The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් සහ වුල්වහැම්ප්ටන්... | Mahesh Hapugoda

T

The Leader Desk

February 8, 2026 • 5:28 PM

රනිල් සහ වුල්වහැම්ප්ටන්... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් ලන්ඩන් ගිය කතාව දැන් තියෙන්නේ අධිකරණ කලාපයක් ඇතුලේ. ඒ නිසා ඒ ගැන අදහස් පළකිරීම ගැන මම සැලකිලිමත්.
  • ආරාධනාවක් නැතුව විශ්ව විද්‍යාලේ ඇතුලට යන්න සහ ඔය කියන වීඅයිපී කලාපේ බැල්කනියේ ඉන්න එයාට හැකිවෙන්නේ නැහැ.
  • මම හිතන හැටියට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වුල්වහැම්ප්ටන් විශ්ව විද්‍යාලය පැත්තේ.
  • ඇත්තටම රනිල්ට කතාවක් තිබ්බද දන්නෙත් නැහැ).
අකුරු ප්‍රමාණය (Font Size):

ඒක පළමුවෙන් කියන්න ඕනි. හැබැයි සමස්තය ගැන අදහසක් දරන්න ඒක බාධාවක් වෙන එකක් නැහැ කියල හිතමින් තමයි මේක ලියන්නේ. විශේෂයෙන් පශ්චාත් යටත්විජිත කතාවක ආරම්භයක් මේකෙ තියනවා වගේ පේන නිසා.

මට හිතෙන හැටියට වුල්වහැම්ප්ටන් විශ්ව විද්‍යාලේ රනිල්ට 'නිල ආරාධනාවක්' නොකර ඉන්න එකක් නැහැ. ආරාධනාවක් නැතුව විශ්ව විද්‍යාලේ ඇතුලට යන්න සහ ඔය කියන වීඅයිපී කලාපේ බැල්කනියේ ඉන්න එයාට හැකිවෙන්නේ නැහැ. අනික මෛත්‍රීට කොහොමත් විශේෂ සම්මානිත මහාචාර්ය උපාධි සම්මානයක් වෙනුවෙන් ආරාධනාවක් තිබ්බ නිසා එයාගේ ස්වාමි පුරුෂයා හැටියට රනිල්ට අනිවා ආරාධනා කරනවා. ඒක සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලේ සනාතන සභාව (සහ පාලක සභාව) ගන්න තීරණයක්. මට හිතෙන්නේ එතන ගැටළුවක් නැහැ.

අනික රනිල් ඒ ගමන යන්න තීරණය කරන කොට ඒක පුද්ගලික උනත් නිල එකක් උනත් යන්න වෙන්නේ රනිල් කියන රටේ ජනාධිපතිවරයාට. එතැනදී රටේ පොදු මුදල් තමයි පරිහරණය වෙන්නේ. ආරක්ෂාව සහ ඉඳුම් හිටුම් වගේ දේවල් කොහොමත් දරන්න වෙන්නේ රටේ ජනතාවට.

නැවතත් කියන්න ඕනි පොදු වුනත් පුද්ගලික උනත් රටේ ජනාධිපතිවරයා මීටරයක් දෙකක් හෙල්ලුනත්, එහාට මෙහාට ගියත් රටේ සල්ලි වැයවෙනවා. මේක ගැන රටේ ජනාධිපතිවරු දැනුවත් නැත්තේ නැහැ කියල මම හිතනවා.

පොදු උනත් පුද්ගලික වුනත් තීරණය තියෙන්නේ රනිල් අතේ. මේ දෙකම තීරණය කරන්න හෝ නොකරන්න අයිතියක් රනිල්ට තියෙනවා. අනික මේ වියදම් ගැන රනිල් සවිඥානික නැහැ කියන්න බැරි එයා ලන්ඩන් ට්‍රාන්සිට් එක මේ කටයුත්ත සඳහා යොදාගෙන තියනවා කියන එකෙන්. එතැනදී ලංකාවේ ඉඳන්ම යනවට වඩා වියදම් අඩුවෙනවා. ඒකත් ඇත්ත.


ජනාධිපති හැටියට නිල කටයුත්තක් වෙනුවෙන් යනවා නම් එතරම් වියදම් ගැන වදවෙන්න ඕනිත් නැහැ. හැබැයි රනිල් මේ ගැන හිතල තියනවා කියල පේනවා. අපි හිතන්න ඕනි ඒ ඇයි කියන එක.

