The Leader News
BREAKING
Top Ad
Opinion

අමරකීර්ති අතුකෝරල එදා කොළඹ ආවේ ෂොපින් යන්නද? | Mahesh Hapugoda

T

The Leader Desk

February 13, 2026 • 4:02 AM

අමරකීර්ති අතුකෝරල එදා කොළඹ ආවේ ෂොපින් යන්නද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොට්ටුවේ අමරකීර්ති අතුකෝරල එදා කොළඹ එන්න ඇත්තේ ෂොපින් යන්න වෙන්න බැහැනේ.  එදා එයා එන්නේ අරලිය ගහ මන්දිරයේ තිබ්බ රැස්වීමට කියල හැමෝම දන්නවා.
  • පොඩි පිරිසක් ඒ පැත්තට ඉන්න ඇති.
  • අන්න ඒ ගෝල්ෆේස් එකට තමයි පොහොට්ටුවේ සනත් නිශාන්තල ගහන්නේ.
  • ඒ කියන්නේ අතුකෝරල ඇතුළු පිරිස නියෝජනය කරන්නේ මිනිස්සු හිටපු ගෝල්ෆේස් අරගලය පැත්ත නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පොහොට්ටුවේ අමරකීර්ති අතුකෝරල එදා කොළඹ එන්න ඇත්තේ ෂොපින් යන්න වෙන්න බැහැනේ. 

එදා එයා එන්නේ අරලිය ගහ මන්දිරයේ තිබ්බ රැස්වීමට කියල හැමෝම දන්නවා. ඒ රැස්වීම එක්ක එයාල තීරණය කරනවා ගෝල්ෆේස් එකේ අරගලයට පහර දෙන්න. හෝ ඒක අවසානයේ ගෝල්ෆේස් එකට ගහනවා. පන්න පන්න ගහනවා. ගිණි තියනවා.

එයාලට ඕනි උනේ හොඳින් හරි නරකින් හරි ගෝල්ෆේස් සුද්ද කරලා ඉවරකරන්න. සමහරු පෝස්ට් දාලම ආව අපි එන්නේ සුද්දකරන්න කියල. ඒ ආව වගේම සල් වෙන්න ගහනවා. ඒක දේශපාලන තීරණයක්. දේශපාලන වැඩක්.  

මිනිස්සු 'ප්‍රතිචාර' දක්වන්න ගන්නේ මෙතනින් පස්සේ. එදා හවස වෙනකොට රට ගිණි ජාලාවක් වෙනවා. ගෝඨාභයට රට දාල යන්න වෙනවා. එතනත් තියෙන්නේ දේශපාලනය.

220414 sri lanka protest jm 1131 d2d1c9

ලංකාව දෙකට බෙදිලා තිබ්බේ කියල ගත්තොත් මිනිස්සු විශාල වශයෙන් හිටියේ අරගලය පැත්තේ. ඒක තමයි ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය එක්ක ඔප්පු උනේ. මිනිස්සු හිටියේ ඒ වෙලාවේ ගෝඨාභයගේ ආණ්ඩුව පැත්තේ නෙවෙයි. පොඩි පිරිසක් ඒ පැත්තට ඉන්න ඇති. හැබැයි ලංකාව හිටියේ ඒ ආණ්ඩුව යන්න ඕනි කියන තැන. ඒ ආණ්ඩුව විතරක් නෙවෙයි සමස්ත පාලනයම එපා කියන තැනක සහ සිස්ටම් චේන්ජ් එකක් ඕනි කියන තැනක. ඒ කියන්නේ ගෝල්ෆේස් පැත්තේ.

අන්න ඒ ගෝල්ෆේස් එකට තමයි පොහොට්ටුවේ සනත් නිශාන්තල ගහන්නේ. ඒ කියන්නේ අතුකෝරල ඇතුළු පිරිස නියෝජනය කරන්නේ මිනිස්සු හිටපු ගෝල්ෆේස් අරගලය පැත්ත නෙවෙයි. ඊට එරෙහි පැත්ත. අද ෆේස්බුක් එකේ අර අතුකෝරල මරණයට වගකිවයුතු යැයි කියන පිරිසට 'දඬුවම්' ලැබුනම ආතල් ගන්නේ මේ ගෝල්ෆේස් එකට එරෙහිව හිටපු පිරිසක්.

'මිනිස්සුන්ගේ අරගලයට ගැහුවා' කියන අදහස තමයි එතන තිබ්බේ. ඒකට සහයෝගය දෙන්න ආපු හැමෝටම වගේ ආපහු ගමරට බලා යන්නේ වුනේ මිනිස්සුන්ගේ 'දේශපාලන ප්‍රතිචාර' (political reactions) විඳගෙන. ලැජ්ජා කිරීමේ ඉඳල අඩන්තේට්ටම් දක්වා විශාල පරාසයක ඒ 'ප්‍රතිචාර' තිබ්බ.

 

1652790068 mp amarakeerthi athukoralaඅමරකීර්ති අතුකෝරල
අතුකෝරල කියන කෙනාට එසේ ලැබුන 'ප්‍රතිචාර' එක්ක ආපසු යන්න ලැබුණේ නැහැ. වෙනස එච්චරයි. මම හිතන්නේ නැහැ ඔහු ආපසු යන්න හිතාන ආව කියලත්. සටනේ ස්වරූපය ගැන හිතෙන කොට.

මම හිටියෙත් අරගලය පැත්තේ. අරගලයට ගැහුවම අපිටත් ඒක දැනුන. මකල නැත්නම් හැමෝගෙම ටයිම් ලයින් එකේ පස්සට ගිහින් බලන්න. එතකොට තමන් හිටිය තැන මතක් වෙයි.

ඔය හැමෝටම ආයිත් නටන්න අවස්ථාව හදල දුන්නේ රනිල් වික්‍රමසිංහ. ඒකත් අමතක කරන්න හොඳ නෑ. ඔහු තීරණාත්මක තැනකදී අරගලයට එරෙහි වෙනවා. දැන් ගොඩක් අය පෝස්ට් ෂෙයා කරන්නේ මැරිලා ඉපදිල වගේ.





(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අමරකීර්ති අතුකෝරල එදා කොළඹ ආවේ ෂොපින් යන්නද? | Mahesh Hapugoda | The Leader