The Leader News
BREAKING
Top Ad
Opinion

රෙද්දෙන් වහපු යකඩ යකා... | Mahesh Hapugoda

T

The Leader Desk

February 21, 2026 • 8:51 AM

 රෙද්දෙන් වහපු යකඩ යකා... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුරෝපීයන් ලංකාවට මුලින්ම දුම්රිය ගෙනාවට පස්සේ ඒක බලන්න පාර දෙපැත්තේ කට්ටිය පොරකෑව කියල මම අහල තිබ්බ. ඒ වගේම ඒ ගෙනාපු ඒ 'අමුතු යන්තරේට' නමක් අපිට නොතිබ්බ නිසා ඒකට 'යකඩ යකා' කිව්ව කියලත් මම අහල තිබ්බ.
  • ඇතැම් විදියකට දෙවියන් එක්ක හිටපු යුරෝපෙම ඇතැමුන්ට තිබ්බෙත් නැහැ.
  • මේ මිනිස් ඥානය ලබාගත්තු ස්වයංක්‍රීය බව ඔවුන් දැනගෙන හිටියේ නැහැ.
  • ජේම්ස් වොට් (1776)   හැබැයි මේ 'යකඩ යකා' මේ විදියට උනේ කොහොමද කියන එක ගැන පරිණාමීය අදහසක් යුරෝපෙට තිබ්බ.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙවියන්ගේ උදව්වකින් තොරව හෝ දෙවියන් විසින් නිර්මාණය කරපු මිනිසුන් හෝ සතුන්ගේ සෘජු බලයකින් තොරව තමන් විසින්ම දුවන ඒ ස්වයංක්‍රීය (automated) යන්ත්‍රය පුදුමයක් වෙන්න ඇති ඒ වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට.

ලංකාවේ නෙවෙයි 'මේ යන්තරේ' නවත්වා ගන්න බැරි වෙයි සහ ඒ නිසාම නොනවත්වා ගිහිල්ල අන්තිමට අපායට යයි කියල ඒ වෙලාවේ යුරෝපයේ මිනිස්සුත් බයවෙලා තියනවා.

කොහොම හරි මේ 'අමුතු යන්ත්‍රය' තේරුම්ගන්න (ඥාණනය කරන්න) අවශ්‍ය පසුබිමක් අපිට තිබ්බේ නැහැ. ඇතැම් විදියකට දෙවියන් එක්ක හිටපු යුරෝපෙම ඇතැමුන්ට තිබ්බෙත් නැහැ. මේ මිනිස් ඥානය ලබාගත්තු ස්වයංක්‍රීය බව ඔවුන් දැනගෙන හිටියේ නැහැ. ඒක පුදුමයක් එක අතකට.
The classic pic of Watt the romantic haired inventorජේම්ස් වොට් (1776)

 හැබැයි මේ 'යකඩ යකා' මේ විදියට උනේ කොහොමද කියන එක ගැන පරිණාමීය අදහසක් යුරෝපෙට තිබ්බ. ඇරිස්ටෝටල්ගේ සිතුවිලි, රෝමයේ අත්හදා බැලීම්, ඩාවින්සිගේ සැකිළි සිතුවම්, තෝමස් නිව්කොමන් කියන ක්‍රිස්තියානි පූජකයාගේ මුල්ම වායුදහන එංජිම (ආකරවල තියෙන වතුර ඉවත්කිරීම වෙනුවෙන් යොදා ගත්ත -1712) සහ අවසානයේ ජේම්ස් වොට්ගේ (1776) ද්විත්ව ක්‍රියාකාරී පූර්ණ දහන එංජිම යන මේ හැම දෙයක් ඔස්සේම යුරෝපීය පුනරුද මනුෂ්‍යත්වය මේ පරිණාමීය ක්‍රියාවලිය ගැන මානසික අදහසක් ලබාගත්ත.

 

පස්සේ තමයි යුරෝපය මේක කෝච්චියට සෙට් කළේ. ඒ වෙද්දී 1784 වගේ වෙලා. අපිට මේක එන්නේ තවත් පස්සේ. ඒකට තමයි අපි 'යකඩ යකා' කිව්වේ. මේ වෙද්දී 1864 අවුරුද්දත් ලබල.

 ඉතිං ඔය යකඩ යකාගේ මොකක් හරි අවුලට පෙනුන 'ලිංගික කෑල්ලක්' තියෙන්නත් ඇති. අනික යකා දිහා බලන හැටියටනේ පෙනෙන්නේ. යකෙක් එක්ක ආපු ලිංගික ෆැන්ටසි අපේ සමාජයේ තිබ්බනේ. ඉතිං ළමයින්ගේ ඇස් රෙද්දෙන් වහන්නත් ඇති.


මුලින්ම ඒක තේරුම්ගන්න බැරි යථක් (the Real) වෙන්න ඇති. දකින දේ පැහැදිලි කරන්න වචන තියෙන්න නැතුව ඇති. හැබැයි දැන් අපි වචන සහ සංකල්ප හොයාගෙන තියෙනවා දේවල් තේරුම්ගන්න.

 යුරෝපය වගේ අපිත් දැන් යකඩ යකාට බයවෙලා යකාගේ අහවල් එක රෙද්දෙන් වහල දැන් සියවස්ම දෙකක් හිහිල්ල. හැබැයි සංඝ සමාජයේ ඇතැමුන් තවමත් ඉන්නේ යකඩ යකා ළඟ. 1864 ඒ යකඩ යකා දැක්ක සහ පුදුම වෙච්ච ලාංකික ගැහැණිය ළඟ. රෙද්දෙන් වහපු ඒ දරුවා ළඟ. ලාංකික ගැහැණිය තවමත් ආසයි ඒ තමන් ගැන අතිශයින් පැරණි සම්ප්‍රදායික අදහසක් තියෙන පිරිමියාගෙන් බණ අහන්න.

 

දැන් අපි කතාකරන්නේ ඩිජිටල් ලෝකේ පසු මිනිසෙක් ගැන. ඒ නිසා රෙද්දෙන් වහපු කාලෙට වඩා දැන් අපි ඉදිරියක් ගැන හිතන්න ඕනි. මේ තියෙන්නේ සියල්ල නිරාවරණය වෙමින් පවතින ලෝකයක්. ඒකෙ සීමාවල් අපි දකින්නත් ඕනි. හැබැයි දැන් රෙද්දෙන් වහන්න බැහැ.

මම හිතන්නේ ලාංකික සංඝ සමාජය යකඩ යකා රෙද්දෙන් වහපු තැනින් ගොඩක් එළියට එන්න ඕනි.



Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...