The Leader News
BREAKING
Top Ad
Opinion

හල්දුම්මුල්ලේ විජිත... | Mahesh Hapugoda

T

The Leader Desk

March 8, 2026 • 9:40 AM

හල්දුම්මුල්ලේ විජිත... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විජිත හේරත් ඉන්දියාවේ මොකක්ද මඟුලකදි අවුලට ඉංග්‍රීසි කතාකලාට දැන් සිලින්ඩර් සජබ සහ පොහොට්ටු අය ඔජවඩමින් හා හා දානවා මම බලාගෙන. ඒ වගේම රටේ නම්බුවත් නැති වෙනවලු. බම්බුව තමයි. රටේ නම්බුව නැතිවෙලා දැන් කොයි කාලයක් වෙනවද...
  • ඉතිං මිනිස්සු ඉංග්‍රීසි සහ පොෂ් බව කැපකරලා තමයි අනුර විජිත හඳුන් ලාල්ල ගේන්නේ.
  • ඒ තමයි ගොඩක් අගනාගරික ප්‍රදේශයක් වන ගම්පහ ජනතාව.
අකුරු ප්‍රමාණය (Font Size):


මම හිතන්නේ එහෙම නෙවෙයි. විජිතට චන්දෙ දුන්නේ කවුද? ඒ තමයි ගොඩක් අගනාගරික ප්‍රදේශයක් වන ගම්පහ ජනතාව. කොළඹට ගොඩක් ලඟයි. සෑහෙන තරඟකාරී ප්‍රදේශයක්. විභාග ප්‍රතිපලත් හොඳයි. ඉන්නෙත් ගැමියොම නෙවෙයි.

ඇයි එයාල හෝදලා විජිතට චන්දෙ දුන්නේ? ඒ තමයි අර හොඳට ඉංග්‍රීසි කතා කරපු උං එපාවීම. උංගේ කෙරුවාවත් එපා වීම. තිත්ත වීම.

 

විශේෂයෙන් ඔය පාස්කු ප්‍රහාරේ වගේ එකක් ගැන අහනකොට රනිල් DW එකට දුන්න ඉන්ටවිව් එක අහන්න. ඉංග්‍රීසි දැනගත්තට මොකද මැරුණ මිනිස්සු ගැන කිසිම කැක්කුමකින් නෙවෙයි කතාකළේ. මිනිස්සු පැත්තේ ඉඳල නෙවෙයි කතා කළේ. හෙන ගැම්මෙන් උද්දච්ච විදියට අර මාධ්‍යවේදියාට තගදාගෙන කතා කළේ. හැබැයි හොඳ ඉංග්‍රීසියෙන්.

අන්න ඒ නිසා තමයි මිනිස්සු ඉංග්‍රීසි සහ බුර්ෂුවා හැසිරීම පැත්තකින් තියල හල්දුම්මුල්ලේ විජිතට චන්දෙ දෙන්නේ. කුරුඳුවත්තේ පොෂ් රනිල් ගෙදර තිබ්බේ.

හල්දුම්මුල්ලේ විජිත කියන්නේ අව-වරප්‍රසාදිත ඉස්කෝලෙකින් එන කෙනෙක්. රෝයල් ට්‍රිනිටි වගේ 'කොළඹට කිරි අපිට කැකිරි' බෙදුමේ කොළඹ අන්තයේ කෙනෙක් නෙවෙයි. ඉතිං මිනිස්සු ඉංග්‍රීසි සහ පොෂ් බව කැපකරලා තමයි අනුර විජිත හඳුන් ලාල්ල ගේන්නේ. කොළඹ එවුංගේ හැටි තේරුම්ගත්ත නිසා තමයි මිනිස්සු මේ ආවස්ථිත පිරිවැය දරන්නේ.

 


හල්දුම්මුල්ලේ විජිත එක් එක් අවස්ථාවල ලංකාවේ ඉහල පෙලේ ඇමතිකම් කිහිපයක් කරනවා. එක අවස්ථාවක ඔහු අගමැති තනතුර සඳහා උනත් තෝරපු නමක් උනා.

විජිතට ඉංග්‍රීසි චෝදනා තිබ්බට මෙතරම් කාලෙකට දූෂණ වංචා චෝදනා නැහැ (මම දන්නා තරමින්). අර මොක්කුද එවුං වගයක් සල්ලිවලට හොඳම සංචාරක ඇමතිකම වෙනුවෙන් සම්මානයක් දෙන්න හදනකොට බැනලා එළවාගත්ත කියලත් මම නිව්ස් එකක් දැක්ක. සාමාන්‍යයෙන් එයාගේ ඇමතිවරයෙක් හැටියට පරිපාලන දුර්වලතා ගැන කියනවා මම අහලත් නැහැ. සංචාරක ඇමති හැටියට ඔහු හොඳයි කියනවත් මම අහගෙන.

ඒ කියන්නේ අපි මේ සටනේ යම් කොටසක් විජිත හරහා කරගනිමින් ඉන්නවා. හැබැයි පොෂ් කොටස නැහැ තමයි. ඊළඟ පාර ඒකත් හදාගමු. දැනට ඔහොම යං...

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...