The Leader News
BREAKING
Top Ad
Opinion

ඔක්ස්බ්‍රිජ් ගිය නාමල්... | Mahesh Hapugoda

T

The Leader Desk

February 25, 2026 • 4:25 PM

ඔක්ස්බ්‍රිජ් ගිය නාමල්... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාමල්ගේ ලන්ඩන් ගමන සහ ඔක්ස්බ්‍රිජ් දේශන අවලංගුවීම ගැන විටින් විට මිලින්ද රාජපක්ෂ මහත්තය ලයිව් ඇවිල්ල පැහැදිලිකිරීම් කරනවා.
  • දැනුත් යම් ඇවිස්සීමේ - ඇවිලවීමේ භාෂාවක් සහ ශරීර දේශපාලනයක් මේ හැමදේම ඇතුලේ පේන්න තියනවා.
  • ඒ කියන්නේ ඉවරම කරලා පොළොවෙන් අතුගාල දානකම් නින්දයන්නේ නැති ගතියක් ඒ භාෂාව ඇතුලේ පේන්න ගන්නවා.
  • ඇත්ත සාමයක්, සංහිදියාවක්, සංකතනයක්, බලය සහ අනන්‍යතාව ගැන නැවත සලකාබැලීමක් වෙන්න ඕනි කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ එක්කම කියනවා මේ වෙලාවේ කොටි දිනුව කියලත්. ඒ අස්සේ 'කොළඹ කොටි දිනුව' කියල හින්ටුත් ගහනවා.

දැනුත් යම් ඇවිස්සීමේ - ඇවිලවීමේ භාෂාවක් සහ ශරීර දේශපාලනයක් මේ හැමදේම ඇතුලේ පේන්න තියනවා.

ඒ වගේම යුද්දේ දිනුවට සම්පුර්ණයෙන් කොටි පැරදුණේ නැහැ කියලත් කියනවා. දේශපාලනික ආර්ථික සහ ගෝලීය තලයේ කොටි තාම ඉන්නවා කියල ලන්ඩන් වලට ආවම දැනෙනවා කියලත් කියනවා. ඒ කියන්නේ ඉවරම කරලා පොළොවෙන් අතුගාල දානකම් නින්දයන්නේ නැති ගතියක් ඒ භාෂාව ඇතුලේ පේන්න ගන්නවා.

එහෙම අධිපති අදහසක ඉන්න දේශපාලන පක්ෂයක් තමන්ට ඕනි දෙයක් ලෝකේ ඕනෑම තැනක කරනකල් ඩයස්පරා කට්ටිය නිකම් උඩ බලාගෙන ඉන්න ඕනි වගේ අදහසක් දරන එක මට හිතාගන්න බැහැ. අධිපති කියන්නේ එහෙම හිතන එකට තමයි එක අතකට.

මේ ප්‍රවේශය මේ යුගයේ දේශපාලනයද කියන ප්‍රශ්නේ අපි එයාලගෙන් අහන්න ඕනි මේ මොහොතේ.

යුද්දේ දිනුවා කියන එක සාර්ථක අදහසක් නෙවෙයි කියන එක තමයි අපිත් අවුරුදු දහයකට පහළොවකට කලින් කිව්වේ. කොටි පැරැද්දුවා කියල මේ ප්‍රශ්නේ ඉවරවෙන්නේ නැහැ කියල. ඇත්ත සාමයක්, සංහිදියාවක්, සංකතනයක්, බලය සහ අනන්‍යතාව ගැන නැවත සලකාබැලීමක් වෙන්න ඕනි කියල. මේ ආණ්ඩුව යම් ආකාරයකට ඒක සඳහා ආරම්භයක් අරන් තියනවා. අවම වශයෙන් සුළු ජාතීන්ට ඔලුව කෙලින් කරගෙන මහා ජාතියට යටත්වෙන්නේ නැතුව ඉන්න යම් අවකාශයක් හදමින් ඉන්නවා. ඒකට මිලින්ද කියන්නේ 'කොළඹ කොටි' ඉන්නවා කියල.

