕනි විදියට ක්‍රීඩාව සෙල්ලම් කළේ. අයිඩී නැහැ. අංක තහඩු නැහැ...මූණත් තහඩු නැහැ... මුකුත් නැහැ.

අංක තහඩු - මූණත් තහඩු නැති ඒවායේ ගිය උන් ආපහු ආවෙත් නැහැ.  

දැනුත් ඒ තමන් කළ දේ වගවීම ගන්නේ නැහැ. ඒක බැංකුවේ එකාට දානවා.

 

aragalaya 2022.7.14
ඒක නිසා තමයි මිනිස්සුම පාරට බැහැල ගෙදර යන්න කිව්වේ. එහෙම යවලත් තවත් මිනිස්සු රවට්ටනවා කියන්නේ ආයේ ආවොත් ආයෙත් මේ සේතේම තමයි කියන එක.

මොනවා උනත් මෙයාල හැදෙන්නේ නැහැ.

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...