මම හිතන හැටියට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වුල්වහැම්ප්ටන් විශ්ව විද්‍යාලය පැත්තේ. ඒ කියන්නේ අරාධනාවේ ස්වභාවය පැත්තේ තමයි මම දකින ගැටළුව තියෙන්නේ.


ඔවුන් ඇකඩමික් පැත්තෙන් මෛත්‍රීට ආරාධනා කරනවා. ඒ තීරණය හරි. ඒ වගේම ඔවුන් දන්නවා ඒ ආරාධනය කරන වෙලාව වෙනකොට මෛත්‍රීගේ ස්වාමි පුරුෂයා රටේ ජනාධිපති කියල. ඒ කියන්නේ එංගලන්තය කියන රටේ එක්තරා යුගයක කොළනියක් වෙච්ච ඈත දුප්පත් කොමන්වෙල්ත් රටක (Commonwealth -පොදුරාජ්‍ය) ජනාධිපතිවරයෙක් අපේ රටේ අපේ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වෙනවා කියල.

මේ ඇවිල්ල නීතිඥයෙක් වෙච්ච, පශ්චාත් උපාධි මට්ටමේ සුදුසුකම් තියෙන, හොඳින් ඉංග්‍රීසි කතාකරන, ලෝක මට්ටමේ සමුළුවල කතාකරලා තියෙන, විදේශ ඇමතිවරයෙක් සහ අධ්‍යාපන ඇමතිවරයෙක් වෙච්ච, අගමැතිවරයෙක් වෙච්ච මනුස්සයෙක් (මම කියන්නේ දේශපාලනය මොකක් උනත්).

රනිල්ගේ වුල්වහැම්ප්ටන් චාරිකාව සම්පුර්ණ වෙනවා ඔවුන් එයා වෙනුවෙන් කතාවක් දුන්න නම්. මෛත්‍රීට සම්මානය දීල ඇයගේ ස්වාමි පුරුෂයාට කතාවක් දීම ගැළපෙන්නේ නැහැ කියල හිතුවද මම දන්නේ නැහැ. එහෙනම් ඒක වෙනම හිතන්න තිබ්බ.

නමුත් ඔවුන්ගේ පරණ කොළනියක රාජ්‍ය නායකයෙක් ඔවුන්ගේ විශ්ව විද්‍යාලයට ඇවිල්ල ඉන්නවා. මම කියන්නේ විශ්ව විද්‍යාලය පැත්තෙන් ඒක යම් දෙයක්. ඒක ඒ විශ්ව විද්‍යාලය හරියට කියවාගත්තද කියන එක මට නම් ප්‍රශ්නයක්.

ප්‍රධාන ආරාධිත අමුත්තා වෙනුවෙන් දෙන කතාවත් නැතුව, විශේෂ ආරාධිත දේශනයත් නැතුව ඔවුන්ට රනිල් වෙනුවෙන් විශේෂ අදහස් දැක්වීමක් දෙන්න තිබ්බ. විනාඩි පහක් හෝ දහයක. මෛත්‍රීටත් දෙනවා විනාඩි පහක් වගේ කාලයක් (මම හරියට දැක්කේ නැහැ. ඇත්තටම රනිල්ට කතාවක් තිබ්බද දන්නෙත් නැහැ).

එහෙම උනානම් ඒ සංචාරය ඇතුලේ ලංකාව වෙනුවෙන් රනිල්ට යමක් කියන්න තිබ්බ (කියන දේ මොකක් උනත්). එවිට ඒක අංග සම්පුර්න වෙන්න තිබ්බ. නමුත් තමන්ට එවන් අදහස් දැක්වීමක්වත් නැති නිසා සහ නියෝජනයක් නැති නිසා රනිල්ට තිබ්බේ රටක ජනාධිපති කෙනෙක් හැටියට නොයා ඉන්න (විරෝධයක් හැටියට හරි). රාත්‍රී භෝජනයක් කියන එකනම් එතරම් දෙයක් නෙවෙයි නේ.

නමුත් පුද්ගලික ලෙස හෝ යන්න අයිතියක් පවතින විධායක ජනාධිපති රාමුව ඇතුලේ හොයාගන්න පුළුවන්. ඒක හරි. හැබැයි... 

(සංවාදයට විවෘතයි)

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 සබැඳි ලිපියක් :
රනිල්ගේ 'වුල්ෆ් හැම්ටන්' නඩුවට අදාල B වාර්තාවේ CIDයේ 'පටලැවිල්ල' | විශේෂී හෙළිදරව්වක්


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...