මට තාමත් මේ නාමල් ඔක්ස්බ්‍රිජ් දේශන කතාවේ නාට්‍යමය ගතියක් පේන්න තියනවා. මම කියන්නේ නැහැ කොහෙත්ම දෙමළ ඩයස්පරාව මුකුත් කළේ නැහැ කියල. අනික උන් අපිට ඕන දෙයක් කරන්න දීලා නිකම්ම නිකම් පකිස් බූරුවෝ වගේ ඉඳියි කියල මම හිතන්නෙත් නැහැ. උනුත් උන්ට පුළුවන් හැටියට පුළුවන් තැන්වල 'දේශපාලනය' කරනවා. ඒක ඔය ඉන්විටේෂන් එක එනකොටම නාමල් මහත්තය දැනගන්න ඕනි. මොකද එයාගේ තාත්තටත් එහෙම උනා කියල කට්ටිය කියනවා. ඊයේ පෙරේද ටිල්වින්ටත් එහෙමම උනා. එහෙම උනා කියල ටිල්වින් පැයෙන් පැයට ලංකාවට ලයිව් දෙන්න ආවේ නැහැ. ඇත්තටම ඒ ගැන ලොකුවට කතාකරේවත් නැහැ. ඒක නාට්‍යයක් කරගත්තේ නැහැ. දරාගෙන හිටිය. ඒක එහෙම වුනා කියල ඒ නිසාම දැන් කරන වැඩේ අවුල් කරගත්තේ නැහැ.

ඇත්තටම ජවිපෙ ඇතැම් තැන්වලදී ගොඩක් අය පසුකරගෙන ගිහිල්ල කියල දැන් හැමෝටම පේන්න ඕනි.

මම කියන්නේ ඔය ඉන්විටේෂන් එක එනකොට හිතුවේ නැද්ද මෙහෙම ප්‍රශ්නයක් ඔය කියන 'කොටි' දායි කියල? එතකොට මොනවද කරන්නේ කියල තාන්ත්‍රික පුරෝකතනයක් තිබ්බද? ඇත්තටම ඔය කියන සංගමේ (නිල එක වේවා නිල නැති එක වේවා කොයි සංගමයක් හෝ වේවා) තරුණියට කිව්වේ නැද්ද ඔයාල මට මේ අවස්ථාව දෙන්න ගිහිල්ල ලොකු ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. කැම්පස් එකෙත් දෙමළ අයත් ඉන්නවා ඇති නේ...ඒ නිසා වෙන කෙනෙක් හොයාගන්න කියල.
එහෙම කියල මේ මුළු නාට්‍යයම අවසන් කරන්න තිබ්බ.

නමුත් එහෙම නොකියා ආව චාන්ස් එකෙන් උපරිම වාසිය ගන්න හැදුවා වෙන්නත් පුළුවන්. ඒකත් දේශපාලනය තමයි. වගේම තමයි දැන් හදන්නේ ඒක නැතිවෙච්ච එකේ දේශපාලන වාසිය ගන්න. මේ පැයෙන් පැයට කොටි ඉන්නවා කොටි ඉන්නවා කිය කියා ලයිව් ගැහිල්ල ඒ වගේ එකක්.

අනික මගේ ගට් ෆීලින් එක තමයි නාමල් අනිවා කතා කරන්නේ යුද්දය පැත්තේ ඉඳගෙන. එතකොට කොහොමත් ප්‍රශ්න අහන්න පුළුවන් 'පරාජිතයා' පැත්තෙන්. ඇත්ත. එතකොට ගැටුමක් වෙන්න පුළුවන්. මම අහන්නේ ඒ ගැන තක්සේරුවක් තිබ්බද කියන එක.

අනික ඒ වෙලාවේ වගේම දැනුත් ඒවා ඛේදජනක මානව ඉතිහාසයක හැලහැප්පීම් පිළිබඳ ප්‍රශ්න. මම හිතන්නේ නැහැ පොහොට්ටුවේ කෙනෙක් ඒ ගැන සංවේදී බවකින් (පරාජිතයාගේ වේදනාව පැත්තෙන්) ලෝකයේ වේදිකාවක කතාකරයි කියල.

කොයි විදියට ගත්තත් මේ වැඩේ ඇතුලේ පොඩි ලාබ නාට්‍යමය බවක් පේන එක මගේ අවුලක් වෙන්නත් පුළුවන්. හැබැයි මට පෙනෙන්නේම එහෙම.

Image@මිලින්ද රාජපක්ෂ FB

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...